(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
ගිවිසුමේ කුමක් තිබුණත් සිංගප්පුරුවේ අපද්‍රව්‍ය මෙරටට ගෙන ඒමේ හැකියාවක් නැතැයි උපායමාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රටේ නීතිය අනුව පිටරටවල අපද්‍රව්‍ය මෙරටට ගෙන ඒමේ හැකියාවක් නැතැයිද ඔහු කීය.
සමරවික්‍රම මහතා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා සිංගප්පුරු ගිවිසුම පිළිබඳ විවාදයේදී ඒකාබද්ධ විපක්ෂයේ විමල් වීරවංශ මහතා මතු කළ ප්‍රශ්නයනට පිළිතුරු දෙමිනි.
එහිදී විමල් වීරවංශ මහතා මෙසේ කීවේය.
අපද්‍රව්‍ය ගෙන්නේ නැත්නම් ගිවිසුම දැම්මේ මොකටද? මේ ගිවිසුම ක්‍රියාත්මක වීමෙන් පසුව සිංගප්පූරුවේ නාගරික අපද්‍රව්‍ය, රෝහල් අපද්‍රව්‍ය, විකිරණශීලි අපද්‍රව්‍ය, ආවම අපේ රටේ ලොකු විනාශයක් ඇති වේවි. අපේ දරුවන්ට න්‍යෂ්ඨික අපද්‍රව්‍යවලින් මියැදෙන්න වේවි. මෙම ගිවිසුමට ගත්තු මුදල් වලට ශාප වෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිවිසුමක් තියනවනම් ඒ කියන්නේ එකඟයි කියන එකයි, මෙයා මොනවා කිවුවත් අත්සන් කරලා ඉවරනම් ඉතින් කුණු ලංකාවට ගෙන්න වෙනවා. දැන් ඉතින් ආසියාවේ අනිත් රටවලුත් අහයි ලංකාව ආසියාවේ කුණු ගොඩ කරන්න බැරිද කියල.
ඒ කියන්නේ ගිවිසුමට දාලා. එතකොට මෙයා ගිවිසුම හැදුවේ නීතිය නොදැනද? නැත්නම් දැන් බොරුවට කියනවද? මේවගේ මුළු රටටම බොරු කරලා ගිවිසුම් ගහන්නේ ලංකාවට අවාසි වෙන විදියට. මේ ඇමතිලා ලංකාවේද නැත්නම් සිංගප්පූරුවේද? කතාවක් තියෙනවා ලංකාවේ හම්බන්තොට වරාය හදන්නේ නැතිවෙන්න 1980 ගණන් වල ඉදල සිංගපූරුව මැදිහත් උනා කියල.
ඔබතුමාව සිංගප්පූරුවට පටවන්න බැරිද?
කෝ මේ සත්‍යපාල..? කුණු වෙන්කරලා හොඳ ටික විතරක් පෙරලා ගන්න හැටි පැහැදිලි කරලා දුන්නොත් නරකද?
ගිවිසුම් තිබ්බට ලෝකේ හැමදේම නිදහසේ වෙලදාම් කරන්නට බැහැ.අවිආයුධ , මත්ද්‍රව්‍ය , වෘක්ෂලතා , ඇත්දළ,වඳ වී යන සතුන් සහ ප්ලාන්ට්ස් ආදී නොයෙක් විශේෂ භාණ්ඩ සඳහා ජ්‍යාත්‍යන්තර නීති තියනවා. හැමදාම ඒ නීතිවලට යටයි....
මොනවද මේ කතා මේ ගිවිසුමම රටට ගෙනෙන අපද්‍රව්‍යක්
ගිවිසුම ගැහුවනම් ගේන්න වෙනවා
එකට ඉතින් ඒ නිතිය ඉවත් කරන්න
අපේ කරුමයක්ද මන්ද දැන් කාලේ කෙරෙන හැම දෙයක්ම අපේ රටට එක්කෝ මරාලයක්.එහෙමත් නැත්නම් ගෙවාගන්න බැරි ණයක්. පාර්ලිමේන්තුවේදී උනත් නිකම්ම කෑ කෝ ගහල අන්තිමට තිබෙන විදියටම ඒවා කෙරීගෙන යනවා. ඒකාබද්ධ විපක්ෂෙට බැරිද ඕක නීති විරෝධිනම් අධිකරණයට ගිහින් අභියෝග කරලා රටට හානියක් නම් අඩුගානේ තහනම් නියෝගයක් වත් ලබාගන්න? සම්බන්ධන් විපක්ෂේ නම් මෙලෝ වැඩක් නැහැ.
පවුලක් පන්සලක් නැති කාලකණ්නින්ට තේරෙනවද ඕවා. මුන්ට රටට ජාතියට ආගමට ළමයින්ට මොනව උනත් එකයි. ගිවිසුමේ මොනව තිබුණත් කියන්නේ එකේ තියන දේ මූ දන්නේ නැද්ද අත්සන් කරද්දී. වෙන රටවල අපද්‍රව්‍ය මේ රටට ගේන්න දෙනනේ ලංකාව කුණූ ගොඩක් කියල හිතාගෙනද.
මෙයා අපුරු උපාය මාර්ග ඇමතියෙක්නේ. "ගිවිසුමේ කුමක් තිබුනත් සිංගප්පුරුවේ අපද්‍රව්‍ය ලංකාවට ගෙන්න බැහැ " . මෙයා අඩුම තරමේ ගිව්සුමක් කියන්නේ මොකක්ද කියල දන්නවද දන්නේ නැහැ. එහෙම නැත්නම් මෙහෙම මෝඩ කතා කියනවද ? මේ වගේ අම්ම්බරුවන්ට ඡන්දෙ දෙන්න එපා පක්ෂය කුමක් උනත්. මුදලට රට විකුණන දේශද්‍රෝහීන්.
' ගිවිසුමේ මොනවා තිබුනත් ' යන්නෙහි අර්ථය පැහැදිලි නැහැ. සිංගප්පුරුව අපිව ගොනාට අන්දලා වගෙයි. ගිවිසුමේ කොන්දේසි අනුව කටයුතු කරන්න වෙනවා. ඉන්දියන් සාගරයේ මුතු ඇටය පෙරදිග කසල ගොඩ වෙන්න පුළුවන්.
සිංගප්පුරුවේ තිබුන ලොකුම අපද්‍රව්‍යය ගෙනත් මහ බැංකුවට දැම්ම එකේ ඔය අනික් අපද්‍රව්‍ය දාන එක මෙයාලට මහ කජ්ජක් නෙවෙයි.
මේ රජය යම්කිසි රටක් සමඟ ගිවිසුමකට එළඹුනානම් එය අනිවාර්යෙන්ම අපේ රටට බරපතල ලෙස අයහපත් ප්‍රතිඵල ගෙනෙන දෙයක්බව රටේ සියළු දෙනාම දැනගතයුතුයි. මේවනතුරු මේ රජය රටට යහපතක් වෙන ආකාරයේ මොන ව්‍යපෘතිය වෙනුවෙන්ද අන් රටක් සමඟ ගිවිසුම්ගත උනේ? දැනෙන්න එකක්වත් නැහැ.
මහජනයාට මේ ගිවිසුම් කියවන්න ලබා දී තිබෙනවාද ?