තරිඳු ජයවර්ධන
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය දණ ගැස්වීයැයි කියන සිද්ධියට අදාළ පරීක්ෂණ තවම අවසන්ව නොතිබිය දී ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට යළිත් අධ්‍යාපන ඇමැතිකම ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ගය මෙතෙක් අවසන් වී නැතැයි ද, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශනයේ වාර්තාව තවමත් ලබා දී නැතැයි ද, එසේ තිබිය දී මහ ඇමැතිවරයාට යළිත් අධ්‍යාපන ඇමැතිකම ලබා දීම සදාචාර සම්පන්න නැතැයි ද එම ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
මැතිවරණ සමයේ මහඇමැතිවරයාගෙන් අධ්‍යාපන ඇමැතිකම ගලවා රංගනයක් කර ඇතැයි මින් පෙනෙන බව කී ස්ටාලින් මහතා විදුහල්පතිනියට සාධාරණයක් කරනවා වෙනුවට දසනායක මහතාට අධ්‍යාපන ඇමැතිකම ලබාදීම සම්බන්ධයෙන් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
බදුල්ල දෙමළ බාලික විද්‍යාලයේ විදුහල්පතිනිය සිය නිල නිවසට කැඳවා ඇයට බැණ දණගැස්වීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන දෙකක් පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සිරිසේන. කොලේ ඉරාගෙන ඇඟේ හලාගෙන මොනවද මේ කරන්නේ?
ඉතින් අධ්‍යාපන ඇමැති වෙන්න අවැසි ඉහළම සුදුසුකම් එතුමා ලඟදී සැපිරුවානේ. එහෙමනම් මොකටද විරුද්ධ වෙන්නේ?
අධ්‍යාපන ඇමැතිකම දෙන්න ඕනේ ඉගෙන ගත්තු කෙනෙකුටයි. මේ දේශපාලකයෝ රට විනාශ කරනවා.
උගත් කෙනෙකුට අධ්‍යාපන ඇමතිකම දීල වැරදිලාවත් ඔහු අධ්‍යාපනය දියුණු කරලා රටේ ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් උගත් බුධිමතුන් බවට පත් වුනොත් බොරු පොරොන්දු දෙන හොර මැර වංචා කරන දේශපාලකයන්ට මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැතුව යනවා , නුගත් කෙනෙකුට මේක දුන්නම රටේ අධ්‍යාපනය දිනෙන් දින පිරිහෙන කොට රටේ නුගතුන් වැඩි වෙන කොට ඔවුන්ව රවටා ඡන්දය ගැනීම පහසුවෙනවා , එම නිසා මොන ප්‍රශ්න ආවත් දේශපාලන ලොක්කෝ මොවුන්ට මේ තනතුරු දෙනවා.
මේකෙන්ම පෙනෙනවා අපේ රටේ දේශපාලන නායකයෝ කියන අයට රටේ මිනිසුන් ගැන කිසිම අවබෝධයක් නැහැ කියලා.
අපේ රටේ ආණ්ඩුවක් තියෙනවද කියආ හිතෙනවා මේ වෙන වැඩ දැක්කම...
ඉස්කෝලේ නොගිය, උගත්කම නැති, විදුහල්පතිනියන් දණ ගැස්වූ, පල් මෝඩයින්ට අධ්‍යාපන ඇමතිකම් දෙන එකම රට ශ්‍රී ලංකාවයි.