සයිටම් අර්බුදයට විසඳුම් ඉල්ලා 30 වැනි දා වැඩවර්ජනයක මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාල අර්බුදයට විසඳුම් ලබා නොදීම වෛද්‍යවරුන්ගේ වෘත්තිය ගැටළුවලට විසඳුම් නොලැබීම යන කරුණු මුල් කරගනිමින් මේ මස 30 වැනි දා දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරිමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. 25 January 2018
එක්නැලිගොඩගේ බිරිඳ ඇතුළු මව්වරු කොටුවේ උද්ඝෝෂණයක මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ හා නාවික හමුදා අතුරු කල්ලියක් විසින් පැහැරගනු ලැබුවේ යැයි කියන දරුවන්ගේ මව්වරුන් පිරිසක් එක්ව සංවිධානය කළ විරෝධතාවක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විය. 25 January 2018
ගෝඨාට එරෙහි අතුරු තහනම් නියෝගය දිගුවෙයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ පරීක්ෂණ පැවැත්වීමෙන් සහ ඉදිරි අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය ලබන පෙබරවාරී 15 වැනි දා තෙක් වළකාලමින් අභියාචනාධිකරණය අද (25) අතුරු තහනම් නියෝගය දීර්ඝ කළේය. 25 January 2018
සරසවි සිසුන්ට කදුලු ගෑස් ප්‍රහාර සරසවි සිසුන්ගේ විරෝධතා පාගමන කොල්ලුපිටිය මංසන්ධියේ දී මීට සුළු මොහොතකට පෙර පොලිසිය කදුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරියහ. 25 January 2018
ලිප්ටන් අසපුවේ ජර්මන් යුවලක් අනතුරට හපුතලේ ලිප්ටන් අසපුව හි දී අද (25) සිදු වු රිය අනතුරකින් ජර්මන් ජාතික යුවලක් තුවාල ලබා හපුතලේ දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි. 25 January 2018
ශ්‍රී ලංකාව අවසන් තරගයට එයි බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේදී අද (25) පැවැති තරගයේදී බංග්ලාදේශය කඩුලු 10 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. 25 January 2018
ඡන්ද පත්‍රිකා 288ක් නිවසකින් මතුවෙයි මුලතිව් විශ්වමඩු තැපැල් කාර්යලය මගින් බෙදීමට නියමිතව තිබු නිල ඡන්ද පති‍්‍රකා 288 ක් අද (25) පුදුකුඩිඉරුප්පු තේරාවිල් ප්‍රදේශයේ නිවසක අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරුප්පු පොලිසිය කියයි. 25 January 2018
හයිලෙවල් පාරේ මාර්ග තදබදයක් නුගේගොඩින් ආරම්භ වූ සයිටම් විරෝධී පෙළපාලිය හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ 25 January 2018
බැසිල්ගේ ජීඅයි යකඩ බට නඩුව ජුනියේ විභාගයට පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට බෙදා හැර රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්ෂක ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන ජුනි 4 වැනි දා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (25) නියම කළේය. 25 January 2018
සරසවි අනධ්‍යයන සේවකයෝ වර්ජනයක පොරොන්දු වූ පරිදි මාසික හිලව් දීමනාව ලබාදීම, දේපල ණය සීමාව වැඩි කර ගැනීම, වෛද්‍ය රක්ෂණාවරණයක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්යය මණ්ඩල සේවකයෝ අද (25) සංකේත වැඩ වර්ජනයක නිරතවූහ. 25 January 2018
රේගු නිලධාරීහු කළු පටි පැළඳ සේවයට රේගු බලධාරීන්ගේ වැටුප් විෂමතාවය විසදීමට බලධාරීන් මෙතෙක් පියවර නොගැනීමට විරෝධය දක්වමින් සියලු රේගු නිලධාරීන් කළුපටි පැළඳ රාජකාරියේ යෙදීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අද (25) සිට ආරම්භ කළ බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලාල් වීරකෝන් මහතා පවසයි. 25 January 2018
හැදු මව මැරූ පුතු පෝරකයට සිය හැදු මවට ලී පටියකින් පහරදී ඝාතනය කළේ යැයි වැරදිකරුවකු වූ පුතෙකුට මරණ දණ්ඩනය ලබාදෙන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ල මහතා නියෝග කළේය. 25 January 2018
ශ්‍රීපාදස්ථානය මස්කෙළියට දීමට එරෙහිව අත්සන් ලබාගැනේ ශ්‍රී පාද - හැටන් මාර්ගයේ නල්ලතන්නියේ සිට ඉදිකටුපාන දක්වා කොටසක් අඹගමුව ප්‍රාදේශිය සභාවෙන් ඉවත් කර මස්කෙළිය ප්‍රාදේශීය සභාවට ලබා දීමට එරෙහිව ජනතාව දැනුවත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වන නඩුවට ඉදිරිපත් කිරීම සදහා මහජනතාවගෙන් අත්සන් ලබාගැනිමේ වැඩ සටහනක් අද (25) ගිනිගත්හේන බස් නැවතුම්පොළේදි සිදු කෙරිණ. 25 January 2018
ඌව පළාත් සභාව අසල උණුසුම් වෙයි බදුල්ලේ පිහිටි ඌව පළාත් සභාව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ.මන්ත්‍රීවරුන් දෙදෙනකු රෝහල්ගත කර ඇත. 25 January 2018
බදුල්ල විදුහල්පතිනිය මානව හිමිකම් කොම්සමේ ඌව මහඇමතිවරයා විසින් දණගස්වනු ලැබූ බව කියන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය ආර්.භවානි මහත්මිය මීට ටික වේලාවකට පෙර කොළඹ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණියාය. 25 January 2018
පේරාදෙණිය මල්වත්තේ දෙබර කූඩු ඉවත් කෙරේ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට සහ වනජීවී අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සංචාරයට බාධාවක්ව තිබු දෙබර කුඩු බදාදා (24) රාත්‍රීයේදී ඉවත් කෙරිණ. 25 January 2018
සුන්දරාහෙළ කුණු කන්ද ගිනි ගනී කුරුණෑගල මහා නගර සභාවට අයත් සුන්දරාහෙළ කසළ එක්රැස් කිරීමේ ස්ථානය අද (25) අලුයම හදිසියේ ගින්නකට ලක්විය. මෙම ස්ථානයේ විශාල කසළ කන්දක්ඇති අතර ඒවායින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ මධ්‍යස්ථානයක්ද කුරුණෑගල මහා නගර සභාව විසින් පවත්වාගනු ලබයි. 25 January 2018
පුලතිසිපුර විද්‍යාපීඨය සතියකට වැසේ ගුරු ශිෂ්‍ය ශිෂ්‍යයාවන් අතරේ උණ සහ පාචන රෝගයක් පැතිරයාම නිසා පුලතිසිපුර අධ්‍යාපන විද්‍යාපීඨය අද (25) සිට සතියක කාලයක් තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එහි පීඨාධිපති කේ.ඒ ගුණපාල මහතා පවසයි. 25 January 2018
ඉන්දූනීසියානු ජනපති අගමැති රනිල් හමුවෙයි නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩොඩො මහතා අද උදැසන (25) අරලියගහ මන්දිරයේදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. 25 January 2018
ගාලු සාහිත්‍ය උළෙල ඇරඹෙයි වාර්ශිකව පවත්වනු ලබන ජාත්‍යන්තර කීර්තියට පත් ගාලු සාහිත්‍ය උලෙළ නමවෙනි වරටත් අද (24) ගාල්ල කොටුවේ ඇති උත්සව භූමියේදී ආරම්භ විය. මෙම අවස්ථාවට තානාපති අංශ නිලධාරීන් මෙන්ම දෙස් විදෙස් විශාල පිරිසක් සහභාගී විය. 24 January 2018
ඌව අධ්‍යාපන ලේකම් ඇතුළු පිරිස තනතුරුවලින් ඉවතට බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය දණගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් වන තුරු ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය එම තනතුරින් තාවකාලිකව ඉවත් කරන බව ඌව ආණ්ඩුකාර එම් පී ජයසිංහ මහතා ලංකාදීපයට පැවසීය. 24 January 2018
ඉන්දුනීසියානු ජනාධිපති ලක් ජනපතිව හමුවෙයි නිල සංචාරක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩොඩො මහතා අද (24 ) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවිය. 24 January 2018
තාප්පයට යටවී අවුරුදු 2ක දරුවා මිය යයි අනුරාධපුර මයිලගස්හන්දිය ප්‍රදේශයේ නිවසක් වටා ඉදිකර තිබු තාප්පයක් ඇඟ මත කඩා වැටිමෙන් වයස අවුරුදු දෙකයි මාස දෙකක් වයසැති පිරිමි දරුවෙකු අද (24) මිය ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි. 24 January 2018
ඡන්දය වෙනුවෙන් පොලිසියට මිලියන 230ක් මැතිවරණය වෙනුවෙන් ඇලවු පෝස්ටර් ඉවත් කිරීම ඇතුලූ කටයුතු වෙනුවෙන් මැතිවරණ කොමිසම පොලිසිය වෙත රුපියල් මිලියන 230 ක මුදලක් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 24 January 2018
පෙළපාලි,පෙරහරවල් සම්පුර්ණයෙන් තහනම් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක මැතිවරණයක් ප්‍රකාශයකට පත්කර ඇති අවස්ථාවක පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත යටතේ පෙළපාලි තහනම් බවත් අධිකරණ වාරණ නියෝග නොතකා සිසුන් ඇතුලූ පිරිස විරෝධතා පවත්වන්නේ නම් එය විසුරුවා හැරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 24 January 2018
වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය 27 ගැසට් කරයි වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්රමිතීන් සඳහන් ගැසට්ටුව 27 වැනි දා නිකුත් කරන බව රජයේ ආරංචි මාර්ග කියයි. ඒ අනුව සයිටම් ආයතනය අහෝසි කර මීට පෙර රජයේ යෝජනා කළ ආයතන එම ප්‍රමිතින්ට අනුකුල වන ලෙස ස්ථාපිත කරන බවට එම ආරංචි මාර්ග සඳහන් කරයි. 24 January 2018
ගුරුවරයකුට පහර දුන් සිසුන්6 ක් රැඳවුම් බාරයට කිලිනොච්චිය ජයන්තිනගර් හින්දු විද්‍යාලයේ ගුරුවරයකුට පහරදීම සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය අත්අඩංගුවට ගත් එම විද්‍යාලයේ සිසුන් හයදෙනකු ලබන මස 7 වැනිදා දක්වා යාපනය ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ තවදුරටත් රඳවා තබන ලෙස කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ඒ.ආනන්ද රාජා මහතා අද (24) නියෝග කළේය. 24 January 2018
වංචා දුෂණ වලට දඬුවම් දීමේ අණපනත් ඉදිරි සතියේ බැඳුම්කර වංචාව ඇතුළු මහා පරිමාණ වංචා දුෂණ කළ අයට කඩිනමින් දඬුවම් ලබාදීමට හැකි අයුරින් අණපනත් සැකසීම ඉදිරි සති දෙක තුනක කාලයේදී සිදුවන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. 24 January 2018
රතුපස්වල සිද්ධියේ විමර්ශන අවසන් ගම්පහ රතුපස්වල ජනතාව පිරිසිදු පානිය ජලය ඉල්ලා වැලිවේරිය නගරයේදි සිදු කළ උද්ඝෝෂකයින්ට වෙඩි තබා පහරදී තිදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට බරපතල තුවාල සිදු කිරීමේ විමර්ශන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අද (24) ගම්පහ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා හමුවේ එම නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය. 24 January 2018
ඌව මහ ඇමැතිට එරෙහිව තංගල්ලෙන් විරෝධය බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි භවාණි රඝුනාත් මහත්මිය දණගැස්වී යැයි චෝදනා ලැබූ ඌව පලාත් සභාවේ මහ ඇමැති චාමර සම්පත් දසනායකට විරෝධය පාමින් අද (24) පස්වරුවේ තංගල්ල නගරයේ දී විරෝධතාවයක් පැවැත්විණි. 24 January 2018
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026