ප්‍රසාද් මුතුකුඩ
වසර 40 පමණ ආසන්න කාලයක් කාලයක් කුවේට් රාජ්‍යයේ සේවයේ නියුතුව සිටි ශ්‍රිලාංකික කාන්තාවක් එරට ශ්‍රිලංකා තානාපති කාර්යාලය මැදිහත්ව රජයේ වැඩිහිටි නිවාසයකට යොමු කිරීම සඳහා (15) උදෑසන මෙරටට එවා ඇතැයි කටුනායක ශ්‍රි ලංකා විදේශ සේවා කාර්යංශය පවසයි.
කුවේට් ගුවන් සේවයට අයත් කේ යු 356 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටි ඇත්තේ පානියන් දුවගේ ගුණවතී (72) වියැති තැනැත්තියකි.
ලංකාවට පැමිණෙන විට ඇයට නවාතැන් දීමට කිසිදු ඥාතියකු සොයා ගැනීමට අපොසත්ව ඇති බැවින් විදේශ කටයුතු අමාත්‍යංශය කරන ලද ඉල්ලීමකට අනුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කටුනායක ගුවන්තොටුපළේ කවුළුවේ නිළධාරිනියන්ගේ සහය ඇතිව මෙම කාන්තාව සමාජ සේවා දෙපාර්තමේන්තුවට අයත් මීරිගම සෙත් සෙවණ වැඩිහිටි නිවාසයට ගෙන ගොස් ඇරලීමට කටයුතු සළසා තිබුනි.
දෙපාවාරු නොමැති හෙයින් ගුවන්තොටුපළේ සත්කාරක සේවිකාවක් විසින් ඇයව රෝද පුටුවක තබාගෙන පැමිණිමේ පර්යන්තයට ගෙන විත් තිබු අවස්ථාවේදී ගුණවති මහත්මිය මෙලෙස පැවසීය.
‘‘මම කාසාද බැදලා ටික කාලයක් යන විට මගේ මහත්තයා මාව දාලා වෙන දීගයක ගිහින් හිටියා. ඒ වේදනාවත් එක්ක මම කුවේට් ගියා මට කාත් කවුරුත් නැහැ. වසර ගණනක් දුක් වින්දා. එහේ යුද්දේ කාලෙත් මම වැඩ කළා. පසුව කුවේට් ස්කෝලයක පිරිසිදු කරන්නීයක ලෙස සේවය කළා. ලැබුණු පඩිය කෑම නවාතැන් වලට වියදම් වුණා.
පොරොන්දු පඩිය ලැබුණේ නැති නිසා අතේ සල්ලියක් ඉතුරු වුණේ නැහැ ටික ටික මම මහළු වුණා. දනිස් දෙක අමාරු නිසා කකුල් පණ නැති වුණා. ඇවිද ගන්න බැරිවුණා. ඒත් පුළුවන් විදියට වැඩකළා. මට හැත්ත දෙකක් වුණා කුවේට්වල ඉන්න ලංකාවේ අය මට කන්න බොන්න දුන්නා ඒ අයට ගොඩක් පිං. ලංකාවට ගිහින් තමයි මිය යන්න ඕනෑ කියලා හිතුණා. කාරුණික මහත්වරුන් ගෙන් මම ඉල්ලන්නේ ලංකාවේ අපි වගේ කාන්තාවන්ට සාධාරණය බොහෝ විට මෙහිදි ඉටු වන්නේ නැහැ මට සල්ලිත් නැහැ දැන් හුස්ම ටික යනකන් සැනසිල්ලේ ඉන්න ලැබුණොත් ඇති යැයි ඇය වැඩිදුරටත් කීවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිහිටියන් තමන්ගේ අනාගතය ගැන වඩාත් සැලකිලිමත් නොවුනොත්,...
මෙවැනි දැන්වීම් දෙකක් දැක්කා. අපේ රටේ ජාතික ආදායමට විශාලම දායකත්වයක් විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙනවා. මෙලෙස අසරණ වන අය මේ දෙදෙනට වඩා ඇති කියල හිතෙනවා. ඔවුන් ගැන හිතලා එ් අයට රැකවරණය දීමට යම් ආයතනයක් ඇතිකරනවා නම් ඉතා වැදගත්...
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මීට වඩා වැඩ කරන්න ඕනේ. විදේශ සේවයේ ඉන්න අයත් දැනගන්න ඕනේ ලංකාවට සල්ලි එවන්නේ නැත්තම්, මොකටද පිටරට ගිහිල්ලා ඉන්නේ කියලා..
මෙහි ඇතුලාන්තය වෙනස් විය හැකියි. මෙම කාන්තාව ස්වාමියා වෙන විවාහයක් කරගත් බව කිව්වත් වැඩි දෙනා කරන්නේ මින් අනිත් පැත්තයි. විදෙස් ගතව ඉන්න වියපත් සමහර කාන්තාවන් කරන කියන දේ දැක්කම ලංකාවේ කියන්නත් ලැජ්ජයි. ලැබෙන මුදල් කෑමට පමණක් ප්‍රමාණවත් කියන එකත් පිළිගත නොහැක්කක්...