ටී.කේ.ජී.කපිල
වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි බලා රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
ඔවුහු මීගමුවේ පදිංචිකරුවෝය.
ඔවුන් රැගෙන ආ ගමන් මලු 06 ක රුපියල් 9,462,500 ක් වටිනා වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් 119 ක් තිබුණු බව රේගුව කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේගුවේ උකුසු ඇස් සහිත නිලධාරීන්ට මගේ ආචාරය!
ඔය අල්ලන ඒවාට මොකද වෙන්නේ?
මේ ශාකය රජයේ ගොවිපලවල්වල වගාකර හෝ පෞද්ගලික වගාකරුවන්ගෙන් රජය මිලදීගෙන පිටරට යවන්න බැරිද? හොඳ ඉල්ලුමක් සහ මිලක් තියෙනවා කියල පේනවා. ඉතින් ඇයි මිනිස්සුන්ව වැරදි දේ කරන්න යොමු කරනවා වෙනුවට රජය මැදිහත් වෙලා මේක නීත්‍යානුකූලව, පරිසරය හානි නොවෙන විදිහට, කැලේ කපනවා වෙනුවට වගාවක් විදිහට කරන්න දිරිනොදෙන්නේ තාමත්? අර ගංජා නීත්‍යානුකූලව වගා කරන්න යන එකේ, ඊට වඩා ගොඩාක් ලාභ තියෙන වල්ලපට්ටා වගා කරමු, හාද?