( 125 )
ලන්ඩන් නුවරදී පැවැත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අද (16) සිට නිලවශයෙන් ආරම්භ වීමට නියමිතය.
“පොදු අනාගතයක් වෙත” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුවේදී සෞභාග්‍යය, සුරක්ෂිතබව, සාධාරණත්වය, තිරසරබව යන අංශ යටතේ පොදු රාජ්‍ය මණ්ඩල රටවල අරමුණු සාක්ෂාත් කරගැනීම පිළිබඳ විශේෂ අවධානය යොමු වනු ඇත.
අප්‍රේල් 21 වැනි දා දක්වා එක්සත් රාජධානියේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙයි.
පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අවසන් වරට පවත්වන ලද්දේ මෝල්ටා රාජ්‍යයේ වන අතර දැනට එහි සභාපති ධූරය දරන මෝල්ටාව මෙවර සැසියේදී එම සභාපතිත්වය එක්සත් රාජධානීය වෙත පැවරීමට නියමිතය.
සමුළුවට එක්ව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල සංචාරය තුළදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වන තේරේසා මේ මහත්මිය හමුවීමට නියමිතය.
මීට අමතරව අමතරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සංසදය ඇමැතීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායකයෝ දවස් හයක් තිස්සේ කනබොන කතා පවත්වන කතා සාප්පුවක් විතරයි මේක. අඩුමගානේ මහා බ්‍රිතාන්‍යය තම යටත් විජිතයන්ට සාධාරණයක් කරන්න හෝ මහා බ්‍රිතාන්‍යයෙන් යටත් විජිත රටවල් තමන්ට වුණු අසාධාරණය වෙනුවෙන් සාධාරණයක් කරවා ගන්න කිසිම උත්සාහයක් හෝ උනන්දුවක් නැති විගඩමක් මේක.