වොෂින්ටන්හිදීය (රොයිටර්)
සිරියාවේ සිටින ඇමෙරිකානු සෙබළු නැවත එරටට ගෙන්වා ගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවශ්‍ය වී ඇතැයි වාර්තා වේ.
ඇමෙරිකානු ජනාධිපතිවරයාට එසේ අවශ්‍ය වුවද ඇමෙරිකා සෙබළු දීර්ඝ කාලීනව සිරියාවේ සිටීම ඉතා වැදගත් යැයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් ඇමෙරිකානු ජනාධිපතිවරයාට ඒත්තු ගන්වා ඇතැයි ද වාර්තා වේ.
“ඇමෙරිකානු මෙහෙයුම අවසන් වී නැහැ. එහෙත් සිරියාවේ සිටින ඇමෙරිකානු එක්සත් ජනපද සෙබළු නැවත රටට ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වී තිබෙනවා” යැයි ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් සඳහන් කළාය.
“අයි.එස් සංවිධානය සම්පූර්ණයෙන් විනාශ කර එය නැවත ඇතිවීම වැළැක්වීම අපේ අරමුණයි. ඒ වගේම කලාපය ආරක්ෂා කිරීමේ අපට වගේම මිත්‍ර රටවලට, අපේ කලාපයේ මිත්‍ර රටවල් සහ පාර්ශවකරුවන්ටත් හමුදාමය හා මූල්‍යමය වගකීමත් තිබෙනවා” යැයි ද ඇය තවදුරටත් කීවාය.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වියට්නාම් වලින් පාඩම් ඉගෙන ගත්තා නම් වහාම ගෙදර ගෙන්න ගන්න. කොහෙවත් රටක් වෙනුවෙන් ඔබලාගේ මිනිස්සු බිල්ලට දෙන්නේ මොන එහෙකටද?