අමල් වික්‍රමරත්න
ගාල්ල කොටුව ආසන්න මුහුදේ ගිලී තිබී කිලෝ 40 කට වැඩි බරක් සහිත පිළිමයක් සොයා ගැනීමට කිමිදුමරුවකු සමත්වී ඇත.
ගාල්ල කොටුව ආසන්න මුහුදේ කොරල්පර නැරඹීමට නිතර පැමිණෙන කරාපිටිය ජස්ටින්කන්ද ප්රදෙෂේ පදිංචි කමල් නමැති තරුණයකු සමග පැමිණි ඔහුගේ මිතුරකුට මෙම පිළිමය හමුවී තිබේ. මෙම පිළිමය මුහුදු වෙරළේ සිට අඩි 150-200 පමණ දුරකින් පැහැදිලි මුහුදේ මතුපිට සිට අඩි 5-10 පමණ ගැඹුරකින් මතුව තිබු බවත් පවසයි. පිළිමය දුටු වහාම තමන්ට බයක් දැනුනු බවත් ගොඩබිමට ගොස් ටික වෙලාවකට පසු ඇතිවූ කුතුහලය මත නැවතත් සිය මිතුරා සමග කිමිදී පිළිමය ගොඩට ගත බව කමල් අපසමග පැවසීය. දියේ සිට මුහුදු වෙරළට ගෙන ඒමේදී එතරම් බරක් ජලයේදී නොදැනුනත් මුහුදු වෙරළට ගැනීමට තමාට සහ මිතුරාට වෙහෙසක් දැරීමට සිදුවූ බව පවසයි.
මුහුදු වෙරළේ සිටම 119 දුරකතනයට ඇමතීමක් ගත්තත් එයට ප්‍රතිචාරයක් නොලද හෙයින් පිළිමය අමාරුවෙන් ගාල්ල කොටුව තුල පිහිටි සුධර්මාලය පන්සලට ගෙනවිත් එහි නායක හිමියන්ට භාර කර පොලිසියට සහ පුරා විද්‍යා අංශ දැනුවත් කරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලාසිටි බවත් පිළිමය සොයාගත් කමල් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමල් මහතා සහ මිතුරා සිදුකලේ ඉතාමත්ම ප්‍රසංසනීය කටයුත්තක්.ඔබ දෙදෙනාට අනේක වාරයක් ස්තුතියි.
මෙම පිළිමය බොහෝවිට 2004 වසරේ සුනාමියට හසුවී මුහුදට ගසා ගිය පිළිමයක් විය හැකි.
මේක මහා රාවණ රජතුමාගේ පිළිමයක්
මෙන්න සිරි ලක් මෑණියන්ගේ දරුවෝ. මේ වගේ දරුවෝ හදා පල්ලා. නිදන් හොරු හදන්නේ නැතිව.
119 වලට හොඳ ප්‍රචාරයක්!
නිදන් හොරු ඉල්ලනවනේ රට පාලනය කරන්න. සමහරක් අයට ඡන්දෙත් දෙනවා.
මෙයාට මූල්‍යමය ත්‍යාගයක් දෙන්න කටයුතු කළ යුතුයි.
පිළිමයේ බර මුහුද තුළදී අඩුවෙන් දැනෙන්න හේතුව උඩුකුරු තෙරපුමයි. අපි කප්පියක් යොදා තියෙන ළිඳකින් වතුර බාල්දිය ඉහළට අදිද්දි ජලය තුළදී අඩු බරකුත් ජලයෙන් ඉහළට වැඩි බරකුත් දැනෙන්නේ මේ ක්‍රමයටමයි.
මේවා පෞරාණික භාණ්ඩ අලෙවිකරන කූට වෙළඳුන්ගේ වැඩ... මේ සිමෙන්ති පිළිම මුහුදේ සහ ගංගා පතුලේ සඟවා තබා වසර කිහිපයකට පසු ගොඩගෙන විකුණනවා.
මේක සිමෙන්තියෙන් කළ පිළිමයක් කියලා තෙරුනේම නැද්ද?