පාස්කු දින සමුගත් සියලු දෙනාටම සදා සාමය පතමු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඉකුත් පාස්කු ඉරිදා දින(21) සිදු වූ බෝම්බ ප්‍රහාරවලින් මියගිය සහෝදර ලාංකේය ජනතාවට ලංකාදීප කාර්ය මණ්ඩලයේ ශෝකය පළකරමු! 23 April 2019
තම දිවිය දෙවැනි කොට අන්‍යන්ගේ දිවි රැකීම කොළඹ ජම්පටා වීදීයේ රථ වාහන පරීක්ෂාවකදී වෑන් රියක තිබී හමු වූ බෝම්බයක් ආරක්ෂිතව පුපුරා හැරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු කළේය. 22 April 2019
ශ්‍රීපාද වන්දනාවට අධික ජනකායක් සිංහල හින්දු අලුත් අවුරුද්ද අවසන්වීමත් සමඟ සති අන්ත දීර්ඝ නිවාඩුවට ශ්‍රී පාදය කරුණා කිරීමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙමින් සිටින බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය. 19 April 2019
මහියංගණයේදී මියගොස් මඩකලපුවේදී මිහිදන්වෙති මහියංගනය ජාතික පාසල ඉදිරිපිට දී සිදුවු රිය අනතුරෙන් මියගිය 10 දෙනාගේ අවසන් කටයුතු අද (18) මඩකලපුවේ ස්ථාන දෙකකදී සිදුකරනු ලැබීය. 18 April 2019
නුවරඑළියේ මල් ප්‍රදර්ශනය ඇරඹේ නුවරඑළියේ වාර්ෂිකව පැවැත්වෙන මල් ප්‍රදර්ශනය අද (18) වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. 18 April 2019
කන්දකුලිය ගල්මල් සමුද්‍ර අභය භූමිය යළි ජීවය ලබයි එල්නිනෝ සංසිද්ධිය හෙවත් සයුරේ උණුසුම් දිය වැල් ඇතිවීම හේතුවෙන් මියගිය කන්දකුලිය ගල්මල් සමුද්‍ර අභය භූමිය යළි ජීව ලබමින් සිටින බව වාර්තා වේ. 17 April 2019
නැකතට හිසතෙල් ගෑම සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍රයක් වන හිසතෙල් ගැල්වීමේ නැකත් චාරිත්‍රය අද(17) පෙරවරු 7.40ට යෙදී තිබිණි. 17 April 2019
ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝත් අවුරුදු සමරති ඉතාලියේ සමාධි විහාරස්ථානය හා සමාධි සිංහල පාසල මගින් 10 වැනි වරටත් සංවිධනය කරන ලද සමාධි ගම්මැද්දෙ අලුත් අවුරුදු අසිරිය ඉතාලියේ කම්පෝ චෙරේට්ට හිදී පැවැත්විණි. 16 April 2019
පැරිසියේ බක්මහ සිරි ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පැරිසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරස්ථානයේ සංවිධානත්වයෙන් සෑම වසරකම පවත්වන සිංහල අලුත් අවුරුදු උළෙල මෙවරත් විහාරස්ථානයට නුදුරින් පිහිටි ලාකුරනව් ඩෙලානු ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත්ව පැවැත්විණි. 16 April 2019
සුබ නව වසරක් වේවා! උදාවූ නව වසර ලංකාදීප පාඨක ඔබට සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා! 14 April 2019
වසරේ ප්රවෘත්ති ඡායාරූපය “දේශසීමාවේ හඬන දැරිය” ඡායාරූපය ලොව හොඳම ප්රවෘත්ති ඡායාරූපය ලෙස තෝරාගනු ලැබ තිබේ. 12 April 2019
ගිලන් රථ 118 ක් බෙදා දෙයි දිවයින පුරා පිහිටි රෝහල් මධ්‍යම රජයේ හා පලාත් රෝහල් පද්ධතිය වෙනුවෙන් රුපියල් මිලියන 1082 වටිනා ගිලන් රථ 118ක් බෙදාදීම කොළඹ මහනගර සභා භූමියේදී සිදු කෙරිණි. 11 April 2019
එච්.එම් ජයවර්ධනයන් අවසන් ගමනේ අභවප්‍රාප්ත වූ ප්‍රවීණ සංගීතවේදී එච්.එම් ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු අද (10) බොරැල්ල කනත්තේදී සිදුකෙරිණි. 10 April 2019
දුම්රිය සේවකයෝ උද්ඝෝෂණයක ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදේශක, තාවකාලික, අනියම් සේවකයෝ 1535 ක් තමන්ව රාජකාරියෙහි ස්ථිර කරන ලෙස ඉල්ලා අද (10) උද්ඝෝෂණයක නිරතවුහ. 10 April 2019
වගාළිඳට වැටුණු වන අලි පැටවා බේරාගනී කැකිරාව කලාගම 8 ඇල ප්‍රදේශයේ අනාරක්ෂිත වගාළිඳක වැටී සිටි මාස 3ක පමණ වන අලි පැටවකු ගොඩ ගැනීමේ මෙහෙයුමක ගල්කිරියාගම වනජීවි කාර්යාලයේ නිලධාරිහු අද (9) නිරතවූහ. 09 April 2019
බෙලිඅත්තෙන් මාතර එන දුම්රියට මහ සෙනඟක් ජනතා අයිතියට පත්වූ මාතර - බෙලිඅත්ත නව දුම්රිය මඟෙහි ගමන් කිරීමට සහ දුම්රිය ස්ථානය දැකබලා ගැනීමට විශාල ජනකායක් අද(09) පැමිණ සිටි ආකාරය දක්නට ලැබිණි. 09 April 2019
විපක්ෂනායකවරයා සෝමාවතිය පුදබිම වැඳපුදා ගනී විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (8) පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය රජමහා විහාරය වෙත පැමිණ ආගමික වාතාවත් වල නිරත වී ආශීර්වාද ලබාගත්තේය. 08 April 2019
සංවර්ධන නිලධාරීහු වීදි බසිති සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ ටොරිංටන්හි පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (08) පැවැත්විණි. 08 April 2019
අලුත් සහල් මංග්‍යලය ජනපති- අගමැති ප්‍රධානත්වයෙන් අපුරේ ජාතික අලූත් සහල් මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (7) අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස දී පැවැත්විණි. 07 April 2019
ජාතික අලුත් සහල් මංගල්‍යයේ සතර වාහල්කඩ කිරි ඉතිරවීමේ චාරිත්‍රය අද ජාතික අලුත් සහල් මංගල්‍යට පෙර සුපුරුදු චාරිත්‍රානුකූලව සතර වාහල්කඩ කිරි ඉතිරවා සිදුකරනු ලබන දේව කන්නලවිව (06) අද අලුයම කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 06 April 2019
ජවීපෙ විරු සමරුමක් අනුරාධපුරයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද 48 වන අප්‍රේල් විරු සමරුම පක්ෂයේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) අනුරාධපුර කුබිච්චන්කුලම පිහිටි සිසිල උද්‍යානයේදි පැවැත්වුණි. 05 April 2019
රාවනාඇල්ල සිඳී යයි දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක්ව ඇති රාවණා දියඇල්ලේ ජලය සීඝ්රයෙන් අඩුවෙමින් පවතී. 05 April 2019
සමනළ වැවේ ජල මට්ටම පහත බැස නටඹුන් මතුවෙයි මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් සමනළවැවේ ජලමට්ටම සීග්‍ර ලෙස පහළ බැසීම නිසා ජලාශයට යට වූ කිංචිගුණේ විහාරස්ථානයේ සහ කිංචිගුණේ ගම්මානයේ නටඹුන් මතුව තිබේ. 04 April 2019
පුත්තලමේදී දුරස්ථ පාලක ගුවන් යනා සංදර්ශණයක් දුරස්ථ පාලක ගුවන් යනා සංදර්ශණයක් හා වැඩමුළුවක් පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයේදී අද (4) පැවැත්විණි.තාක්ෂණය පිළිබඳව උනන්දුවක් දක්වන දරු දැරියන්ගේ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි. 04 April 2019
ජපානයේ ‘ඩීඩී-151 අසගිරි’ නෞකාව කොළඹ වරායට ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ‘ඩීඩී-151 අසගිරි’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (4) කොළඹ වරායට සේන්දු විය. 04 April 2019
විරෝධතා පා ගමනට කඳුළුගෑස්-ජල ප්‍රහාර සරසවි සිසුන්ගේ විරෝධතා පා ගමනට පොලිසිය විසින් කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය. 03 April 2019
‘බක්මහ දිවුරුම’ ‘මතින් තොර රටක්’ වෙනුවෙන් ‘බක් මහ දිවුරුම’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද (03) සිදු කෙරිණි. 03 April 2019
ඇන්ජලීන් අවසන් ගමන් යයි අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) පස්වරුවේ බොරැල්ල කනත්තේ දී සිදු කෙරිණි. 02 April 2019
බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාව කොළඹ වරායට බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (02) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. 02 April 2019
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026