තරිඳු ජයවර්ධන
නුවරඑළිය සීතාඑළිය රක්ෂිතයට මායිම්ව ඇති කටුමාන වනාන්තරයේ හෙක්ටයාර 2.3656ක් නිවාස ව්‍යාපෘතියට ලබා දීමට යන බව පරිසර හා සොබා දහම් මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි.
මෙය පාරිසරික සංවේදී ප්‍රදේශයක් බවත්, වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත අනුව මෙන්ම පරිසරික පනතට අනුව ද මෙවැනි බෙදීමක් කළ නොහැකි බවත් ආචාර්ය කාරියවසම් මහතා පවසයි.
පාසංසු සංරක්ෂණ පනත අනුව ද මෙය සංවේදී ප්‍රදේශයක් බව කියන කාරියවසම් මහතා මෙම මඩම්වලින් කොටසක් මිනින්දෝරු දෙපාර්තමේන්තුවට අයත් බවත්, මෙම ප්‍රදේශ එළි කළ නිවාස ව්‍යාපෘති හැදීම නායයෑමේ අවධානමක් ගෙන ඒමක් බවත් අවධාරණය කරයි.
ආණ්ඩුව අලුත් අවුරුද්දේ මෙවැනි දේවල්වලින් වැඩ ඇල්ලීම වහාම නතර කළ යුතු බව ද ඒ මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් මේ ආණ්ඩුවේ අයට ගහ කොළ, වනාන්තර ඇලජික්. හැබැයි මහා පරිමාණයෙන් කපන්න ඕන. උදැල්ලකට මිටක් කපන්න, බුලත් වැලකට ඉන්නක් කපන්න ගිහින් අහු වුනොත් සොරිම තමයි.
පරිසරය ආරක්ෂා කරගැනීම රජයක යුතුකම හා වගකීම වන්නේය. පරිසරය රැකුනොත් රට රැකේ. පරිසරය වැනසුනහොත්, රටද වැනසේ.
ගස්-කොළන්, සත්තු, පිරිසිදු වාතය, පිරිසිදු ජලය මේ හැමදේම අපේ රටින් වියැකිලා යන්නට ඇත්තේ තව වසර කිහිපයයි. මේ රට බොහොම ඉක්මනටම වැනසී යනබව ඒකාන්තයි. කිසිදු දේශපාලන පක්ෂයක් රටේ පරිසරය ගැන කතා නොකරයි. කිසිදු නායකයෙක් රටේ පරිසරය ගැන සුබවාදී තීන්දු තීරණ නොගනියි. මේ රට දේශපාලකයින්ගේ කෙරුවාවන් වලින් ඉක්මනින්ම බේරාගත යුතුව ඇත.
පස් ටිකක් වැලි ටිකක් ගහක් පේන්න බැහැ.මොනා වෙලාද මේ රටට.
හිටන් ආවේ පරිසරය රකිනවා කියලා. නමුත් දැන් බලය රැකගන්න සුළු ජාතීන්ට කඩේ යනවා.
මේ රටේ ඊලඟ පාලකයා විසින් ජනතාව වෙත දිය යුතු මූලික පොරොන්දු... එක පවුලකට සිටිය හැකි උපරිම දරුවන් ගණන දෙකක් විය යුතුයි.. තනි නිවාස වෙනුවට නිවාස සංකීර්ණ පමණක් ගොඩ නැගිය යුතුයි.. වනාන්තර සීමා ලකුණු කොට එක අඟලක්වත් අඩු නොවන ලෙස නීති පැනවීම.. මේ ටික හොඳටම ඇති
මේ යහපාලකයන්ට කැලෑ පාලුකරන එක මහවැඩක් නෙමෙයි. රටේ සංවර්ධනයත් විනාශ කරලා, පරිසරයත් විනාශ කරලා තමයි මේ පාලකයෝ ගෙදර යන්නේ. අද වෙනතුරුත් කලේ රට විනාශ කරන දෙයක් මිස කරපු සංවර්දනයක් රටේ ජනතාවට තවම දැනිලා නැහැ.
දැන් කවුද මෙතන නිවාස හදන්න යන්නේ?ඉඩම් නිදහස් කිරීම පිළිබඳ සාක්කි මොනවද?මිනින්දෝරු දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් වල පාරිසරික සංවේදීබව ගැන කියන දත්ත මොනවාද?නායයෑමේ අවදානම් කලාපයක් ලෙස ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් අනතුරු අඟවලා තියෙනවාද? ඒ මොනවත් නැතුව ඒකපාර්ශවිකව මෙහෙම කියන්නේ කොහොමද?
ගස් කොලන් කපල වනාන්තර එලි කරලා අලි කොටි වලස්සු නැති කරලා ලංකාව අරාබියක් වගේ දියුණු කරන්නයි මේ හදන්නේ.කොහෙද ක්‍රමවේදය තේරෙන එකක්යැ අපේ ඇත්තන්ට.
ජනපතිතුමනි, අඩුම තරමින් නොබියව මේ ඉතුරු වසර දෙකටවත් කොන්ද කෙලින් තියාගෙන වහාම පරිසර විනාශය නවත්වන්න. එහෙම කලොත් ඔබගේ නම ඉතිහාසයට එකතුවේවි. තවද මත් උවදුර සහ මැර උවදුර නැවත්වීමට නීතිය හා සාමය සරත් ෆොන්සේකාට දෙන්න.
දැනට ගෙවල් හදල තිබෙන ඉඩම්වල ගෙවල් හදන්න බැහැනෙ . ගෙවල් හදන්නත් අලුත් ඉඩම් අවශ්‍ය වෙනව. සඳහන්කරලා තිබෙන ඉඩම් ප්‍රමාණය හරි නම් මාර්ගවලට අඩුකරලත් ගෙවල් ලක්ෂයකට වැඩිය හදන්න පුළුවන්. හම්බන්තොට පැත්තේ අලි ඉන්න වනාන්තර එළි කරන කාලෙ මේ අය ගේ කටවල් අත් පා බැඳලා තිබෙන්න ඇති නේද ?
යන යක්කු කොරොස් බින්දගෙනම යන්න යන්නේ. ජාතික ප්‍රතිපත්තියක් එකේ පල විපාක. මහා එකා කිව්වා නේද කැළෑ කපන්න දෙන්නේ නැහැ කියල. එංගලන්තේ යන්න කලින් ඕව නවත්තල ගියොත් හොඳි. රටට හෙන වැදුනත් මොකද මට සවාරි ගහන්න ලැබෙනවා නම් නේද?
මේ වැස්ස නැතිව රටට වෙලා තියෙන විපත පේන්නේ නැද්ද?
ඔය ජනාධිපති පරිසර ඇමති වෙලා හිටිය නේද? එත් මොනවා කරන්නද ෂෝ එක රන් කරන්නේ අලි බබා සහ හොරු ටිකනේ. මහා බැංකුවට සුද්ද කරපු අයට, ඔය වනාන්තර සුද්ද කරන එක මහා කජ්ජක්ද ?
අපිට නිවාස ප්‍රශ්න නැත .එහෙත් නිවාස නැති අය ලක්ෂ ගණනක් සිටින බව ඉඩම් කච්චේරි පවත්වන විට රැස්වන මිනිසුන්ගෙන් පෙනියනවා.ඩී.ඇස්.සේනානායක අගමැතිතුමාගේ කාලයේ සිටම නොමිලේ ඉඩම් බෙදාදෙනවා.නමුත් තවමත් නිවාස නැති අය සිටිනවා.පසුගියදා මම පුවත්පත් මගින් දැක්ක මුතුරාජවෙලත් නිවාස ව්‍යාපෘතියක් සාදන්න ගිය එකක් තහනම් කර තිබෙනවා. මේවට නිකම්ම විරුද්දවිම නොවෙයි කලයුත්තේ විකල්ප ඉඩම් පෙන්වා දීමයි කලයුත්තේ ජනතා යහපත සඳහා.
පරිසරය සංවේදී උනාට දේශපාලුවෝ සංවේදී නැත.
ජනාධිපතිතුමා දැන් එතනට යන්න. ගිහින් ටිකක් පෙන්න ඇවිදලා ටීවී එකෙනුත් පෙන්නලා වහාම මම ඒක නැවැත්තුවා කියල ඕඩරයක් දෙන්න. ඔච්චර තමයි කරන්න තියෙන්නේ.
ගිය ආණ්ඩුවේත් විල්පත්තුව කැපුවා, යාල විනාශ කරා
අනේ දෙවියනේ ඔබල කොහෙද????? මේ කරන දේවල් කවද වෙනකම් බලාගෙන ඉන්නවද????? මුන්ට කියාදෙන්න අපි රැකෙන්නේ මේ පරිසරය රැක්කොත් කියනදේ....
මිනිස්සුන්ට ඕන දේශපාලකයෝ පත්කරගෙන තියෙන්නේ මිනිස්සුන්ට ඕන විදියට වැඩ කරන්න ... මේ දේශපලකයිනගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් මීට වඩා වැඩි දෙයක් බලාපොරෝත්තුවෙන්න බැහැ... ලංකාවේ අනාගතය ඉවරයි මෙච්චර ලස්සන රට නැතිකරනවා . මේක රාජ්‍ය නිලධාරී නැද්ද . ඔවුන් පොල් ගනවද ..
මේ රටට ගහ කොළ, සතා සිව්පාවා, ඇළ දොල, වතුර ඔක්කොම හොඳට මවලා ඒවා කාබාසිනිය කරන මිනිස්සුන්වත් මවපු එකනේ අරුමෙ කියන්නේ. වෙන රටවල මිනිස්සු පුළුවන් තරම් ගස් කොලන් පරිස්සම් කරනවා ඒකෙ තියෙන අගය තේරෙන නිසා. ඒකට අපේ රටේ.....