ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   මහතා  අද (27) රජයේ මුද්‍රණාලයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.රජයේ මුද්‍රණ කටයුතු සදහා පුළුල් දායකත්වයක් ලබාදෙන මෙම ආයතනයේ කටයුතු පිළිබද සොයා බැලු ජනාධිපතිවරයා එහි  අඩු පාඩු ද විමසා බැලීය.
 
 මුද්‍රණාලය වෙත පැමිණි ජනාධිපතිවරයා මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මිය විසින් පිළිගත් අතර අනතුරු ව ජනාධිපතිවරයා  කාර්ය මණ්ඩලය සමග සුහද කථා බහක ද නිරත විය.
 
 මේ දිනවල මුද්‍රණය වෙමින් පවතින,පොළොන්නරුව, ග්‍රන්ථයේ මුද්‍රණ කටයුතු ද මෙහි දී ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් කෙරිණි. 
 
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය )

(36698)