(වසන්ත චන්ද්‍රපාල)
මහියංගනය ජාතික පාසල ඉදිරිපිට දී සිදුවු රිය අනතුරෙන් මියගිය 10 දෙනාගේ අවසන් කටයුතු අද (18) මඩකලපුවේ ස්ථාන දෙකකදී සිදුකරනු ලැබීය.
මිය ගිය සියලු දෙනාගේ සිරුරු මඩකලපුව ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානය වෙත ගෙනවිත් එහිදී ආගමික වතාවන් පවත්වනු ලැබීය.
මෙම අනතුරින් මියගිය ලිස්ටර් ඇලෙක්සෙන්ඩර්,නිසලි ඇලෙස්සෙන්ඩර්,පයිගා ඇලෙස්සෙන්ඩර්,හැනලි ඇලෙක්සෙන්ඩර් ,වෙලාන්ටන් ජොබ්ස් සහ සිල්වියා ජොබ්ස් යන අයගේ අවසන් කටයුතු මඩකලපුව කල්ලියාන් කාඩු කතෝලික සුසාන භුමියේදී සිදු කෙරිණි.
අනෙක් දේහයන් කන්නාමුනේ සැඩෝ දේවාස්ථානයේදී ආගමික වතාවත් පවත්වා ජුඩ් හෙන්රි, මරියා හෙන්රි,සෙයිඩ් හෙන්රි,සෙරබි හෙන්රි යන එකම පවුලේ සිව්දෙනාගේ දේහයන් කන්නාමුනේ කතෝලික සුසාන භුමියේදී එකම වලක මිහිදන් කරනු ලැබීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය රථවාහන දෙපාර්තමේන්තුවේ උත්තමයන්ගේ සහ ඔවුනගේ හෙන්චියන්ගේ උතුම් ක්‍රියාවල ප්‍රතිඵලයි එනම් පගාවට රියදුරු බලපත්‍ර දී මෙලෝ හසරක පාරේ නීතියක් ගැන අවබෝධයක් නැති මෙලෝ හසරක මිනිස් ජීවිතයක් ගැන අවබෝධයක් නැති සත්තු ටිකක් මහා පාරට මුදා හැරීමේ ප්‍රතිඵලයයි මේ........ මෙම උත්තමයන්ට ලැබෙන දඬුවම වලක්වන්න කිසිවෙකුට බැරි බව මතක තබා ගන්න
වෙච්ච දේවල් වුණා... හුඟාක් කණගාටුවෙන් වුණත් අපිත් මේ සියලුදෙනා සමග කණගාටු වෙනවා. එ්ත් අපි අනාගතයට යම්කිසි දෙයක් මේකෙන් ඉගෙනගන්න ඕනේ... "කවුද වැඩිහිටියන් කියන්නේ..? මොනවද වැඩිහිටියන් වීමේ සුදුසුකම්..? අපි මොනවද වැඩිහිටියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ.. විය යුත්තේ..? මේ වාහනයේ ගමන් කරපු වැඩිහිටියන් වගකිය යුතුයි.. !