එෆ්.අස්ලම්
දිවයිනේ සෙසු පළාත් වලට වඩා වැඩිම දුරකින් පිහිටි පළාත් සභාවේ මහ ඇමැති වීමත් යාපනයේ සිට කොළඹ යාමට අධික කාලයක් මෙන්ම වෙහෙසක් දැරීමට සිදුවීමත් නිසා තමන්ට සහ තම ආරක්ෂකයාට ගුවන් මගින් කොළඹට යාමට අනුමැතිය ලැබී තිබෙන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.
මාධ්‍ය ඔස්සේ නැඟෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් සතියේ ප්‍රශ්නය නමින් මාධ්‍ය වෙත නිකුත් කරන නිවේදනයෙන් මහ ඇමැතිවරයා මේ බව අවධාරණය කර තිබේ.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන්වී ඇත.
2014 වසරේ සිට ගුවන් මගින් කොළඹට පැමිණිම සඳහා මහ ඇමැතිවරයාට සහ ආරක්ෂක පොලිස් නිලධාරීයාට ගිය වියදම රුපියල් 1,809,500 ක් හෙවත් ලක්ෂ 18 ඉක්ම වන්නකි. එහිදි මහ ඇමැතිවරයාගේ ගුවන් ගමන් වියදම පමණක් ලක්ෂ 11 ඉක්මවයි.
මහ ඇමැති විදිහට මට ගුවන් මගින් කොළඹට යන්න ආරක්ෂාව,දුර ප්‍රමාණය,මහන්සිය හා සෞඛ්‍ය තත්ත්වය හේතු වුණා. අනෙක් පළාත්වල මහ ඇමැතිවරුන් එසේ ගමන් නොකරන බව ඇතැමුන් කියනවා. ශ්‍රී ලංකාවේ කොළඹ සිට ඉතාමත් දුරින් පිහිටි පළාත් සභාව පිහිටලා තියෙන්නෙ යාපනයේ.
සාමාන්‍යයෙන් යාපනේ සිට වාහනයක මහා මාර්ගයෙන් කොළඹට යනවා නම් පැය 7ක කාලයක් ගතවෙනවා. පැය 7ක් ගමන් කරල එදාම හෝ ඊට පසුදින රාජකාරී කටයුතු, රැස්වීම්වල සාකච්ඡා සඳහා සහභාගී වෙන මහ ඇමැතිවරයා මමයි.
ඒ වගේ ගමන් කරන එකම දමිළ ජාතිකයාද මං විතරයි කියල හිතනවා.වයස අවුරුදු 75 සම්පූර්ණ කරපු ශ්‍රීලංකාවේ වයසම මහඇමැති මමයි.
ගුවන් මගින් කොළඹට යාමට මා හට එවක ආණ්ඩුකාරවරයාගෙන් අනුමැතිය ලැබුණා.ඒ කාලයේ ආණ්ඩුකාරවරයා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 15ක් 20ක් විතර මගේ ආරක්ෂාවට ලබා දුන්නා.
වාහන ඉන්ධන වියදම්, විශේෂ කාර්ය බළකා ආරක්ෂකයින්ගේ වියදම් ගැන කතා කරන්න කවුරුත් නැහැ. අද නවක දමිල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා ඒ වගේ ආරක්ෂාවක් ලබාගෙන තිබෙනවා.
මගේ ආරක්ෂාවට ඉන්නේ පොලිස් නිලධාරීන් දෙතුන් දෙනෙකු විතරයි. ඒ අතරින් එක් අයකු පමණක් මම ගුවන් ගමන් වලදී එක්ක යනවා. ගුවන් හමුදා යානාවල ගුවන් ගමන් වලදී පොලිසියෙන් අයකිරීමක් සිදුකරන්නේ නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ආරක්ෂාව ගැන බයක් නැහැනේ මේ පාලකයන්ට තියන්නේ හුබස් බිය.
හිටපු ජනාධිපතිට ගුවනින් ගියා කියලා කොච්චර මඩ ගැහුවද? මෙයා කවුද විග්නේශ්වරන් කියන්නේ පලාත් සභාවේ මහා ඇමති. දැන් පේනවනේ එයාගේ ගුවන් ගමන්. කෝ මේවට මුකුත් නැද්ද කියන්නේ? හමුදාවට බැන බන, තව ආරක්ෂාවත් ඉල්ලනවා. අනෙක මෙයාට මොන තර්ජනද? මෙහෙම හෙලිකොප්ටර් දෙන්න ගියොත් ලංකාවේ අනෙත් ඇමතිලටත් මොකද වෙන්නේ? මෙයාලා ඔක්කොම තමන් ගැන විතරක් හිතන්නේ. අහිංසක දෙමල ජනතාව යාපනේ කොච්චර දුක් විදිනවද? මොනවද මෙයා සාමාන්‍ය ජනතවට කරලා තියෙන්නේ.
මෙයාට වයස වැඩී නම් වැඩ කරන්නත් අමාරුනම් සෞඛ්‍ය තත්වයත් දුර්වල නම් තව තව දුරටත් මහා ඇමතිකම් දරන්න සුදුසු නොවේ. කල හැකි අයෙකුට භාරදී විශ්‍රාම ගැනීම සුදුසු වේ. එය රජයේ මුදල් නාස්තිය අවම වීමටත් උතුරේ සංවර්ධන කටයුතු කඩිනම් වීමටත් ජාතික සමගිය වර්ධනය වීමටත් ඉවහල් වනු ඇත.
මට මේක කියෙව්වාම පුදුම විදිහට හිනා ගියා. විග්නේශ්වරන්ට ගුවන් හමුදාවේ යානාවල යන්න හොඳයි. එ්ත් ගුවන් හමුදාව, නාවික හමුදාව, යුද හමුදාව උතුරේ ඉන්න එක එයාට සෑහෙන ප්‍රශ්නයක්. මේ ඔක්කොම මිනිස්සු අවුස්සලා ඡන්දෙ ගන්න. සිංහල, දෙමළ, මුස්ලිම් හැම දේශපාලන නායකයෙක්ම මේ වගේ... දේශපාලනය කියන දේ අපේ රටේ තිබුණේ නැත්නම් මේ වෙනකොට අපේ රට සුරපුරයක්...
මේ මිනිස්සු කොහොමටත් කාපු බත්පතේ පහරන ජාතියක් කියලා ජවහල්ලාල් නේරුත් කියලා තියෙනවා.
මේ මිනිහ ප්රභාකරන් වගේම උපන් බිමට ගරු නොකරන ඊට කෙනෙහිලිකම් කරන අඩුකුලේ උපන් කෙනෙකි... මෙයා මෙහෙම කතා කරන්නේ... බාලසිංහම්ලා ඉදිරියේ වික්‍රමසිංහලා පහත්ව සිටි යුගය නැවත පැමිණ ඇති බැවිනි.
"පැය 7ක් ගමන් කරල එදාම හෝ ඊට පසුදින රාජකාරී කටයුතු, රැස්වීම්වල සාකච්ඡා සඳහා සහභාගී වෙන මහ ඇමැතිවරයා මමයි." අනේ ඊට පසුදිනම රාජකාරී කටයුතු කරන්න එපා. දවසක් නිවාඩු ගන්න. දුප්ප්ත් බදු ගෙවන ජනයට ඒක ඊට වඩා සහනයක්. ඔයාව උඩින් යවන්න අපි කොච්ච්චර වියදම් කරනවද?
මේ මිනිහ ආපු දා ඉදල ප්‍රශ්න දා ගත්තුගමන් ඉන්නේ.........
වයස වැඩි නම් තමන් විශ්‍රාම ගන්න තමයි තියෙන්නේ. කවුරුත් බලෙන් ඉන්න කිව්වේ නැහැනේ.
අපිට බැරිද මේ සාකච්ඡා අන්තර්ජාලය මඟින් කරගන්න? වේලාව, වියදම ගොඩක් ඉතුරුයි.