





(මොහොමඩ් ආසික්)
ජපානයේ පිපෙන සුන්දර සකුරා මල් මේ දිනවල මහනුවර නගරය ඇතුළු ප්‍රදේශ ගණනාවක පිපී තිබේ.
මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට, වැව රවුම, කටුගස්තොට නගරය, වත්තේගම නගරය ඇතුළු පෙදෙස්වල සකුරා මල් පිපී ඇත.






(මොහොමඩ් ආසික්)
ජපානයේ පිපෙන සුන්දර සකුරා මල් මේ දිනවල මහනුවර නගරය ඇතුළු ප්‍රදේශ ගණනාවක පිපී තිබේ.
මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට, වැව රවුම, කටුගස්තොට නගරය, වත්තේගම නගරය ඇතුළු පෙදෙස්වල සකුරා මල් පිපී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුන්දර ඡයාරූප පෙළක්.
මේ සකුරා නෙවෙයි. රොබරෝසියා. ජපානයේ පිපෙන්නේ සොමෙයි යෝශිනෝ සකුරා.
සොබාදහමේ දායාදයක් හැටියට ලංකාවේ ලස්සනම නගරය සහ පළාත මහනුවර. මිනිස්සුන්ගේ සංවරකමත් පිහිටලා තියෙන්නේ ඒවත් එක්කම මට හිතෙන්නේ.
ලස්සන දසුනක් . හිතට මාර සතුටක් දැනෙන්නේ.
දන්නේ නැද්ද මේ රොබරෝසියා
මේවා සකුර නොවෙයි මේවට කියන්නේ රොබොරොසිය පේරාදෙණිය සරසවි බිමේ තිබෙනවා.
මේවා සකුරා නෙවේ. රොබරෝසියා
ඉතා අලංකාරයි. සිත් සුවපත් කරයි.
මේවා සකුරා නෙවේ රොබරෝසියා
මේවා සකුරා නොවෙයි. මේවාට කියන්නෙ රොබරෝසියා. මෙයින් සකුරා මල් ගැන මිනිසුන්ට වැරදි වැටහීමක් ඇති වෙනවා..
ලංකා සකුරා කියමුකෝ….. හරිම ලස්සන පිංතූර ටිකක්..
මේවා රෝබෝරෝසියා මල්,
මේවා චෙරි මල්ද ?
ජපානයේ සකුරා වර්ග කිහිපයක් තියනවා. මලේ පාට, පෙති ප්‍රමාණය වර්ගේ අනුව වෙනස් වෙනවා .ජපානේ නම් සකුරා පිපෙන්නේ සාමාන්‍යයෙන් අප්‍රේල් මාසේ මුල ඉදලා. සීත කාලේ අවසන් වෙනවත් එක්කම වගේ . එත් මේ සකුරා වර්ගයක් නෙවෙයි . මේක වෙනිසුලාව නිජබිම කරගත්තු ටබෙබුයියා පවුලේ රෝස පාට වර්ගය (Tabebuia Rosea ). සකුරා මලේ වගේ නෙවෙයි මේ මලේ ආයු කාලය ගොඩක් අඩුයි .සකුරා සතියක් විතර පිපිලා තිබුනත් මේ මල එච්චර නෑ .මම දන්නා තරමින් සකුරා ලංකාවේ සාර්ථක වෙලා නෑ.
මේ රොබරෝසිය
ඔබට බලන්න ඕනනම් පස්යාලේ ඉදන් නිට්ටබුවට යනකම් ලස්සන ගස් පෙළක් තියෙනවා. 50කට වැඩි ඇති.
අපි දැන් ... නුවරට .. ටෝකියෝ නුවර කියමුද ?
මේ ඉතා අලංකාර මල් විශේෂය ලංකාවට අවේනික ශාකයක් නොවන අතර, මා සිතන්නේ මේ ගස් සුද්දන්ගේ පාලන සමයේ පේරාදෙණිය මල් වත්තේ සහ දළදා මාලිගාව අසල වැව රවුමේ රෝපණය කල බවයි.
මේ මල් ප්‍රසිද්ධ පේරාදෙණිය පාර සහ ගලහ පාරට. පාසල් ගිය කාලේ මතක්වෙනවා