(ඩී.කේ.රත්න)
බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ දී හෙරොයින් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයකු අද (18) හෙරොයින් සමඟ බණ්ඩාරවෙල තන්තිරිය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
බඩල්කුඹුර කරවිල පුස්බැද්ද ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 පුද්ගලයකු හෙරොයින් සමඟ මෙසේ බණ්ඩාරවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඊෂි කෑෂ් ක‍්‍රමයට හෙරොයින් ජාවාරමේ යෙදී සිටින පුද්ගලයකු බණ්ඩාරවෙල තන්තිරිය ප‍්‍රදේශයේ සැරිසරන බවට බණ්ඩාරවෙල පොලීසියට ලැබුණු තොරතුරක් මත බණ්ඩාරවෙල පොලීසියේ නිළධාරීන් පිරිසක් විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd