(ටී.කේ.ජී.කපිල )
දෙඇසම අන්ධ වූ 58 හැවිරිදි ගෘහ සේවිකාවක් උඩ ඇඳුමක් පමණක් අන්දවා සෞදි අරාබියේ සිට ශ්‍රී ලංකාවට එවා තිබූ බව කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශිකාවක පැවසුවාය.
ඇය කුරුණෑගල පිලැස්ස මඩව ප්‍රදේශයේ පදිංචිකාරිනියක වූ දුරයලාගේ ඤාණවතී නැමති ගෘහ සේවිකාවයි.
වසර 18 ක් එක දිගට සෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිට ඇති අතර, එම කාලය තුළ ඇය ඉතිරි කරගත් හෝ උපයා ගත් කිසිවක් නොමැතිව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිට මෙරටට එවා තිබිණි.
එහිදී ඇයට අබායා නැමති උඩුකය ඇදුමක් පමණක් අන්දවා ශ්‍රී ලංකාවට එවීමට සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පියවර ගෙන තිබීම කනගාටුදායක පිළිකුල් සහගත ක්‍රියාවක් බව එම ප්‍රකාශිකාව පැවසුවාය.
පසුව ඇයට අවශ්‍ය ඇදුම් සියල්ලම කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබාදීමට කටයුතු කර තිබිණි.
මේ අතර ඇයගේ සැමියා 2005 වසරේ දී ඇය පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති නිසා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හමුවේ පැමිණිලි කර තිබූ අතර, ඒ පිළිබඳව විදේශ සේවා කාර්යාංශය යැවූ ලිපි වලට, ඔහු ඉදිරිපත් කර තිබූ ලිපිනයට ලිපි යොමු කළද , ඒවාට පිළිතුරු නොලැබීම නිසා , ඒ පිළිබඳව ලිපි ගොනුව එම වසරේදීම වසා දැමීමට කටයුතු කර තිබිණි .
ඇයගේ නිවසට ඇරලවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කළ අතර එහිදී ඇයගේ සැමියා වෙනත් කාන්තාවක විවාහ කරගෙන සිටි බවත් ඇයගේ දුව සහ පුතා සාමාජීයය වශයෙන් ව්‍යසනයට පත් වී සිටියහ.
එම නිසා ඇයව අසල්වැසි ඥාතියකු වෙත බාරදීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පියවර ගෙන තිබිණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර 18ක් එකදිගට සෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිට ඇති අතර, එම කාලය තුළ ඇය ඉතිරි කරගත් හෝ උපයා ගත් කිසිවක් නොමැතිව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිට මෙරටට එවා තිබිණි. සේවා දායකයා අන්තිමට ගෙවන මුදල් ගෙවලා... නැත්තම් මොනවද පඩි සල්ලිවලට කලේ ඇඳුමක්වත් අරන්දීලා නැද්ද මේවා ගැන සොයන්න.. තම තානාපති කාර්යාලයේ නිලධාරීන් ඉන්නේ..., අඩුගානේ ඇඳුමක් අරන් දෙන්නවත් සල්ලි නැද්ද තානාපති කාර්යාලයට... මෙහෙම තානාපති කාර්යාල මොනවටද? ඔක්කොමලා තානාපතියේ වැඩ කරන අය ලංකාවට ගෙන්නලා කාර්යාලය වහලා දාන්න...
මෙම ප්‍රවෘත්තියේ සඳහන් "සෑම කරුණක්ම නිවැරදි නම්" අප මොනතරම් දීන ජාතියක්ද? තානාපති කාර්යාලය යනු රට නියෝජනය කරන ස්ථානය වන අතර එමගින් තම රට පුරවැසියකුට මෙසේ සැලකුවා නම් එහි සිටින්නේ නිලධාරීන් නොව "අවජාතකයින්ය..". අප රටේ කාන්තාවන් මෙසේ තම පවුල් සංස්ථාව විනාශ කරමින් යන මෙම මහා පාපකර්මයට.." මීට පෙර සිටි සහ දැනට බලයේ සිටින" කිසිදු අම්බරුවෙකුට ගැලවීමක් නොමැති බව දන්වන්නෙමු. තවද තම භාර්යාව මෙසේ වහල් සේවයට පිටමංකර එමගින් ලැබෙන සොච්චම් මුදලින් බාල් නටන්නේ කවරෙක්ද යන්න නැවතත් අවංකව සිතා බැලිය යුතුයි. කෙසේ වෙතත් ලංකික කාන්තාවන් මෙසේ වහල් සේවයට යවා කාන්තාවන් හෑල්ලුවට ලක්කිරීම ඉතාමත්ම නින්දිත ක්‍රියාවකි.
කරුණාකර සෞදි අරාබියට ගෘහ සේවිකාවන් වශයෙන් කාන්තාවන් යැවීම නතර කරන්න. තානාපති කාර්යාලවල නිලධාරීන්ට පවා ඔය ගෘහසේවිකාවන් ගැන තොරතුරු හොයන්න. පුද්ගලික නිවෙස්වලට ඇතුල් වෙන්න අවසර නැත. ඕක මහා ම්ලේච්ඡ නීති තිබෙන රටක්..
දැන් තිබෙන සමාජ ව්‍යවසනයක් තමයි සමහර පිරිමි ගෙදර නෝනාව සල්ලි හම්බ කරන්න යොමු කර තමන් ඒ මුදලින් ජීවත් වීම... මේ අවිචාරී ක්‍රියාවට මුල් වුනේ පිටරට ගෘහසේවිකා රැකියා තමයි. මගේ ඥාති සොයුරියක් විවාහ වුනේ යෝජනාවකින්. මුලින් ආදායම් ඇති බව පෙන් වූ දැන් අගේ සැමියා රැකියාවක් නොකර ගෙදර ඉන්නවා මදිවාට ඔහුගේ අවිවාහක සහෝදරියන් දෙන්නා නඩත්තුවන්නේ මගේ ඥාති සොයුරිය දුක් මහන්සි වී කරන රැකියාවෙන්. මම ලංකාවේ පිරිමින් ගෙන් ඉල්ලන්නේ බිරිඳක් නඩත්තු කරන්න බැරිනම් කසාද බඳින්න එපා. තමන් අසනීප හෝ මන්ද බුද්ධික නෙවෙයි නම් ගෙදර නෝනාව විතරක් සල්ලි හොයන මැෂිමක් කරන්න එපා. අපේ රටේ කාන්තාවන් නමට හෝ කසාදය තියා ගත යුතුයි කියන සමාජ මතය නිසා මෙසේ අසාධාරණයට ලක් වෙනවා.
මේක දැකලා මට කඳුලු ආවා. ඇත්තටම වැරැද්ද අප රටේ අධ්‍යාපන ක්රමයේ කියලයි මට හිතෙන්නේ. අපි දවසින් දවසම පිරිහෙනවා. අපි යැපෙන්නේ මේ වගේ අය නිසා,.. නමුත් අපි සලකන්න දන්නැති ජාතියක්...
මම 2014න් පසුව සෞදියේ තියෙන තානාපති කාර්යාලයට යන්නේම නැත. එහි සිටින මනුස්ස වේශයෙන් සිටින කාලකන්නි හා ගැටීමට හැමදාම නොහැකිය. අසාධාරණය පෙන්නන්නට බැරි නිසා ඔවුන් හා ගැටීමෙන් මා ඔවුන්ගේ රාජඋදහසට ලක් වූවෙක්මි.
ලාංකික කාන්තාවන් මැදපෙරදිග රටවල ගෘහ සේවිකාවන් ලෙස යාම තහනම් කළ යුතුයි...
"නුඹ නොදී එතෙර රටටා.. දරු නොදී වහල්කමටා... දිවිපුදා තොප රකින්නම්... නොපුරා එමෙත් පෙරුම්දම්" රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පදවැලක් තමයි මුලුන්ම මතකයට නැගුනේ. අපේ මිනිස්සු මෙහෙම හිතනකම් මේ ව්යවසනේ නවතින්නේ නැහැ. මක්නිසාදයත් තානාපතිකාර්යාලවල ඉන්න වසලයින්ට රට ගැන, රටේ මිනිස්සු ගැන හැඟීමක් නැහැ. ආණ්ඩුවට දැක්මක් නැහැ අරාබියේ ගෙවල්වල ඉඳුල් හෝදන්න අපේ කාන්තාවන්ව යවන එක නවත්තන්න. අඩුම තරමේ වැඩපිළිවෙලක් හදනකම්වත් හොඳ කොන්දක්, හදවතක් සහ මොලයක් තියෙන රාජ්‍ය ත්‍රාන්තික නිලධාරීන් පිරිසක් පත්කරලා යවන්න.
කරුණාකර වගකිවයුතු බලධාරීන් මේ ගැන සොයා කඩිනමින් මෙම අසරණ වූ කාන්තාවට පිහිට වන්න. සියලු රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ අපේ (ජනතාවගේ) බදු මුදලෙනි. මෙවන් තානාපති කාර්යාලවල සිටින බත් කන හරක් මෙරටට ගෙන්වාගෙන සේවයෙන් පහකරන්න. මින් ඉදිරියටවත් සුදුසුකම් සහිත නිලධාරීන් මෙවැනි විශේෂ සේවාවන්ට බඳවාගන්න. ඉතා සෝචනීය තත්වය නම් මනුෂ්‍යයින්ට මනුෂ්‍යයන් කියා වත් සලකන්නට බැරි එවන් අමනුෂ්‍යයන්ට පදවි තානාන්තර දී අප බදු මුලින්ම නඩත්තු කරන්නට වීමයි. කරුණාකර මෙම නමට විතරක් ඇති තානාපති කාර්යාල වසා දමන්න. මොවුන් පත්කර යවා ඇත්තේ තම රටේ ජනතාවට සේවය කිරීමට මිස ලොකුකම් පෙන්වීමට නොවේ. එසේම මැදපෙරදිග රටවලට ගෘහසේවිකාවන් ලෙස ලක් කතුන් යැවීම සහමුලින් නවතා දමන්න. පිරිමින් පුහුණු කර ස්කිල්ඩ් වර්කර්ස් ලෙස වැදගත් රැකියාවන්ට යොමු කරන්න බලධාරීන්ට ඥානය පහළ වේවා !
ලාංකික කාන්තාවන් මැදපෙරදිග රටවල ගෘහ සේවිකාවන් ලෙස යාම තහනම් කළ යුතුයි..
ජනාධිපතිතුමනි, සෞදි අරාබියට හරිහැටි තානාපතිවරකෙු පත් කරන්න බැරිවීම නිසයි මෙහෙම සිදුවන්නේ.. ඒ හින්දයි පුරවැසිබවත් අහිමිව ආපසු එන්න වෙන්නේ...
ශ්‍රී ලාංකික අපිට අපේ රටෙන් පිහිටක් නැතිනම් කාගෙන් පිහිටක් යදින්නද?
පළමුවෙන්ම මේ කාන්තාවට උරුම වූ සංවේගජනක ශ්‍රී ලාංකිකයෙක් අතිශයින්ම කණගාටුවට පත්වෙනවා. අපි රටක් වශයෙන් එහි වගකීම බාරගත යුතුයි. ඒ අයට අවශ්‍ය රැකවරණය, ආරක්ෂාව අසහා සුබ සාධනය උදෙසා රජය මැදිහත් විය යුතුයි. ඒ ගැන කිසිම විවාදයක් තිබිය යුතු නැහැ. මේ පිලිඹඳව ජනාධිපතිතුමාවද අපි දැනුවත් කරමු. එහෙත් ප්රශ්නය නම් තවමත් අපි කාන්තාවන් මැද පෙරදිගට යවන්නේ ඇයි ? කියන කාරණයට පිළිතුරක් නොමැති වීමයි. අපි මධ්‍යම ආදායම් රටක් ලෙස පුරසාරම් දෙඩුවද තවමත් අපි යැපෙන්නේ අපේ කාන්තාවන් මැද පෙරදිග යවා නම් අපි මහත් ලජ්ජාවට පත්විය යුතු ජාතියක් නොවන්නේද? මෙතැනදී සෞදි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩ කරන , අපේ රටේ මිනිසුන්ගේ බදු වලින් පඩි ලබන අයද ලජ්ජා විය යුතුය. අනෙක විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවුරුදු ගානක් බලාසිට ලිපි ගොනුව වසා දැම්මේ කාගේ අවසරයකින්ද? මිනිස් ජිවිත සමග එසේ සෙල්ලම් කල හැකිද? විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඉන්නේද නිකම්ම නිකම් පඩි ගැනීමට රාජ්‍ය සේවයට පැමිණි අඳ බාලයන් රොත්තක් විය හැකිය. බුද්ධිය කලඳක් නැති රාජ්‍ය සේවයකින් රටටත් , ජාතියටත් ඇතිවන සෙතක් නැත.
මේකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ.. අපේ රටේ දේශපාලකයෝ. රටට ආදායමක් ලැබෙන නිෂ්පාදන ක්‍රියාවලි ගොඩනගන්නේ නැතිව අපේ රටේ කාන්තාවෝ ටික පිටරටවල යවලා හම්බ කරන එකනේ මෙච්චර කල් කරන්නේ...
ඇස් අන්ධ වී සිටින තන්තියට පිහිට විය හැකි වෛද්‍යවරයෙක් ලංකාවේ නැද්ද. ගහෙන් වැටුන කෙනාට ගොනා ඇන්නා වගේ වැඩක් තමා ඇයට සිදුවී ඇත්තේ. ඇයට අයත් සියලුම වැටුප් නීති මාර්ගයෙන් ලබාගත හැක.
මම නම් දේශපාලකයන්ටයි තානාපති කාර්යාල වලටයි දොස් කියන්න කලින් දෙහි කපන්නේ මේ කාන්තාවගේ සැමියාට. කාගේවත් බිරිඳක් පෝෂණය කරන්න මුලික වගකීම තිබෙන්නේ සැමියාට මිසක් පළාතේ මන්ත්‍රීට හෝ තානාපතිට නෙවෙයි. වැසිකිලි සෝදලා කුලී වැඩ කරලා හෝ තමන්ගේ දරු පවුල් රකින පිරිමින්ට මම හිස නමා ආචාර කරනවා.
අද තිබෙන අලුත්ම විලාසිතාව තමයි හරිහමන් ආදායම් නැති පිරිමි රැකියාවක් කරන කාන්තාවක් කසාද බැඳගෙන ජීවත් වීම. පිටරට යන ගෘහ සේවිකාව විතරක් නෙවෙයි වෙනත් උගත් වෘත්තීය කාන්තාවන් පවා ගෙදර නිකම් ඉන්න සැමියාව පෝෂණය කරන අවස්ථා මමත් දැක තිබෙනවා. මෙතන මහත්මියක් සඳහන් කළා වගේ කසාදය තියාගන්න හෝ දරුවන්ගේ කුසගිනි නිවන්න කියා තමන් මෙහෙම දුකකට පත් වෙනවා නම් මේ තත්වය ඉතා භයානකයි.
විදේශ ගතවන කාන්තාවන් අසරණ වීමට ප්‍රධාන හේතුවක් තමයි ඔවුන්ට ඉංගිසි දැනුමක් නැතිකම.
කරුණාකරලා තානාපතිවරයාගේ සිට පහළ තනතුර දක්වා සියලුම නිලධාරීන් ලංකාවට කැඳවා පරීක්ෂණයක් කරන්න. ඒ වගේම මනුස්සකම දන්නා පිරිසක් පත්කර යවන්න. මොකද අපේ රටේ අයට පිහිටවීමට සිටින්නේ තානාපති කාර්යාලයේ අය වේ.
මේ කාන්තාවගේ සැමියා 2005 දී විදේශ සේවා කාර්යාංශයට පැමිණිලි කලාලු.. බිරිඳ ගැන තොරතුරක් නැහැ කියලා. ලිපිනයට ලියුම් 2-3 ක් දාලා පිළිතුරු නැහැ කියල ෆයිල් එක වහල දාලා. එ්ක කරන්නද යකෝ 18000 ක් ගෙවලා ලියාපදිංචි වෙන්නේ විදේශ සේවා එකේ... මොන මගුලකට අපි ලියාපදිංචි වෙනවද මන්දා.. හෙන හතම තමා අපිට ඉල්ලන්න වෙලා තියෙන්නේ...
ශ්‍රී ලාංකික කතුන් මොනම රටක හෝ වහල් සේවයට යැවීම වහාම නැවැත්විය යුත්තකි. එසේම එවන් අයගේ ආර්ථික තත්වය නඟා සිටුවීමට පාලක පක්ෂයටත්, විපක්ෂයටත් අදහස් පහළ වේවා !!!