එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්)
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය නැවත වරක් රසායනික අවි භාවිත කළ හොත් නැවත නැවතත් ප්‍රහාර එල්ල කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි නිකී හේලි අද (14) ආරක්ෂක කවුන්සිලයේදී පැවැසූවාය.
ඇමෙරිකාව ප්රමුඛ හමුදා සිරියාවේ ඩැමැස්කස් නුවර රසායනික අවි ඇතැයි සැක කෙරෙන ඉලක්ක වෙත මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ හදිසි ආරක්ෂක කවුන්සිල රැස්වීමක් කැඳවන්නැයි රුසියාව ඉල්ලා සිටියේය. එහිදි අදහස් දක්වමින් ඇමෙරිකා තානාපති නිකී හේලි එම අනතුරු ඇඟවීම කළාය.
“සිරියාවේ රසායනික අවි වැඩසටහන දුර්වල කළ බව අපිට විශ්වාසයි. අපි මේ පීඩනය දිගටම පවත්වාගෙන යනවා. සිරියානු රෙජීමය අපේ හැකියාව ශක්තිය සහ ධෛර්ය පරීක්ෂා කිරීමට තරම් මෝඩ වුවහොත් අපි දැනට වඩා පීඩනයක් එල්ල කරනවා. සිරියානු රෙජීමය නැවත වරක් විස වායු යොදාගත්තොත් ඇමෙරිකා එක්සත් ජනපදය එසැණින් ප්‍රහාර එල්ල කරනවා.” නිකී හේලි තවදුරටත් අනතුරු ඇඟවූවාය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න ඇමෙරිකාව සාමාන්‍ය වැසියන්ව මරනවෝ!!!
ඇමරිකාවේ ජනාධිපති ජාතිවාදී මැරයෙක් නිසා ලෝක සාමයට තර්ජනයක් එල්ලවෙන්න පුළුවන්. මම ට්‍රම්ප් සමාන කරන්නේ ඇඩොල්ෆ් හිට්ලර්ට.
අන්න ට්‍රම්ප් කියනවා ඇමෙරිකාවට සහාය දක්වමින්, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ද සිරියාවේ ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර එල්ල කළා කියලා නමුත් කැනඩාව, ඉතාලිය සහ තව රටවල් කීවේ සිරියාව රසායනික අවි භාවිතා කල බවට සාක්ෂි නැහැ කියලානේ. රුසියානු ජනාධිපති පුටින් පවසා තිබුණේ එම ප්‍රහාරවලින් සිරියාවේ රුසියානු හමුදා සොල්දාදුවන්ට අනතුරක් සිදුවුණේ නම් ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරන බවය. දෙන්න පුටින් මහතා ඇමරිකන්කාරයින්ට යන්න. දැන් අපිට තෙල් ගන්න ඩොලර් ඕනේ නැත. චීන යුඇන් වලටත් සව්දිය තෙල් දෙන්න ලැහැස්තී.
ට්‍රම්ප් මැතිතුමාගේ නායකත්වය ලෝකයටම ආදර්ශයක්. හැබැයි ත්රස්තවාදීන්ටද දිගටම ප්‍රහාර එල්ල කරන්න.
ඇයි පිටිගල මහත්තයෝ ඇමරිකන්කාරයා කියක් හරි ගෙව්වද ඩොනල් ට්‍රම්ප් ගැන වර්ණනා කරන්නේ. ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් තමයි ලෝකයේ දුප්පත් රටවල් විනාස කරලා ඒ රටවල සම්පත් හුරගෙන කන්නේ. ඒ රටවල් පවතින්නේත් දුප්පත් රටවල්වල ප්‍රශ්නයක් ඇති කලොත් විතරයි. මොකද රුසියාව ප්රමුඛ හමුදා හැමවෙලාවෙම පෙනී හිටියේ ඒ රටවල පවතින රජයේ හමුදාවලට පක්ෂව ත්රස්තවාදයට විරුද්දව.
පිටිගල මහත්තයෝ ඇමෙරිකන්කාරයා ඉරාක්වල ලිබියාවේ කල දේවල් මතක නැද්ද. ඇමරිකාවේ අයට කොහේ හරි රටකට ගහන්නේ නැතුව නිද්ද යන්නේ නැහැ. යුද්ද ඇති කරන්නම ඕනේ. මොකද දැන් චීන බඩුත් එක්ක තරග කරන්න බැරි නිසා ආයුධ විකුණලා සල්ලි හොයන්න ඕනේ. ඒකට යුද්ද ඕනේ කොහේ හරි දුප්පත් රටවල. එකට යුරෝපා රටවලුත් හවුල්.
පිටිගල මහත්තය, ඇමෙරිකාවේ මෑත ඉතිහාසයේ හිටපු එක නායකයෙක්වත් ත්රස්තවාදීන් නැතිවෙන්න ගැහුවේ නැහැ. ඕනෑම රටක ඉන්න ත්රස්තයෝ ලව්වා එම රටවල්වල නායකයෝ එලෙව්වා හෝ මැරුව මිසක්. අපේ රටේ වාසනාවට කොටියව ගහල ඉවර කරගත්ත. මේ වෙනකම් යුද්දේ තිබුනානම් මෙලහකටත් ඇමෙරිකන් හමුදාව අපේ රටේ.
ඉන්ටෙර් පොල් - ජාත්‍යන්තර පොලිසියට අමතරව සිටින තවත් පාතාලයේ කියමනක්.
ට්‍රම්ප් මහත්තයෝ, බමුණුආරච්චි උන්නැහේලා මොනවා කීවත් කමක් නැහැ. ගහන්න.. ඉරාකයට. පුටින් ගොයියට උණ ගැනෙන්නත් එක්ක !!!