(ඩයනා උදයංගනී)
අපරාධකරුවන් බන්ධනාගාරය තුළ සිටත් අපරාධ මෙහෙයවීම, මත්කුඩු ගෙන්වීම සිදු කරනවා නම් වරද කොහේ දැයි කඩිනමින් සොයා බැලිය යුතු බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
රටේ සිදුවන මත්කුඩු ජාවාරම සහ අපරාධ මැඩ පැවැත්වීමට නම් එල්ලූම් ගහ අවශ්‍ය බවට සමාජයේ මතයක් ඇතිවීමෙන් පෙනී යන්නේ රටේ නීතිය, සාමය ආරක්‍ෂා කිරීමට ඇති පොලීසිය, අධිකරණය සහ බන්ධනාගාරය නිසි ලෙස ක‍්‍රියාත්මක නොවන බව යැයි ද ඇමැතිවරයා ප‍්‍රකාශ කළේය.
යුරෝපා සංගමය ආදී සංවිධාන මේ දෙස බලන්නේ මානව හිමිකම් කෝණයෙන් වුවත් දියුණු හා ශිෂ්ට සම්පන්න රටක් බව කියන ඇමෙරිකා එක්සත් ජනපදයේ මරණ දඬුවම ක‍්‍රියාත්මක බව කී ඇමැතිවරයා අපේ රටේ ඇති තත්ත්වයක් පාලනය කරගැනීමට අනුගමනය කළ යුතු ක‍්‍රමවේදය දැනගත යුත්තේ අපම යැයි ද සඳහන් කළේය.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ එල්.ආර්.ඩී.සී. සේවා පෞද්ගලික සමාගම හා චීනයේ හුආ ටයි සොන්ග් හෙන්ග් ආරක්‍ෂක තාක්‍ෂණික පෞද්ගලික සමාගම අතර විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙම ගිවිසුම් අත්සන් කිරීම බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී සිදුකෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චම්පික ඔයාට තේරෙන්නේ නැද්ද මත් කුඩු ජාවාරම්කරුවන් අල්ලන රංගජීව වැනි දක්ෂ ආරක්‍ෂක නිලධාරීන් බන්ධනාගාරගත කරලා මේ ප්රශ්නය විසදන්න බැහැ කියල. ඉස්සර බොරුවට ඡන්ද ටික මංකොල්ල කන්න රණවිරුවන් වෙනුවෙන් කෑ ගැහුවා. දැන් ඔබ මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා රණවිරුවන් පවා දෙනවා.
වරද සොයන්න? මෙය කියවන අපිට පෙනෙනවා වරද තිබෙන්නේ බන්ධනාගාරය තුළම බව. කුඩුකාරයින්ගෙන් ලක්ෂ ගණනින් සන්තෝසම් ලැබෙනවිට කුඩුකාරයින්ගේ බිස්නස් වලට සහයෝගය ලැබෙනවා.
අපරාධකරුවන් බන්ධනාගාරය තුළ සිටත් අපරාධ මෙහෙයවීම, මත්කුඩු ගෙන්වීම සිදු කරනවා නම් වරද කොහේ දැයි කඩිනමින් සොයා බැලිය යුතු බව වරද කොහෙද කියල තවම දන්නෙත් නෑ. ඔන්න පාලකයන්ගේ තත්වය..
අනේ දෙවියනේ මේ එල්ලුම්ගහ කතාවත් තවත් ටෙලි න්ට්ටියක් නොවේවා.
සමහර විට එල්ලුම් ගහ ක‍්‍රියාත්මක වේවි ජනාධිපතිවරණය අත ලග තියලා. දැන්ම නැහැ. නැතිනම් එහෙමත් නැහැ.
මහතයෝ කරාමෙකින් ජලය ගලා යනවනම් එකේ වැරැද්ද කරාමේ කියල තේරුමක් ගන්න බැරිද ? ඒ වගේ සිරකරුවන් හිරී ඉදන් මෙව කරන්න පහසුකම් සපයා ගන්නේ ජෙලර්ලගෙන් හා අනෙක් සේවකයන්ගේ කියල තේරුම් ගන්න මොලයක් නැද්ද? නිකන් මොන්ටිසෝරි කතා කියල ජනතාව ගොනාට අන්දන්න එපා කල යුතු දේ හරියට කරන්න හැමෝම කරන්නේ බයිලා ගහන එක විතරයි