මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30 ක් සපිරීම වෙනුවෙන් පවත්වන ලද උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
‘සිහිනය වෙනුවෙන් ඛේමාගේ කොලූ’ නමින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
තමාට පැවරෙන සෑම වගකීමක්ම දැඩි කැපවීමෙන් ඉටුකරන මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිදියාව ගරු කරන දේශපාලනඥයෙක් බව ජනාධිපතිතුමා පැවසීය.
ඔහුගේ 30 වසරක දේශපාලන දිවිය ඇගැයීමට ලක් කළ ජනාධිපතිතුමා ඉදිරි කටයුතු වෙනුවෙන් ද සිය ආශිර්වාදය පළ කළේය.
මෙම උත්සවයේ ප්‍රධාන දේශනය එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිටපු එක්සත් ජනපද තානාපතිනි සැමැන්තා පවර් මහත්මිය විසින් සිදු කරනු ලැබුවාය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ආර්. සම්බන්ධන් යන මහත්ම මහත්මීහු ද රාජ්‍ය නිලධාරීහු, විදෙස් තානාපතිවරු ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ.
(28535)
( ඡායාරූප : රොමේෂ් ධනුෂ්ක සිල්වා)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයට හා පසුගිය පාලකයන්ට ඡන්දෙ දුන් අයට විනාඩියක නිශ්ශබ්දතාවක්!
ලක්ෂ්මන් කදිරගාමර් ගෙන් පසු ලංකාවේ හොදම විදේශ ඇමති මංගල සමරවීර මහතායි. එසේම වත්මන් පාර්ලිමේන්තුවේ සිටිනා නවීනම අදහස් ඇති ලිබරල් දේශපාලකයා මෙතුමයි.
රට පවා දී ආර්ථිකය විනාශ කළා මිස වෙන කරපු දෙයක් නැත. රටේ අවාසනාවට පහල වූ මිනිස්සු නිසා මහා ජනතාව දුක් විඳිනවා. මී ළඟ ඡන්දෙදිවත් ජනතාව මොළේ පාවිච්චි කර බුධිමත්ව ඡන්දය දිය යුතයි.
ජනාධිපතිතුමනි මෙහෙම කිව්වනම් හොද නැද්ද " බටහිරින් තමාට පැවෙරෙන ඕනෑම වගකීමක් දැඩි කැපවීමෙන් ඉටුකරන " මංගල ඇමතිවරයා
තමන්ට පැවරෙන ඕනෑම වගකීමක් නව දැක්මකින් යුතුව…. අවංකව….. ඉතා උද්යෝගයෙන් ….ඒ කියන්නේ බොක්කෙන්ම…. මේතාක් රටට දැයට කළ මහඟු කළ සේවයට ඔහුට තුති පුදන අතරම තව දීර්ඝ කාලයක් මේ රටට සේවය කරන්නට ලැබේවායි ප්‍රාර්ථනය කරමු.
මේ දවස්වල නම් දෙහි කැපිල්ල ඇර වෙන වැඩක් නෑ වගේ. එක්කෙනෙක් යන යන තැන දෙහි කපනවා. අනිත් එක්කෙනා ඇහුනේ නෑ වගේ ඉන්නවා. මේක පුදුම ජාතියේ හවුල් ආණ්ඩුවක්.
කවුරු මොනවා කිව්වත් මංගල හොරෙක් නොවේ..
සහතික ඇත්ත. මේක ඩිස්ලයික් කරපු කට්ටිය පාටින් විතරක් දේශපාලය මනින කට්ටිය. ඇස් වහගෙන පුද්ගලයා කියන දේ අහන්න ඕනේ. මෙතුමා දන්නවා දියුණු ලෝකයත් එක්ක ඉදිරියට යන්න. ඉතා නවීන අදහසක් තියෙන්නේ.
මේ යන විදියට අවුරුදු 20, 10, 5, 2 ගිය කට්ටියටත් උත්සව තියයි වගේ. එතකොට අර මැරෙනකල්ම ඉන්න හිතන් ඉන්න කට්ටියට උත්සව තියන්නේ නැතිද?
දැන් කවුරුත් ඉතින් අවුරුදු හතලිහ, පනහ සමරන කට්ටිය තමයි. 225 දෙනෙක්ම ඉන්න හින්ද ජනාධිපති තුමාට වෙන වැඩක් කරන්න කාලයක් නැතිවෙයි. හැබැයි, රටට දැන් නම් ඕන කරන්නේ එක අවුරුද්දක් වත් නොපිරිනු අලුත්ම පිරිසක් මිසක් සෙන්චරි ගහපු කට්ටිය නම් නෙමෙයි. සෙන්චරි කාරයෝ ඔක්කොම එකතුවෙලා කලේ 1948 දී සතයක්වත් විදේශ ණය නොතිබුන ලංකාව අවුරුදු 70 කට පස්සේ එක පුරවැසිය රුපියල් හාර ලක්ෂ තිස්පන් දාහ බැගින් ණය බරකට තල්ලුකිරීම නොවේද?
එක්කෙනෙක්ට 30 අනිත් එක්කෙනාට 40. අපිට නිදහස ලැබිල 70. මට මේ දේශපාලකයන්ගෙන් අහන්න තියෙන්නේ "ඔබලා රටට යමක් කළා සතුටින් මැරෙන්න පුලුවන්ද?". මට ජනතාවගෙන් අහන්න තියෙන්නේ "ඔබලාගේ තේරීම් ගැන අවංකවම සතුටු විය හැකිද?"
මේ සෙට් එකට බුලත්. අපිට කන්ටේන ගණන් කරුංක පුවක් හා ගම්මිරිස් . අනේ මන්ද මොනවද වෙන්නේ කියල. සංඩු වෙවී යාලුවෙවී දීග කනවා වගේ රටත් කනවා.
සැබවින්ම මංගල රටේ නායකත්වයට පවා සුදුසු අදින දේශපාලන දැක්මක් සහිත දේශපාලකයෙක්. ඉතා කැපවීමෙන් තමන්ට පැවරෙන වගකීම ඉෂ්ඨ කරන පුද්ගලයෙක්. චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලයේ ඔහු අපේ රටේ සන්නිවේදන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කළා. එසේම මාතරට ඔහු කර ඇති සේවාව වෙනත් කිසිම කෙනෙකුගෙන් සිදුවී නෑ.2005 මහින්දගේ ජයග්‍රහණයේ නියමුවා ඔහුයි. එත් පසුව මහින්ද සහෝදරයින් ලං කරගෙන ඔහුව කපා දැම්මා.
දේශපාලනය කියන්නේ කුමක්දැයි ජෝන් අමරතුංගගේ සහ මංගලගේ උත්සව වෙනුවෙන් පැමිණි උදවිය දිහා බැලුවාම ඉතා හොඳින් අවබෝධ කරගත්තැකි ..අපේ රටේ ඉදිරිය ගැනත් කියන්ට තියෙන්නේ මේ හැමදාම කියන දේ තමයි...
දැම්මම උත්සවේ ගත්තු එක හොඳයි. අර කුඩුකාරය අපහු ආවම මොන මොනවා කියයිද දන්නේ නැහැනේ?
කොහොම හිනා වෙන්නද මන්ද?
කිසිම ප්‍රතිපතියක් මේ දන්නටම නැහැ කියන එක දැන් පේනවා නේද?
දැන් පොඩ්ඩක් දේශපාලනෙන් සමුගෙන සැදෑ සමය වින්දනම් තමයි හොද
මෙහෙමත් නාටක
අවරුදු 30 - 40 ක තිස්සේ ශ්‍රී ලංකා මාතාවගේ ලේ උරා බොන පරපෝෂිතයන් ගොඩක් සිටින බව රහසක් නොවේ
අවරුදු 30 - 40 ක තිස්සේ කොල්ලෝ කී දෙනෙක් පාවිච්චි කරාද කියලත් කියන්න .....
සමනල සිහිනයක්...
ප්‍රතිපත්තියක් නැති දේශපාලකයෝ....
මේ අය ඉන්නකම් මේ රටට හරියන්නේ නැහැ...
රසික ඔයා ලෙඩෙක්... බෙහෙත් ටිකක් ගන්න.
මේ සෙට් එකම එකට වාඩිවෙලා හොඳට ඉන්නවා... ඡන්දෙ කිට්ටු වෙනකොටනේ රඟපාන්න පටන්ගන්නේ...