IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආධුනික සෙබළු 446 ක් විසිර යති

ඡායාරූප සහ සටහන - පුත්තලම එච්. චන්දන

පුත්තලම  විජයබාහු  පාබල රෙජිමේන්තු  පුහුණු පාසලේ  පාඨමාලා අංක 81 යටතේ පුහුණුව ලැබු  ආධුනික  සෙබළු 446 දෙනෙක් අද (9 වැනිදා) විසිර ගියහ. විසිර යාමට පෙර එම සෙබළු විජයබාහු  පාබල රෙජිමේන්තු  ක්‍රීඩා පිටියේ  අලංකාර සංදර්ශනයක් පැවැත්වූහ.

මෙම විසිරයාමේ පෙළපාළිය 21 වන සේනාංකාධිපති  බිගේඩියර් එන්.කේ.  ජයපතිරණ මහාතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ආධුනික  සෙබළු  446  දෙනා අතුරින්  දක්ෂතම වෙඩික් කරු ලෙස ආධුනික සෙබළ විජේරත්න ආර්.ජි.එන්.පි. ද,   සෑම අතින්ම අතිශූර සෙබළා ලෙස ආධුනික සෙබළ බණ්ඩාර  යු.ජි.එස්. සම්මාන දිනා ගත්හ.

විසිරයාමේ පෙළපාලියේ පෙළ අණදෙන්නා ලෙස හා පුහුණු පාසලේ ප්‍රධාන උපදේශකවරයා  ලෙස මේජර් එල්.අයි ප්‍රසන්න මහතාකටයුතු කළේය. මෙම  අවස්ථාවට පුත්තලම - සිංහනාගවිල්ළුව 143 වන බළසේනාධිපති බ්‍රිග්‍රේඩියර්  ධම්මික දිසානායක  මහතා ඇතුළු යුද හමුදාවේ නිළධාරීහු රැසක් මෙන්ම ආධුනික සෙබළුන්ගේ මා පියෝ ද සහභාගි වූහ.

 

 



අදහස් (3)

ආධුනික සෙබළු 446 ක් විසිර යති

Kumar (Gulf) Saturday, 09 March 2019 06:48 PM

ජය ශ්‍රී ආධුනික සෙබළුනි.

:       0       186

තාරක Sunday, 10 March 2019 05:30 AM

ඉස්සර වගේ දැන් අම්මලාට භය නැතිව ඇති දරුවෝ කොහේ ගියත්.

:       0       10

Nuwan Sunday, 10 March 2019 10:48 AM

දකුණු කොරියාව, සිංගප්පූරුව චීනය ඇතුළු සමහර රටවල වගේ සියලුම තරුණ තරුණියන්ට හමුදා සේවය වසරකට අනිවාර්ය කරන්න ඕනෑ. එමගින් ඔවුන්ගේ විනය සහ ශාරීරික යෝග්‍යතාවය හොඳින් පවත්වාගන්නත්, එකමුතුකම, කණ්ඩායම් හැඟීම වර්ධනය කරගන්නත්, විශේෂයෙන් රටේ අාදායමෙන් විශාලම ප්‍රතිශතයක් වැයවන ආරක්ෂාවට යන වියදම ඉතා අඩු කරගන්නත් පුළුවන්. දැන් මට බනින්න එපා.. අලුත් විදියකට හිතලා බලන්න

:       0       159

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site