නව සඳ බැලීම
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 18 වැනි ඉරිදා ද අභිනව සූර්ය වර්ෂය සඳහා අපේ‍්‍රල් මස 20 වැනි සිකුරාදා දින ද සඳ බැලීම මැනවි.
පරණ අවුරුද්ද සඳහා ස්නානය
අපේ‍්‍රල් මස 12 වැනි බ‍්‍රහස්පතින්දා දින බෝ පත් යුෂ මිශ‍්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
අලූත් අවුරුදු උදාව
අපේ‍්‍රල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 08.13 ට සිංහල අලූත් අවුරුද්ද උදාවෙයි.
පුණ්‍ය කාලය
අපේ‍්‍රල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 01:49 සිට එම දා අපරභාග 02:37 දක්වා පුණ්‍ය කාලය බැවින් අපේ‍්‍රල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 01.49 ට පළමුව ආහාරපාන ගෙන සියලූ වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් අපේ‍්‍රල් 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 08.13 සිට අපරභාග 02.37 දක්වා පහත දැක්වෙන අයුරු වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත‍්‍ර විධි ඉටු කිරීම ද මැනවි.
ආහාර පිසීම
අපේ‍්‍රල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 10.40 ට නිල් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා හකුරු මිශ‍්‍ර බතක් ද තල මිශ‍්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය අපේ‍්‍රල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 11.53 ට නිල් වර්ණ වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලූ වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.
හිස තෙල් ගෑම
අපේ‍්‍රල් මස 16 වැනි සඳුදා පූර්ව භාග 10.16 ට උතුරු දිශාව බලා හිසට දිවුල්පත් ද පයට ඉඹුල් පත් ද තබා සුදු පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී තෙල් සහ දිවුල්පත් මිශ‍්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.
රැකී රක්‍ෂා සඳහා පිටත්ව යෑම
අපේ‍්‍රල් මස 19 වැනි බ‍්‍රහස්පතින්දා දින කහ හෝ රන් වන් පැහැති වර්ණ වස්ත‍්‍රාභරණයෙන් සැරසී හකුරු මිශ‍්‍ර කිරිබත් හා කැවිලි වර්ගයක් අනුභව කර පූර්වභාග 06.03 ට නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි.
සැ.යු. ඉහත සියලූ නැකැත් වේලාවන් පිළියෙල කර ඇත්තේ ශ්‍රී ලංකා සම්මත ඔරලෝසු වේලාවට අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල අලූත් අවුරුදු නැකැත් කමිටුව විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිත්‍යා දේවල්. අපි දන්නා තරමින් අවරුදු 60, 70 ට වැඩිය මේවා කරනවා. මොනවද රටට වෙලා තියෙන සෙතේ. අනික් රටවල මේවා නැ. එත් ඒ රටවල් දියුණු වෙලා.
කැමති අය චාරිත‍්‍ර කරන්න. අකමැති අය ගැරහීමෙන් වලකින්න.
මුලු රටම එක වෙලාවට එකම දෙයක් කරන එක ඉතා වැදගත් දෙයක්. පක්ශ පාට භේද නැතුව මේ කරන දේ නිසා හොදක් මිස නරකක් වෙන්නේ නෑ. මේ දේ ක්‍රීඩාවටත් අදාලයි. දිනල සල්ලි ගන්න එක විතරක් නෙවෙයි සහභාගි වෙලා සංවිධානය වෙලා යමක් එකට කරන එක දියුණුවේ ලක්ෂණයක්.
මිනිස්කම අගයන සමාජයන් ඒවායේ සංස්කෘතික වටිනාකම් රකිනවා. සුහදබව එකමුතුකම සහ විවිධත්වය අගය කරන මිනිසුන් චාරිත‍්‍ර කරමින් සන්තෝසයෙන් ඉන්නවා. සමහරු මුදලට ගත් සතුට ලබනවා. චාරිත‍්‍ර තුලින් මුදල් නොමැතිව සතුටින් කාලය ගෙවනවා. කලක් යනකොට මේවා නැතිවෙලා අලුත් අංග එකතු වේවි. දැන් සතුටින් ඉන්න.
12 වෙනිදා නෑවට පස්සේ ආයිත් නාන්නේ 16 වෙනි බ‍්‍රහස්පතින්දා... දවස් හතරක් .ලංකාවට මෙහෙම නොවී තියේවිද ?
14 වෙනි සෙනසුරාදා කියලනෙ මේ නැකැත්වල තියෙන්නෙ..
මේක තමයි හරිම නැකැත් සීට්ටුව.THANKS