






(පද්මා කුමාරී කංකානම්ගේ)
එල්නිනෝ සංසිද්ධිය හෙවත් සයුරේ උණුසුම් දිය වැල් ඇතිවීම හේතුවෙන් මියගිය කන්දකුලිය ගල්මල් සමුද්‍ර අභය භූමිය යළි ජීව ලබමින් සිටින බව වාර්තා වේ.
වනජීවී දෙපාර්තුමේන්තුවේ කල්පිටිය අඩවි නිලධාරීන් කල්පිටිය නාවික හමුදාවේ ද සහය ඇතිව මියගිය කොරල්පරය මත කොන්ක්‍රීට් ඇසුරුම් රදවා එය මත නව කොරල් ජීවීන් රෝපණය කිරීම ආරම්භ කර තිබේ.
පරිසර හිතකාමීන්ගේ හදවත් තුළ නව පැතුම් ජනිත කරවමින් මෙම වෑයම අද වන විට ඵල දරා ඇතැයි වනජීවී දෙපාර්තුමේන්තුවේ කල්පිටිය අඩවි නිලධාරී මංජුල කුමාර මොරතැන්න මහතා පැවසීය.
"අත් හදා බැලීමක් වශයෙන් අපි මන්නාරමින් සජීවී කොරල් ජීවීන් සුරක්ෂිතව ගෙනාවා. කෝම්පිට්ටු වගේ කොන්ක්‍රීට් ඇසුරුම් හදලා ඒවා මියගිය පරය මත අලවලා ඒ මත මෙම නව ජීවීන් රෝපණය කළා.
"මාස කිහිපයකට ඉහත ඉතා නිහඬව ඇරඹූ මෙම ව්‍යාපෘතිය අද සාර්ථක වෙමින් පවතිනවා. එම රෝපණය කළ නව ජීවින් අද වැඩෙමින් නව ජීවින් ද බිහිකරනවා. මෙම ක්‍රියාවෙන් ලද උත්තේජනයක් වශයෙන් මැරුණු පර මතත් යළි නව ජීවින් බිහිවෙමින් සිටිනවා. මත්ස්‍ය ප්‍රජාව ද මේ නව කොරල් ජීවින් එක්ක සම්බන්ධතා පටන් අරන්."
1992 වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ අංක 708/ 24/ 1992 දරණ ගැසට් නිවේදනය මගින් සමුදුරු අභය භූමියක් වශයෙන් වැලිපර සමුද්‍ර අභය භූමිය ප්‍රකාශයට පත් කර ඇත.
කල්පිටිය අර්ධදීපයේ උච්චිමුණේ දූපතට බටහිරින් වෙරලේ සිට කිලෝමීටර දෙකක් දුරින් මෙම අභය භූමිය පිහිටා තිබේ.
වර්ග කිලෝ මීටට 307 ක භූමි භාගයක් පුරා පැතිරුණු මෙම අභය භූමිය තුළ කොරල් විශේෂ 136 ක් ද, මත්ස්‍ය විශේෂ 400 ක් වාසය කරති. එසේම ඉස්සන් පොකිරිස්සන් ගල් මාලු විශේෂ සිය අභිජනනය සඳහා ද මෙම අභය භූමිය භාවිතා කරයි. ජෛව විවිධත්වයෙන් අනූන මෙම ගල්පරය එවකට ජලජ ජීවීන් සඳහා පරීක්ෂණ පැවැත්වීමට සුදුසු පරීක්ෂණාගාරයක් ද විය.
දෙස් විදෙස් සංචාරක ආකර්ෂණ ද දිනා ගනිමින් රටට විදේශ විනිමයත් තවත් බොහෝ දෙනෙකුට ජීවන උපායක් ද වේ. වනජීවී දෙපාර්තුමේන්තුවේ අඩවි නිලධාරී මංජුල කුමාර මොරතැන්න, ක්ෂේත්‍ර සහායකවරුන් වන සුජිත් ප්‍රසාද්, නාරද කලුආරච්චි, වන සත්ත්ව නියාමක රුවන් වෙත්තසිංහ, ස්වේඡා මාර්ග උපදේෂක ශාන්ත සදරුවන් යන නිළධාරීන්,කල්පිටිය නාවික හමුදා සහාය ද සමඟ මෙම සද්ක්‍රියාවේ නිරත වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා නිහඩව කරන සේවය අගයමු
අලුත් අව්රුද්දෙ දැකපු හොඳම ප්‍රවෘත්තිය. දවස පුරාම ඍණාත්මක ප්‍රවෘත්ති කියවලා හෙම්බත්වුන පාඨකයන්ට තරමක සැනසිල්ලක්. පුවත්පතේත් වගකීමක් තියෙනවා ධනාත්මක සිතුවිලි සමාජගත කිරීමට. නිහඬ සේවයට මල්මිටක්.
ඉතා හොද උත්සහයක් ස්තුතියි
හොඳ වැඩක්
මේවා ගැන තියෙන ප්‍රචාරය මදි ?.
විල්පත්තුවටත් තම්බි ටික යවලා ඔහොම දෙයක් කරමුද?
අනේ ඔය සුන්දර තැනට කුණු රොඩු ප්ලාස්ටික් ගෙනිහිල්ල ජරාවාස කරන්න දෙන්න එපා .
මෙම සේවය ඉතා ඉහළින් අගය කරමි. අපේ ජනතාව රටට අාදරෙයි. අපි රට වෙනුවෙන් හොඳදේවල් කරමු. අපිව රවටන දේශපාලකයන් මේවාට ගාවගන් නැතුව අපි රට වෙනුවෙන් යමක් කරමු.
ගොඩක් අය මේගැන අවධානයක් නැති එක ගැන කනගාටුයි .අපේ රටේ සියලුම ජනතාවගේ අවධානය මෙවැනි කර්තවයන්ගේ වැදගත්කම ගැන යොමුකිරිම සියළුම මාධ්‍යයන්ගේ යුතුකමකි .
විශිෂ්ඨයි..... මගේ ප්‍රණාමය.
ෂා...ඔය යටට දමන කොන්ක්‍රීට් එකේ මගේ නම දමා ගන්න විදියක් නැද්ද ....නිකම් මේ ඉසුර කොන්ක්‍රීට් කියලා.
ඉතාමත් අගය කලයුතු වැඩක් , සුබ පැතුම්
රටේ , ජාතියේ ,පරිසරයේ උන්නතිය සඳහා කැපවෙන මිනිසුන් ගැන හිතන්න
ගොඩක් අගය කරමි. නිහඩව කරන මෙම සේවය
බෙහෙවින්ම අගය කරමි.කැප වූ සියලුම දෙනාට ස්තුති.