(ජේ.කේ.එල්.චාමින්ද අහංගම සුමතිපාල දියගහගේ)
පාසල් සිසුවියකට ලිංගික අතවර කළ විදුහල්පතිවරයකු අද (17) නීතිඥවරුන් දෙදෙනෙකු මාර්ගයෙන් පොලිසියට ඉදිරිපත් විමෙන් පසු අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය පවසයි.
පාසල් සිසුවිය දෙවැනි වතාවට අපොස සාපෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවියකි. ඇයට පාසලේ දි විදුහල්පතිවරයා විශේෂ සැළකිල්ලක් දක්වා ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.
මෙම සිසුවියගේ සහෝදරියන් දෙදෙනෙකු ද මෙම පාසලේ ඉගෙනුම ලබති. පාසල් දැරියගේ පියා හෘද රෝගී තත්වයක් හේතුවෙන් අසනීපව සිටින කාලයේ දී මෙම විදුහල්පතිවරයා දැරියගේ නිවසට දෙතුන් වතාවක් පැමිණ ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ. ඊට අමතරව විදුහල්පතිවරයා දැරිය සමඟ දුරකථනයෙන් ද කථා බහකර තිබේ.
ඉකුත් 11 වැනි දා පෙරවරුවේ විදුහල්පතිවරයා පාසල් සිසුවියගේ නිවසට පැමිණ තිබේ. නිවසේ සිට ඇත්තේ පාසල් දැරිය හා අසුවැනි වියේ පසුවු ඇයගේ සියා පමණි. මව තේ කම්හලේ රැකියාවට ගොස් තිබේ. පියාද නිවසේ සිට නැත.
මෙම අවස්ථාවේ දී දැරියගේ නැන්දා කෙනෙකුද නිවසට පැමිණ තිබේ. පසුව දැරිය මවත් සමඟ පැමිණ පිටිගල පොලිසියට පැමිණිලි කර ඇත.පාසල් දැරිය අධිකරණ වෛද්‍යවරයකු වෙත යොමු කළ බවද පොලිසිය කියයි.
සැකකාර විදුහල්පතිවරයා 46 හැවිරිදි වියේ පසුවන අවිවාහකයෙකි. ඔහු බදාදා (18) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් අයවත් එල්ලුම් ගස් යවන්න අවශ්‍යමයි
"වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව" කීවාලු.
සිංහල බෞද්ධ රටට වෙලා තියන දේ තමයි මේ.
අසරණකම නිසා ලංකාවේ පවුල් පිටින් අමාරුවේ වැටෙනවා. ගුරුවරයාව දෙවියන් වගේ විශ්වාස කටයුතු පරිසරයක් ලංකාවේ දැන් නැති බව ඉතා කණගාටුවෙන් ප්‍රකාශ කරමි. අපේ පාසල් කාලයේ සිටියේ ගුරු දෙවිවරුයි. මේ විදුහල්පති කවුරුන් හෝ දේශපාලකයෙකුගේ පිහිටෙන් ගැලවුනේ නැතිනම් මේ ලංකාව නෙවෙයි.
බෞද්ධකමවත්, සිංහලකමවත් නෙවෙයි අද රටේ මිනිස්සුන්ගේ නැහැදිච්චකම. අපේ රටේ වත්මන් තත්වයට වග කියන්න ඕනෑ අපමයි. දරුවෙක් පාරකට බහින තැනසිටම දුරාචාරය සමහරක් ශ්‍රව්‍ය ද්‍රශ්‍ය මාද්‍යයත්, රියලටි ෂෝ වලින් කරන්නෙත් ජාතිය විනාශ කිරීම... මේ තත්වයෙන් රට මුදවාගැනීමට කාටවත් වුවමනාවක් නෑ.
ඔන්න ගුරු දෙගුරු සංගමේට අවස්ථාව පාරට බහින්න. අර දරුවෙකුට අතින් පයින් පහර දීල අබ්බගාතයෙක් කලහම එකට උසාවියෙන් දඬුවම් ලැබුණහම පාරට බැස්ස වගේ අවස්ථාවක්.
ලිංගික අධ්‍යාපනය දරුවන්ට ඉගැන්වීමේ අවශ්‍යතාවය මෙවැනි කරුණුවලින් පැහැදිලි වෙයි.
ඉන්දියන් සාගරේ අමුතු ඇටය..... කුඩු තියනවා... දුෂකයෝ එන්නාව... හරි ලස්සන රටක්.... රට අරාජික වෙලා අවසන්. අපි අපේ දරුවන්ව මේ විදිහට කොහොමද ගුරුවරයෙක් ලගට යවන්නේ... ගුරුවරු කියන්නේ දෙවිවරු වගේ කොටසක්... දරුවන්ගේ ඇස් පාදන මිනිස්සු කොට්ටාසයක්.....
ස්ත්‍රී දුෂණ, ළමා දූෂකයන්ටත් එල්ලුම් ගහ තමා හරි.
ළමා අපචාර, ස්ත්‍රී දුෂණ, මිනී මැරුම්, මංකොල්ල කෑම්, සොරකම්, මුලා කිරීම්, මත් පෙති භාවිතය, කුඩු භාවිතය, පාතාලයේ බිය වැද්දවීම් හා එකී නොකී දෑ එමට තියෙනවා මේ සිරි ලංකාවේ. කිසිම පත්තරයක් නැහැ මින් එකක්වත් නැතුව. හොද සුක්ෂම වැඩ පිළිවෙලක් නැහැ සෑම දේම මුදලට යටවෙලා. ස්ත්‍රී දුෂකයෝ, මිනී මරුවෝ උසාවි ගෙනියනකොට මුහුණු ආවරණය කරනවා බෙරුනම තවත් අපරාදයක් කරන්න.
නිකන් කලබල වෙන්න එපා මේ අයවත් කුඩුකාරයෝ වත් කවුරුත් එල්ලුම්ගස් යන්නෙ නෑ.. මේ රටේ කවුරු කොහොම දැඟලුවත් එල්ලුම්ගහ ආයෙත් ගේන්න වෙන්නේ නැහැ..
මේක ලංකාව. ඔය මිනිහව ඉක්මනින් ම ඔය චෝදනා වලින් නිදහස් කරල දෙන්න පුලුවන් තරම් කරුණාවන්ත නීතිඳයො නඩුකාරයොත් මේ රටේ ඉන්නව. ඊට පස්සෙ ඕකව ඔයිට වඩා හොඳ බාලිකා පාසලකම ප්‍රින්සිපල් කරල යවන්න තරම් හැකියාවක් තියෙන ප්‍රතිපත්තිගරුක දේශපාලකයො පරිපාලන නිලධාරිනුත් මේ රටේ ඉන්නව..