තරිඳු ජයවර්ධන
අග්නිදිග විශ්ව විද්‍යාලයේ පරිපාලනයෙන් වසරක් තිස්සේ තමන්ට සාධාරණයක් නොවන නිසා එම විශ්ව විද්‍යාලය හැර දා කොළඹට පැමිණීමට තාක්ෂණ පීඨයේ දෙවැනි වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන් තීරණය කළ බව ඔළුවිල් තාක්ෂණ පිඨ ශිෂ්‍ය එකමුතුවේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
ඒ අනුව තාක්ෂණ පීඨයේ සිසුහු අද (17) රාත්‍රී එම විශ්ව විද්‍යාලයෙන් පිටත්වූහ.
තාක්ෂණ පීඨයේ දිගින් දිගටම සිටියත් සිසුන්ට සාධාරණයක් නොවන නිසා විශ්ව විද්‍යාලය හැරදා කොළඹ පැමිණීමට තීරණය කළ බව ද එම ප්‍රකාශකයා පැවසීය.
අග්නිදිග විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨයේ පළමු වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේද සභාගීත්වයෙන් අද (17) දහවල් කෑම විවේකයේදී විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කිරීමට නියමිතව තිබුණත් කෑම විවේකයේ ද විශ්ව විද්‍යාල සිසුන් රඳවාගනිමින් ඔවුන්ට පිටතට පැමිණීමට නොහැකි වන සේ ගේට්ටු වසා දමා තිබුණු බව සිසුහු කියති.
තාක්ෂණ පීඨයේ සිසුන් 21 දෙනකුට එරෙහිව ඊයේ (16) විනය ක්‍රියාමාර්ග ගැනීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කටයුතු කර තිබිණි. විනය ක්‍රියාමාර්ග ගත් සිසුන් ඉවත් කිරීමට පොලු හා වෙනත් උපකරණ රැගෙන ගොස් විශ්ව විද්‍යාල ආරක්ෂක අංශය තර්ජනය කළ බව කියමින් සිසුහු පිරිසක් අද (17) පොලිසියට පැමිණිල්ලක් ද කළහ.
සිසුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට ආසන්න හේතුව පළමු වසර සිසුන් සමඟ බෝධිපූජා පින්කමක් සූදානම් කිරීම බව සිසුහු කියති. විශ්ව විද්‍යාල ප්‍රකාශකයෙක් පැවසුවේ එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි.
මේ අතර එම සරසවියේ කළමනාකරණ පීඨයේ සිසුන් ද තාක්ෂණ පීඨයේ සිසුන්ට සහාය දක්වමින් අද (18) කොළඹට පැමිණ විරෝධතාවයක නිතර වන බව ශිෂ්‍ය නියෝජිතයෝ කියති.
ලංකාවේ විශ්ව විද්‍යාලයක ආරම්භ කළ පළමු තාක්ෂණ පීඨය අග්නදිග සරසවියේ තාක්ෂණ පීඨයයි. එහි මුල්ම ශිෂ්‍ය කණ්ඩායම දැන් දෙවැනි වසරේ ඉගෙනුම ලබන අතර විශ්ව විද්‍යාල පරිපාලනය සහ සිසුන් අතර ඇතිවූ අර්බුදයට නිසා ඔවුන්ට සෙමෙස්තර විභාග දෙකක් ද මගහැරී තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංහිඳියාවනේ...
ඔන්න අපි බලාපොරොත්තු වුනු ජාතින් අතර සහජීවනේ. රටම දන්නා විදියට කිසිඳු සිංහල සිසුවෙකුට එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් බෞද්ධ හෝ කතෝලික ආගම හෙවත් තමන්ගේ ආගම ඇදහීමට කිසිඳු අවසරයක් ලබා දෙන්නේ නැත. ඒත් ඔය දෙයම රටේ සිංහල ප්‍රදේශයක වුණා නම්? එනම් මුස්ලිම් ඔවුන්ගේ ආගම අදහන්න ඉඩක් නොදුන්නානම්..? එහෙනම් ඉස්සෙල්ලාම පාරට බහින්නේ අපේ ඊනියා, සිංහල සහජීවන කරුවන් ටික... අනේමන්දා මේක ජාතියේ නිවටකමද? ශ්රේෂ්ඨකමද කියලා තේරුම් ගන්න බැහැ
සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳාගැනීම හැර වෙන කිසිම ක්‍රමයක් නැත.
...වැඩේ පැහැදිලියි නේද .....සහජීවනේ...සහජීවනේ...
බදියුදීන්, පිරිභාකරන්ට වඩා පිළිලයක් වෙන්න යන්නේ ...