නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වැඩ භාරගනී නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී. එම් ජයසිරි තෙන්නකෝන් මහතා අද(11) සිය ධූරයේ වැඩ භාරගත්තේය. 11 March 2019
ආධුනික සෙබළු 446 ක් විසිර යති පුත්තලම විජයබාහු පාබල රෙජිමේන්තු පුහුණු පාසලේ පාඨමාලා අංක 81 යටතේ පුහුණුව ලැබු ආධුනික සෙබළු 446 දෙනෙක් අද (9 වැනිදා) විසිර ගියහ. විසිර යාමට පෙර එම සෙබළු විජයබාහු පාබල රෙජිමේන්තු ක්‍රීඩා පිටියේ අලංකාර සංදර්ශනයක් පැවැත්වූහ. 09 March 2019
මරිනි ද ලිවේරාට 2019 ජාත්‍යන්තර දිරිය කාන්තා සම්මානය ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරන ලද අන්තර්ජාතික දිරිය කාන්තා සම්මාන උළෙලේදී 2019 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් දස දෙනා ලෙස තේරී පත්වූ කාන්තාවෝ සම්මානයෙන් පිදුම් ලැබූහ. 08 March 2019
කාන්තා දිනයට දිවයින පුරා වැඩසටහන් අද (8) යෙදී ඇති ඡාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් දිවයින පුරා ස්ථාන රැසක විවිධ වැඩසටහන් සංවිධානය කර තිබිණි. 08 March 2019
ජනමාධ්‍ය ඇමැති රුවන් රූපවාහිනී සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවක ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (7) පැය හතරකට අධික කාලයක් ජාතික රූපවාහිනි සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය. 07 March 2019
‘ද වයිස්රෝයි ස්පෙෂල්’ සිංහල අනුවාදය එළිදකී වත්මන් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඉංග්‍රීසි බසින් රචිත ‘ද වයිස්රෝයි ස්පෙෂල්’ කෘතියේ සිංහල අනුවාදය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද (6) එළිදැක්විණි. 06 March 2019
ජනමාධ්‍ය ඇමැති ස්වාධීන රූපවාහිණි ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (06) ස්වාධීන රූපවාහිණි ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නියැලිණි. 06 March 2019
‘‘මම කියන දේවල් පිළිගන්න අය මේ ආණ්ඩුවේ නෑ‘‘ “ මම කියන දේවල් පිළිගන්න අය යැ මේ ආණ්ඩුවේ ඉන්නේ ?” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී අද (6) පස්වරුවේ ප්‍රකාශ කළේය. 06 March 2019
ලංකාදීප පුවත්පත ජනතා සම්මානයෙන් පිදුම් ලබයි 2019 වසරේ ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් නීල්සන් මහජන සම්මානය නොකඩවා 13වැනි වරටත් දිනපතා ලංකාදීප පුවත්පත විසින් හිමිකරගන්නා ලදී. 06 March 2019
අයවැයෙන් පසු මැති ඇමැතිවරු තේ පැන් සංග්රහයක පාර්ලිමේන්තුවේදි අද (05) පැවැති අය වැය ඉදිරිපත් කිරීමේ කතාවෙන් අනතුරුව රැස්වූ මැති ඇමැතිවරු ප්රමුඛ පිරිස තේ පානය කරමින් ඉතා සුහදශිලීව කතාබහක නිරත වුහ. 05 March 2019
නොර්වීජියානු ලේකම්වරිය අගමැති හමුවෙයි නොර්වීජියානු රාජ්‍ය ලේකම් මේරි ඈන් හාගන් මහත්මිය හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී අද (5) පැවැත්විණි. 05 March 2019
මත්ද්‍රව්‍ය පාලන සමුළුව අද මත්ද්‍රව්‍ය පාලනය සඳහා නව ජාතික සැලැස්මක් සැකසීමේ සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) කොළඹ වෝර්ටස් ඒජ් හොටලයේදී පැවැත්විණි. 05 March 2019
මහනුවර සකුරා මල් පිපිලා ජපානයේ පිපෙන සුන්දර සකුරා මල් මේ දිනවල මහනුවර නගරය ඇතුළු ප්‍රදේශ ගණනාවක පිපී තිබේ. 05 March 2019
මංගල අය වැය ලේඛනය සකස් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පානදුර ගොරකානේ පිහිටි පෞද්ගලික නිවසෙහිදී අද (3) පස්වරුවේ 2019 අය වැය ලේඛනයේ අවසන් අදියරේ කටයුතු සිදු කරමින් සිටි අයුරු. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතාද ඡායාරූපයේ වෙති. 03 March 2019
ඩෙවෝන් රක්ෂිතයේ ගින්නක් තලවකැලේ, දිඹුල- පතන ඩෙවෝන් දිය ඇල්ල අසල පිහිටි ඩෙවෝන් රක්ෂිත කැලෑවේ අද (02) දහවල් හටගත් ගින්නකින් එහි අක්කර 10ක පමණ බිම් ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇතැයි දිඹුල- පතන පොලීසිය පවසයි. 02 March 2019
ගුවන් හමුදා ප්‍රදර්ශනය සහ සැණකෙළිය ජනපති අතින් විවෘත කරයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වන සංවත්සරයට සමගාමීව හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වෙන ‘Air Tattoo - 2019‘ ගුවන් හමුදා ප්‍රදර්ශනය සහ සැණකෙළිය අද (02) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත විය. 02 March 2019
උතුරු - නැගෙනහිර ඉඩම් ජනතාවට ලබාදෙන්නැයි ඉල්ලා උද්ඝෝෂණ කොළඹදී උතුරු නැගෙනහිර ප්‍රදේශවල තවමත් ආරක්ෂක අංශ යටතේ රඳවාගෙන ඇති ඉඩම් ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් යාපනයේ ඉඩම් අයිතිය සඳහා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (02) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී පැවැති අයුරු. 02 March 2019
මංගල සමරවීරගේ දේශපාලන දිවියට 30වසරක් සපිරේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30 ක් සපිරීම වෙනුවෙන් පවත්වන ලද උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි. 28 February 2019
ජෝන් අමරතුංගගේ දේශපාලන දිවියට වසර 40යි අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ දේශපාලන දිවියට වසර 40ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ උත්සවය අද (27) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. 27 February 2019
ජනපති රජයේ මුද්‍රණාලයේ නිරීක්ෂණ චාරිකාවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) රජයේ මුද්‍රණාලයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.රජයේ මුද්‍රණ කටයුතු සදහා පුළුල් දායකත්වයක් ලබාදෙන මෙම ආයතනයේ කටයුතු පිළිබද සොයා බැලු ජනාධිපතිවරයා එහි අඩු පාඩු ද විමසා බැලීය. 27 February 2019
ශ්‍රී ලංකාවේ කුළුබඩු මුද්දරයටත් එයි ශ්‍රී ලංකාවේ මුද්දර ඉතිහාසයේ පළමු වතාවට කුරුදු, ගම්මිරිස්, කරාබුනැටි සහ සාදික්කා යන කුළු බඩුවල සිතුවම් ඇතුළත් මුද්දර කිහිපයක් අද (27) නිකුත් කෙරිණි. 27 February 2019
ධර්මපාල මාවතේ මහදවාලෙත් විදුලි පහන් දැල්වෙයි කොළඹ ධර්මපාල මාවතේ විදුලි පහන් කණු අද ( 26) උදෑසන සිට මේ වන තුරුත් දැල්වෙමින් පවතින අයුරු. 26 February 2019
නිදහස් වෙළඳ කලාපයේ ආයතනයක සේවකයෝ උද්ඝෝෂණයේ කටුනායක නිදහස් වෙළද කලාපයේ පෞද්ගලික ආයතනක සේවක සේවිකාවන්ගේ ගැටළු හා ඉල්ලීම් වහා විසඳා දෙන්නැයි පවසමින් , අන්තර් සමාගම් සේවක සංගමය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අද (26) කොටුව ලෝක වෙළද මධ්‍යස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි. 26 February 2019
රජයේ පශු වෛද්‍ය නිලධාරීහු විදී බසිති රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සත්ත්ව සුබ සාධන සංගම් එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී අද(26) පැවැත්විණි. 26 February 2019
ඇමැති රුවන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩ අරඹයි ජනමාධ්‍ය සහ මාධ්‍යවේදීන් සමඟ සමීපව කටයුතු කරමින් මාධ්‍ය වෘත්තියක් ලෙස නගා සිටුවීමට තමන් උපරිමයෙන් කැපවෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කරමින් අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කොළඹදී පැවැසීය. 25 February 2019
නව ජනමාධ්‍ය ඇමැති ආගමික වතාවත් සඳහා ගංගාරාමයට පැමිණෙයි අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස අද (22) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගත්තේය. 22 February 2019
තුවාල ලැබූ වලි කුකුළාට වන ජීවී ඒකකයෙන් ප්‍රතිකාර ආණමඩුව කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලයේ ගොඩනැගිල්ලක ප්‍රධාන දොරටුවේ වීදුරුවේ ගැටී බරපතල තුවාල ලබා සිටි වලි කුකුළකුට අද(22) පුත්තලම වන ජීවි පාලන ඒකකය මගින් ප්‍රතිකාර ලබා දී තිබේ. 22 February 2019
ආරක්ෂක රාජ්‍ය ඇමැති පරිත්‍රාණ ධර්මදේශනයට සහභාගී වෙයි සී/ස එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 133 වැනි ඡන්ම සංවත්සරය වෙනුවෙන් සර්වරාත්‍රීක පරිත්‍රාණ ධර්ම දේශනයක් සී/ස එක්සත් ප්රවෘත්ති පත්‍ර ආයතන පරිශ්‍රයේ පැවැත්විණි. 22 February 2019
ඩීඑස් සම්මාන උළෙලේදී ජනප්‍රියම පුවත්පතට හිමි සම්මානය ලංකාදීපයට කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ වාණිජ සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නාම සම්මාන උළෙලේ දී වසරේ ජනප්‍රියතම පුවත්පත වශයෙන් ලංකාදීප පුවත්පත සම්මානයෙන් පිදුම් ලැබීය. 21 February 2019
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026