(අංජුල මහික වීරරත්න)
මාතෘ භූමියට ආසිරි වැසි ඇද වැටී සොබාදහමත් පෙන්නුම් කරන්නේ අත්තෙන් අත්තට පනිමින් සිටි “චොහොර කුරුල්ලන්” 16 දෙනා ආණ්ඩුවෙන් ගිය සතුටයැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා පැවැසීය.
මහා වැසි ඇද වැටීමෙන් මව් බිමේ කිළිකුණු සේදී යන්නා සේම ආණ්ඩුවට පිළිලයක් වු 16 දෙනා ධුරින්භුත වීමෙන් ආණ්ඩුවේ කිළි සේදී ගිය බවද මන්ත්රීවරයා සඳහන් කළේය.
පිළිකා සෛල ඉවත් වු බැවින් දැන් නව ජවයකින් නැගී සිට ඉදිරි ගමනක් යන්නට ආණ්ඩුවට හැකි වන බවද මන්ත්රී නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට නම් දේශපාලකයන් පිලිලයක් වෙලා තියෙන්නෙ. කඹ අදිනවා කවුරුවත් රටෙ අනාගතය ගැන හිතන්නෙ නෑ..
පිරිසිදු චේතනාවෙන් රට පාලනය කිරීමට හැකියාව ලැබේවා
ඒ කතාව නම් සහතික ඇත්ත. දැන් ඔබතුමාලට කරන්න තියෙන්නේ ජනතාවට දුන් පොරොන්දු ඉටුකොට,හොරු අල්ලා පෙන්වීමයි. ඒ සදහා මෙතෙක් බාධා කල යම් අයෙක් නැවතත් බාධා කරන්නේ නම්,ජනතාවට ඒ බවද පවසා එම බාධාවන්ද ජය ගතහොත්, ඔබතුමන්ලා ස්ථිර වශයෙන්ම ජය ගනු ඇත.
දැන්වත් ඇද ඇද ඉන්නේ නැතිව අර හොරු ටික අල්ලලා වැඩේ පටන් ගත්තොත් නරකද?
අර දවස් 100 කරනවා කිව්ව වැඩ ටිකෙන් මුලින්ම පටන් ගමු.
මේ රටට ආදරේ කරන නායකයෝ තවම බිහිවෙලා නෑ. එහෙමනම් රට අද මේ වගේ අගාදයක තියේවිද
නිදහස ලබපු දා ඉඳලම අලුතින් ආණ්ඩු වෙනසක් වෙනකොටම දේශපාලන නායකයො කිව්වෙ ආණ්ඩුව පිරිසිඳු වුනා කියලා. නමුත් හැමදාම රට ණය වුනා.
බලමුකෝ ඉස්සරහට.
වහාම පොරොන්දු පරිදි හොරු ඇල්ලිය යුතු වේ
හොරු අල්ලන්න. ඔවුන්ගෙන් මුදල්ද අයකරගන්න. අපව බදුවලින් නිදහස් කරන්න.
සද්දේ විතරයි වැඩ නැහැ.
මඩ ගොඩකට කෙනෙක් ඇද වැටීමෙන් හෝ මඩ ගොඩකින් කෙනෙක් පිටවීමෙන් ඒ පුද්ගලයා පිරිසිදු වෙන්නේ නැහැ. මඩ හෝද ගන්නම වෙනවා.
ආණ්ඩුව හා රජය හා රට වැනසුවේ කවුද කියා දැන් රටම දනී ඉදිරියේ රටට සුභයි .
එතකොට මේ 16 දෙනාද මහ බැංකුව හොරා කෑවේ..පුදුමයිනේ එහෙම හොරකම් කරළත් විශ්වාසභංගයට අතත් උත්සපු එක.... ඒ මදිවට දැන් ආණ්ඩුවෙන් ඉවත්වෙලා වාපක්ෂයේ වාඩි වෙන්නත් හදනවා නේද? නලින් බණ්ඩාරට පිස්සුද? එහෙම නැත්නම් අපිට පිස්සුද?