IMG-LOGO

ඇමැති රුවන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩ අරඹයි

(නිමල කොඩිතුවක්කු)
 
ජනමාධ්‍ය සහ මාධ්‍යවේදීන් සමඟ සමීපව කටයුතු කරමින් මාධ්‍ය වෘත්තියක් ලෙස නගා සිටුවීමට තමන් උපරිමයෙන්ම කැපවෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කරමින් අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කොළඹදී පැවැසීය.

ජනමාධ්‍ය සහ මාධ්‍යයේ ගැටලු නිරාකරණය කරමින් 2015 සිට දිනාගත් මාධ්‍ය නිදහස තවදුරටත් ආරක්ෂා කරගැනීම තම අරමුණ බවද අමාත්‍යවරයා එහිදී පැවැසීය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අද (25) යෙදුණු සුබ මොහොතින් මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඡායනා මැද අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සිය ධුරයේ වැඩ බාරගනු ලැබීය. 

එහිදී සර්ව ආගමික නායකයන් අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාට ආශීර්වාද සිදුකළ අතර වැඩ බාරගැනීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මෙසේ ද කීය.

‘‘ජනමාධ්‍ය  අමාත්‍යංශයේ වැඩආරම්භ කිරීම සම්බන්ධයෙන් මම ගොඩක් සතුටට පත්වෙනවා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ කරගෙන යන ගමන් මා ගැන විශ්වාසය පළ කරමින්  ජනමාධ්‍ය අමාත්‍යාංශය මට බාරදීම ගැන මම ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් මගේ ස්තූතිය පුද කරනවා.

විශාල වගකීමක් තියෙන අමාත්‍යංශයක් තමයි මේ අමාත්‍යාංශය. ඒ නිසා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්න මට මේ ලැබුණු අවස්ථාව ප‍්‍රයෝජනයට ගෙන වැඩකටයුතු  රාශියක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. 

2015 වසරේ අපේ ජයග‍්‍රහනයත් සමග අපි මේ රටට මාධ්‍ය නිදහස ලබාදුන්නා. ඒ නිදහස ආරක්ෂා කරගනිමින්  රටේ ජනමාධ්‍ය නගා සිටුවීමට 2015 සිට අපි දිනාගත්ත  මාධ්‍ය නිදහස තවදුරටත්  ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නත්  මම කටයුතු කරනවා.
ඒ වගේම  මාධ්‍යවේදීනුත්  ආර්ථික ගැටලු ඇතුළු විවිධ ගැටලුවලට මුහුණ දෙනවා. එවැනි ගැටලු පිළිබඳ සාකච්ඡා කරලා  මාධ්‍යවේදීන්ටත්  වෘත්තීයක් ලෙස ඉහළට යාමට අවශ්‍ය  සහන ලබා දෙන්නත් මගේ  බලාපොරොත්තුවක් තියෙනවා.


මේ දිනවල රාජ්‍ය මාධ්‍ය ආයතනවල යම් යම් ගැටලු තියෙනවා.  මතුව ඇති ගැටලුත් සාකච්ඡා මාර්ගයෙන්  නිරාකරණය කරගෙන  එම ආයතන යථා තත්වයට පත්කරන්නත්  මම බලාපොරොත්තු වෙනවා.

ජේ. ආර් ජයවර්ධන , රණසිංහ පේ‍්‍රමදාස මහත්වරුන්ගේ කාලයේ දී  රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය හොද මට්ටමක පැවතුණා. එම ආයතන යළි එම මට්ටමට ගෙන ඒම අපේ අරමුණයි.

මේ ලැබුණු අභියෝගයට මුහුණ දීලා මාධ්‍යයට උපරිම සේවයක් කිරීම මගේ බලාපොරොත්තුවයි. ඒ සඳහා සහෝදර මැති ඇමැතිවරුන්ගේත් සහාය අපේක්ෂා කරනවා.

කවුරුත් දන්නවා මාධ්‍යය  අපේ ඇගේ තියෙනවා. මගේ සියා ඩී. ආර්  විජයවර්ධන මේ රටේ මාධ්‍යයටත් රටේ නිදහසටත්  විශාල සේවයක් සහ කැපකිරීමක් කළා.  

එක පැත්තකින් මාධ්‍ය තියෙනවා. අනික් පැත්තෙන්  මවගේ පාර්ශවයෙන් දේශපාලනය තියෙනවා. ඒ නිසා ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස පත්වීම සුදුසු ලකුණක් ලෙසයි මම දකින්නේ’’ යැයිද අමාත්‍යවරයා එහිදි පැවැසීය.

අමාත්‍යවරුන් වන රවි කරුනානායක, පී. හැරිසන්, අජිත් පී පෙරේරා යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ආංශු මාරසිංහ, කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් සහ කොළඹ පුරපති රෝසි සේනානායක මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
 
 


(ඡායාරූප : ඉෂාන් සංජීව)

(ඡායාරූප - ඩික්සන් වසන්ත) 



අදහස් (0)

ඇමැති රුවන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 964 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1347 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site