( ජුඩ් සමන්ත සහ තිළිණි ද සිල්වා )
උත්සව සමයේ දිවයින පුරා සිදු කරන ලද වැටලීම් 512 ක් මිනිස් පරිභෝජනයට නුදුසුසු ආහාර අලවි කළ ව්‍යාපාරිකයින් 1543 කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දිවයින පුරා ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කිරීමක් සිදුකර ඇත. එහිදී ව්‍යාපාරික ස්ථාන 25,600 කට වැඩි ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට තිබේ.
සංචාරක හෝටල්, සුපිරි අලෙවිසල්, සිල්ලර අලෙවිසල්, සංචාරක ව්‍යාපාරිකයින්,අවන්හල්,ඇතුළු ව්‍යාපාරික ස්ථාන ඒ අනුව පරීක්ෂාවට ලක්කර ඇත. එම ව්‍යාපාරික ස්ථානවල තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු රුපියල් 1,45,60,000 ක් වටිනා ආහාර තම බාරයට ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ, අලෙවි කිරීම සඳහා ප්‍රර්ශනය කර සහ ගබඩා කර තබා ගෙන සිටි ව්‍යාපාරික ස්ථාන 25 කට මුද්‍රා තැබීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ ව්‍යාපාරිකයින් අතරින් අධිකරණ හමුවේ නඩු පවරා මේ වන විට අවසන් වී ඇති නඩුවලින් පමණක් රුපියල් 27,65,500 ක මුදලක් දඩ මුදල් ලෙස රජයට අය වී ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද පී.එච්.අයි මහත්වරු හුඟාක්ම දක්ෂ නඩු දාන්නයි. දඩ ගහන්න පමණයි. නුසුදුසු ආහාර ගැන එසේ කිරීම හොඳ දෙයක්... එසේ වුනත් කලින් කලට වැඩමුළු තියලා, වෙළෙන්දන් දැනුවත් කොට, මේ වැඩේ මීට හොඳින් කරන්න පුළුවන්. එතකොට පොලීසිය නැතිව ගියත් ගුටි කන්න වෙන්නේ නැත. දඩ මුදලින් කොටසක් ලැබෙන නිසා බොහෝ නිලධාරීන් මෙවැනි වැටලීම්වලට දක්වන්නේ දැඩි උනන්දුවක්. කලකට ඉහතදී දකුණේ නිල්වලා ගඟ අවට බඩේ අමාරුවක් පැතිරුණා. මේ අය කිසිඳු පරීක්ෂණයක් නොකර දෙනියාය, කොටපොල, මොරවක, අකුරැස්ස හා තවත් ප්‍රදේශවල වෙළඳසල් වල තිබූ මස්, මාළු ආදී බොහෝ දේ භූමිතෙල් දමා වළලා දැමුවා. එහෙත්, බඩේ අමාරුව පැතිරුනේ ගඟේ ඉහළ සිටි පිරිස් ජලයට අසූචි මුසු කළ නිසා බව පසුව සොයා ගත්තා. කෝටි ගණනක ආහාර නිකරුනේ වළලා දැම්මා. මෙන්න මෙහෙමයි මේ අයගේ වැඩ. මේ අයගේ සමහර වැඩ ගැන මා ලෝක සෞඛ්‍ය සංවිධානයේත් අවධානය යොමු කරවූ අවස්ථා තිබෙනවා.