විකිරණ කාන්දුවක් නැහැ ඇමෙරිකන් හමුදාව, ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට සම්බන්ධ ගබඩා සංකීර්ණ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයෙන් පසු එම ගබඩා සංකීර්ණවලින් කිසිදු විකරණ කාන්දුවීමක් මෙතෙක් වාර්තා වී නැතැයි ඒ ගැන විමසිල්ලෙන් පසුවන සෞදිය පවසා ඇත. 22 June 2025
ඉරාන විදෙස් ඇමතිගෙන් චෝදනා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි ඉරානයේ න්‍යෂ්ටික ඉලක්ක තුනට එල්ල වූ ඇමෙරිකන් ප්‍රහාරය හෙළා දකිමින්, ඊශ්‍රායලය මෙන්ම ඇමෙරිකාව ද අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කරමින් තමන්ට ප්‍රහාර එල්ල කරන බවට ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි චෝදනා කරයි. 22 June 2025
මන්ත්‍රී රියදුරන්ටත් බංගලාවක් පාර්ලිමේන්තු රැස්වීම් දිනවලදී මන්ත්‍රීවරුන්ගේ රියදුරන් සඳහා දිවාකාලයේ තාවකාලිකව රැදී සිටීමට ස්ථානයක් සූදානම් කර දීමේ අවශ්‍යතාවය පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේදී සාකච්ඡා කෙරිණ. 22 June 2025
පසුගිය වසර පහේදී 550ක් ’’කරන්ට්’’ මාරයාට බිලි විදුලි සැර වැදීමෙන් සිදු වූ මරණ පන්සිය පනහක් පසුගිය වසර පහේදී වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. 22 June 2025
මැතිසබා සේවකයන්ටත් නුවරඑළියේ සැප ගන්න වරම් නුවරඑළිය මන්ත්‍රී නිවාඩු නිකේතනයේ (General’s House ) කොටසක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වෙන්කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර ඇත 22 June 2025
උතුරේ උසස් පෙළ විශිෂ්ටයන්ට ලක්ෂයක් දෙයි 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීම සඳහා ජනාධිපති අරමුදල විසින් ආරම්භ කර තිබෙන වැඩසටහන අනුව උතුරු පළාතේ 2023 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් ඇගයීම ඉරණමඩු නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී අද (22) පැවැත්විණි. 22 June 2025
අකුරැස්ස-දෙදියගලට නව සංචාරක කලාපයක් මාතර - අකුරැස්ස ප්‍රදේශයේ දෙදියගල ආශ්‍රිතව නිල්වලා ගංගා ද්‍රෝණිය කේන්ද්‍රය කර ගනිමින් නව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරිමට රජය තීරණය කර තිබේ. 22 June 2025
‘රජය ඉන්ධන- බලශක්ති මාෆියාවේ ගොඳුරක් වෙලා‘ ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ මාලිමා රජය පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර පවතින ඉන්ධන මාෆියාව වෙනස් කර ක්රමයේ වෙනසකට යන බවට පොරොන්දු වුවත් ඉන්ධන බලශක්ති මාෆියාවේ ගොදුරක් බවට රජය පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 22 June 2025
‘බස් ලයිසන් පිට පාරේ දීලා‘ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අන්තර් පළාත් මාර්ග සඳහා බලපත්‍ර පහක් නීතියට පිටින් නිකුත් කර ඇතත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 22 June 2025
ග්‍රාමිය මාර්ග 1800 ක් සංවර්ධනය කරනවා ග්‍රාමිය මාර්ග 1800ක් වසර අවසන් වීමට පෙර සංවර්ධනය කරන බව ප්‍රවාහන, මහමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 22 June 2025
කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා පත්කර ඇත. 22 June 2025
සුව ඇමති සිංගප්පූරුවේ ලොකුම සෞඛ්‍ය සේවා ලොක්කන් හමුවෙයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සිංගප්පූරුවේ විශාලතම සෞඛ්‍ය සේවා ආයතන සමූහය සහ රජයේ රෝහල්, ජාතික විශේෂිත මධ්‍යස්ථාන මෙන් ම බහු සායන ජාලයකින් සමන්විත Singhealth Duke-NUS ගෝලීය සෞඛ්‍ය ආයතනන නියෝජිත කණ්ඩායමක් අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 22 June 2025
කිරිඇල්ලේ ත්‍රිරෝද රථ රියදුරු ඝාතකයා කොටුවෙයි කිරිඇල්ල මැද-ගලතුර කෝට්ටබන්ඩාව වතු නිවාස ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ ත්‍රී රොදරථ රියදුරෙකුට පිහියකින් ඇන කපා කොටා ඝාතනය කර ඔහු සතු රුපියල් 25,000ට ආසන්න මුදලක් රැගෙන පලාගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව කිරිඇල්ල පොලීසිය පවසයි. 22 June 2025
බඹරු ඇන සිසුන් 50 ක් රෝහලේ මිද්දෙණිය ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වා ගෙන යන දහම් පාසැලක සිසු සිසුවියන් 50 දෙනකුට පමණ අද (22) බඹර ප්‍රහාරයක් එල්ලවී ඇතැයි පොලිසිය කියයි . 22 June 2025
‘‘ප්රහාරයන් අති සාර්ථකයි‘‘ ඉරාන රෙජිමයට අයත් නටාන්ස්, ඉස්ෆහාන් සහ ෆෝඩෝ යන ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුන වෙත ඇමෙරිකානු හමුදා සාර්ථකව ප්‍රහාර එල්ල කළ බවත් ඉරානය සතු යුරේනියම් බල ගැන්වීමේ හැකියාව නැති කිරීම සහ ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන ලොව ප්‍රධාන රට ලෙස ඉරානයෙන් ලෝකයට එල්ල වන න්‍යෂ්ටික තර්ජනය අවසන් කිරීම එම ප්රහාරයන්ගේ අරමුණ වූ බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතමින් පස්වරුවේ ප්‍රකාශ කළේය. 22 June 2025
නීතිපතිගේ පැමිණිල්ලකට සී අයි ඩී විමර්ශන නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ අසත්‍ය චෝදනා සංසරණය වන බවට නීතිපති පාරින්ද රණසිංහ මහතා කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත. 22 June 2025
රිය අනතුරින් දෙන්නෙක් මරුට ත්‍රිකුණාමලය නුවර ප්‍රධාන මාර්ගයේ ගල්මැටියාව අනූඅට පෙදෙසේදී සිදුවු කැබ්රථ හා යතුරුපැදි අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනාම මියගිය බව තඹලගමුව පොලිසිය කියයි . 22 June 2025
ත්‍රිරෝද රියදුරුට පහරදී මහමඟ දමා ගිය පීසී අත්අඩංගුවට පෑලියගොඩ පොලිස් ස්ථානය ඉදිරිපිටදී කුලී තීරෝද රථ රියදුරුව තවත් පිරිසක් සමඟ එක්ව පැහැරගෙන ගොස් පහරදී මහමග දමා ගිය පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලිසිය කියයි. 22 June 2025
කළුබෝවිල වෙඩි තැබීමේ සිද්ධියට තුනක් මාට්ටු කොහුවල කළුබෝවිල පන්සල පාරේ ව්‍යාපාරිකයකුගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මෝදර නිපුණ නමැත්තාගේ සමීප ඥාතිවරියන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 22 June 2025
හිටපු එස් අයි සොරකමේ ගිහින් නාරහේන්පිට ප්‍රදේශයේ ප්‍රංශ පාසලක් බිඳ දේපළ සොරා ගැනීම ඇතුළු සොරකම් රැසකට සම්බන්ධ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලිසිය කියයි. 22 June 2025
හොර නෝට්ටු සමඟ අයෙක් මාට්ටු හතරලියද්ද ප්‍රදේශයේ හෝටලයකට ආහාර ගැනීම සඳහා පැමිණි පුද්ගලයකු ලබාදුන් රුපියල් 5000 මුදල් මුදල් නෝට්ටුවක් පිළිබඳව සැක සිතී ඒ පිළිබඳව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව ඔහු පරීක්ෂා කිරීමේදී ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු තුනක් සමඟ එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 22 June 2025
අද කාලගුණය බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (22) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 June 2025
ඇමෙරිකාව ඉරානයට ගුවනින් පහර දෙයි ඉරානයේ න්‍යෂ්ටික ගබඩා සංකීර්ණ ඉලක්ක කර ගනිමින් ඇමෙරිකන් හමුදා ගුවනින් බෝම්බ දැමීම ආරම්භ කර ඇත. 22 June 2025
ශ්‍රීලන්කන් අලුත් සාමාජිකය මංගල ගමනේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අලුතෙන් මිළදී ගත් එයාර් බස් ඒ.330 - 200 ගුවන් යානය , මංගල ගුවන් ගමන , මාළදිවයින මාළේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා අද පියාසර කළ බව ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය . 21 June 2025
ජීවය මැරුණු සමාජයට යළි ජීවය දිය හැක්කේ බුද්ධ දර්ශනයටයි මුදල් හෝ බලය මත ජීවය මැරුණු සමාජයට බෞද්ධ දර්ශනය තුළින් අධ්‍යාත්මික ජීවය ලබා දිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 21 June 2025
ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව අත්හිටුවයි ඊශ්‍රායලය හා ඉරානය අතර ඇතිවී තිබෙන ගැටළුකාරී තත්ත්වය මත ඊශ්‍රායලය වෙත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමුකිරීම තාවකාලිකව අත්හිටුවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසීය. 21 June 2025
අල්ලස් ගත්ත සැරයන්වරු මාට්ටු වැලි ප්‍රවාහනය කරන ආයතනයකින් රුපියල් 25,000 අල්ලසක් ලගත් බව කියන අම්පාර කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන්වරුන් දෙදෙනකු අද (21) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 21 June 2025
බදුල්ලේ බස් අනතුරින් තුනක් මරුට 26ක් රෝහලට බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ තිබිරිගස්පිටිය 4 කනුව ප්‍රදේශයේ දී අද (21) පස්වරුවේ වන්දනා නඩයක් රැගත් පෞද්ගලික බසයක් විදුලි කනුවක ගැටී මාර්ගය හරහා පෙරලීයාමෙන් තිදෙනකු මියගොස් 26 දෙනෙකු තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කළ බව බදුල්ල පොලිසිය පවසයි . 21 June 2025
ජනපති අරමුදල ගමට ගෙන යන වැඩේ අරඹයි ජනාධිපති අරමුදලේ සියලු සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සැපයීම නිල වශයෙන් ආරම්භ කිරීම අද (21) පෙරවරුවේ කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් කර්යාලයේදී සිදු විය. 21 June 2025
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026