IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ශ්‍රී ලංකාවේ කුළුබඩු මුද්දරයටත් එයි

 

 

ශ්‍රී ලංකාවේ මුද්දර ඉතිහාසයේ  පළමු වතාවට  කුරුදු, ගම්මිරිස්, කරාබුනැටි  සහ සාදික්කා යන කුළු බඩුවල සිතුවම් ඇතුළත්  මුද්දර  කිහිපයක්  අද (27) නිකුත් කෙරිණි.

රුපියල් 15 බැගින් වු මුද්දර 4 ක්,  සමරු කවරයක් , සිහිවටන පත්‍රිකාවක්, කුඩා පොත් 4 ක්  මෙහිදි නිකුත් කෙරිණි.

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ  මහතා සහ  තැපැල් සේවා සහ  මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය   එම් එස් අබ්දුල්  හලීම්  යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපායේදී  මෙම මුද්දර  නිකුත්   කළේය.

 

( ඡායාරූප - ගයාන් අමරසේකර)



අදහස් (7)

ශ්‍රී ලංකාවේ කුළුබඩු මුද්දරයටත් එයි

විජිත් Wednesday, 27 February 2019 01:56 PM

හොඳ අදහසක්, එය අපේ රටේ අපනයන අංශයටත් වක්‍රව සහයක් දක්වනවනේ. මුද්දරයක් කියන්නේ ඇත්තටම රටක් නියෝජනය කරන තානාපති කෙනෙක් වගේ. එයින් ලෝකයට තමන් අයත් රටේ ස්වභාවය, පරිසරය, කෘෂිකර්මය, ආර්ථිකය, තාක්ෂණය, අධ්‍යාත්මය, ජන ජීවිතය, අධ්‍යාපනය... වැනි නොයෙකුත් පැති හා හැඩතල කියාපානවා. මමත් විනෝදාංශයක් ලෙස මුද්දර එකතුකරනවා. මගේ මුද්දර එකතුව මගේ සීයාගෙන් මගේ පියාට මගේ පියාගෙන් මට.. ලෙස දියුණුවෙමින් දියුණු කරමින් ගෙන ආ අපේ රට පිළිබඳව සුන්දර කතා රාශියක් කියාපාන මුද්දර එකතුවක්. එහි වටිනාකම අධික වුනත්, මට නම් එහි නියම අගය ඇත්තේ එය බලා විඳින රස වින්දනයෙයි. රටක මුද්දර නිකුත් කිරීමේදී ඒ ඒ රටවල් වලට නොයෙකුත් නිර්නායකයන් තියෙනවා. මූලිකම නිර්ණායකයක් තමයි වාර්ෂික මුද්දර නිකුතුවේ ප්‍රමාණය සීමා කරගැනීම. (15 පමණ) මුද්දරයෙහි වටිනාකම රැඳී තියෙන්නේ ඒ මතයි. ඉල්ලුමට වඩා අඩු ප්‍රමාණයක් නිකුත් කිරීමෙන් එහි සංසරණ වේගය අඩුවෙනවා. එවිට එහි ඉල්ලුම් මිල ඉහල යනවා. එවිට ඒ රටේ මුද්දර වලට ලෝකයේ වඩා වටිනාකමක් ලැබෙනවා. අවාසනාවකට 1980 ගණන් වල සිට අපේ රටේ ඒ සම්ප්‍රදාය ගිලිහි යමින් තිබෙන නිසා අපේ මුද්දරවල ' වටිනාකම' බොහෝ පහළ අගයක් ගන්නේ.

:       0       23

ශාන්ති Wednesday, 27 February 2019 11:27 PM

ස්තුතියි විජිත්, වෙනදා වගේම අදත් ඔයාගෙන් යමක් ඉගෙන ගත්තා.

:       0       6

chandima Wednesday, 27 February 2019 05:13 PM

මුද්දරෙන් ලැබෙන අදායම උත්සවෙටම වියදම් කරලා වගේ?

:       3       14

Dayal Thursday, 28 February 2019 11:00 AM

දේශපාලකයන්ම ඔය දේවල් විවෘත කරන්න ඕනෙද?

:       0       7

ravi Thursday, 28 February 2019 01:41 PM

මැලේසියාවේ කුණු කූඩවල තියන කුළු බඩු ලංකාවට ගේනැල්ලා ලංකාවේ නමින් අනිත් රටවල් වලට බෙදාහැරීම ගැන ඉතා සැලකිලිමත් වෙන්න. මුද්දරයක් අච්චු ගහගත්තයි කියල අපේ රටේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොලේ හොඳ තත්වයකට ගෙනඒමට අපහසුයි. එත් අපෙන් සුබ පැතුම් .

:       0       7

Nuwan Friday, 01 March 2019 06:59 AM

නුදුරු අනාගතේ කුළු බඩු දරුවන්ට උගන්වන්න වෙන්නේ මුද්දර පෙන්නලා. මොකද හැම පලකයාම ගොවියා රජා කරවන්න කියල ඇවිත් ගොවියා කපෝති කරනවනේ හැමදාම.

:       0       4

Chandima Friday, 01 March 2019 01:29 PM

අනේ මට හදිස්සියේ මතක් වුනේ... බැරිද අර්ජුන මහේන්ද්‍රන්ගෙයි අර එයාව ගෙන්නලා පත්වීම දුන්න කෙනාගෙයි ඔලු දෙකේ රූප දාලා මහබැංකු වංචාවට ජයග්‍රාහී සිව් වසරයි කියලා මුද්දරයක් නිකුත් කරන්න? එතකොටවත් ඒ වටින ඔලු දෙකට තැපැල් කන්තෝරුවේදීවත් අඩු ගානේ දඩ බඩ ගාලා සීල් එකෙන් වත් රිදෙන්න වදිවිනේ?

:       10       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site