දකුණු පළාතටත් කොරෝනා මර්දන එන්නත ලබාදෙයි ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබූ ඔක්ස්ෆොර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත අද (30) සිට දකුණු පළාතේ රෝහල්වල සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලධාරි කාර්යාලවල පළමු පෙළ සෞඛ්‍ය සේවකයන් වෙත එන්නත් කිරීම ඇරඹූ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පැවසීය. 30 January 2021
මධ්‍යම පළාතේත් කොරෝනා මර්දන එන්නත ලබාදීම ළමා රෝහලින් අරඹයි කොරෝනා මර්දන එන්නත මධ්‍යම පළාතේදී පළමු වරට පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහළේ වෛද්‍යවරුන් ඇතුලු සියලු කාර්ය මණ්ඩලයට ලබාදීම අද (30) සිදුකෙරිණි. 30 January 2021
මඩකලපුවට කොරෝනා මර්දන එන්නත ලබාදෙයි මඩකලපුව දිස්ත්‍රික්කයේ කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ කටයුතු අද (30) ආරම්භ කරන ලදී. 30 January 2021
ගම්පහටත් කෝවිඩ් මර්ධන එන්නත එයි කොවිඩ් 19 වයිරසය මර්දන එන්නත ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් 06 කදී සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ දී ලබා දීම අද (30) උදෑසන සිදු කෙරිණි. 30 January 2021
කෑගල්ල ඇටෝරැවාව ග්‍රාමයට සංචරණ සීමා කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශයට අයත් සමගිගම ඇටෝරැවාව ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට කටයුතු කළ බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක බණ්ඩාර අත්තනායක මහතා අද (30) පැවසීය. 30 January 2021
අද කොරෝනා මරණ 08ක් අද (29) කෝවිඩ් මරණ 08 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. 29 January 2021
අදත් කොරෝනා ආසාදිතයින් 859 ක් අද (29) පෑළියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 458 දෙනෙකුටද, බන්ධනාගාර කෝවිඩ් පොකුරෙන් 07 දෙනෙකුටද කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ. 29 January 2021
පළමු දිනයේම 5286 කට එන්නත දෙයි ඉන්දියාවෙන් ගෙන ආ කොරෝනා මර්දන එන්නත් කිරීම ආරම්භ කළ පළමු දිනය වන අද (29) 5286 දෙනෙකුට එන්නත් කර තිබේ. 29 January 2021
ආසාදිතයෝ 963ක් සුවය ලබති කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 963දෙනෙකු සුව වූ බව තහවුරු කර රෝහල්වලින් පිටව ගොස් ඇති බව අද(29) වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ දෛනික වාර්තාවේ දැක්වේ. 29 January 2021
මිනුවන්ගොඩ පැරණි වෙළෙඳ සංකීර්ණය වහයි මිනුවන්ගොඩ නගරයේ පිහිටි පැරණි වෙළද සංකීර්ණයේ වෙලදසැල් කිහිපයක හිමිකරුවන් සහ සේවික සේවිකාවන් 10 දෙනෙකු කොවිඩි 19 ආසාදිතයන් බවට අනාවරණය වීමෙන් අනතුරුව එම වෙලදසැල් සංකීර්ණයේ සියලු වෙලදසැල් වසා දැමීමට කටයුතු කළ බව මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක අනුර රන්දෙණිය මහතා අද (29) පැවසීය . 29 January 2021
ගම්පහ නගර සභාවේ යක්කල කාර්යාලය වසා දමයි ගම්පහ මහ නගර සභාවෙහි යක්කල උප කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ අයෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වීම මත එම කාර්යාලය වසා දැමීමට පියවර ගෙන ඇතැයි නාගරික කොමසාරිස් ගයනී රණසිංහ මහත්මිය ප්‍රකාශ කළාය. 29 January 2021
කොවිඩ් මරණ සංඛ්‍යාව 300 ට ලඟා වෙයි කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය. 28 January 2021
අද කොරෝනා ආසාදිතයන් 852 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 501 දෙනෙකු අද (28) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 10.25 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 28 January 2021
කෝට්ටේ මහනගර සභාවේ ඉංජිනේරු අංශය වහයි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ඉංජිනේරු අංශය වසා දැමීමටත්, සේවා සැපයුම් අංශය වෙනම කාර්යාලයක් විවෘත කර ජනතා සේවය සැලසීමට පියවර ගත් බවත් කෝට්ටේ නගරාධිපති අයි.ඒ. වී ප්‍රේමලාල් මහතා අද (28) පැවසීය. 28 January 2021
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත දවස් 10න් ගෙදර යයි කෝවිඩ්-19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා අද (28 )සුවය ලබා බේරුවල සිය නිවස වෙත පැමිණ ඇති බව රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීහු පවසති. 28 January 2021
පොළොන්නරුවේ ඇඟලුම් කම්හළකට පෙබරවාරි 1 වැනිදා තෙක් නිවාඩු පොළොන්නරුව, ලංකාපුර ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලකින් කොරෝනා රෝගීන් විශාල වශයෙන් හමුවීම නිසා එම ඇඟළුම් කම්හලේ සියලුම සේවකයින්ට පෙබරවාරි මස 01 වැනිදා තෙක් නිවාඩු ලබාදෙන ලෙස උපදෙස්දී ඇතැයි පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා අද(28) ප්‍රකාශ කළේය. 28 January 2021
කොවිඩ් පාලනයේදී ලංකාව පළමු 10 අතරට ගෝලීය අර්බුද රැසක් ඇති කළ නව කොරෝනා වයිරසය පාලනය කිරීමේදී ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ මුල් රටවල් දහය අතරට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. 28 January 2021
රාජ්‍ය බැංකුවක කුරුවිට ශාඛාව වසාදමයි රාජ්‍ය බැංකුවක කුරුවිට පිහිටි ශාඛාවක කාර්ය මණ්ඩලයේ 4දෙනෙකුට කෝවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම බැංකු ශාඛාව දින 14ට වසාදැමීමට දැනුම්දුන් බව කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් අද(28) පැවසීය. 28 January 2021
පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ සැකකරුවන් 16කට කොරෝනා වවුනියාව පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටි සැකකරුවන් 16දෙනකු කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී අද(28) හදුනාගත් බව වවුනියාව සෞඛ්‍ය අංශ කියයි. 28 January 2021
කොටිකාවත්තෙන් අද කොරෝනා රෝගීන් 62 ක් හමුවේ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ අද (27) දිනය තුළ පමණක් කොවිඩ් ආසාදිතයන් 62 දෙදෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 27 January 2021
කොරෝනා මරණ 290 ට නගී කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් දෙදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (27) තහවුරු කළේය. 27 January 2021
අද දිනයේදී කොරෝනා අසාදිතයන් 742 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 431 දෙනෙකු අද (27) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 10.05 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 27 January 2021
ලොවපුරා කොරෝනා ආසාදිතයින් මිලියන 100 ඉක්මවයි ලොවපුරා මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 100 ඉක්මවා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 27 January 2021
වනජීවී ඇමැති කැමැත්තෙන්ම ස්වයං නිරෝධායනය වෙයි වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍යය සි.බි.රත්නායක මහතා යළිත් ස්වෙච්ඡාවෙන්ම අමාත්‍යවරයාගේ නිවසේ අද (27) දින සිට ස්වයං නිරෝධානයට යොමු වි ඇත. 27 January 2021
හැටන් විද්‍යාලයක් තාවකාලිකව වසාදමයි හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන විද්‍යාලයක් අද (27) සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතා පැවසීය. 27 January 2021
අටුළුගම සංචරණ සීමා ඉවත් කරයි පුරා මාස දෙකට අධික කාලයක් සංචරණ සීමා පණවා තිබූ බණ්ඩාරගම අටලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් වල සංචරණ සීමා ඉවත් කිරීමට අද (27 )අලුයම කටයුතු කෙරිණි 27 January 2021
පල්ලම රාජ්‍ය බැංකුවක් වසා දමයි පල්ලම නගරයේ රාජ්‍ය බැංකුවක මුදල් අයකැමියා කොවිඩ්- 19 ආසාධිතයකු වීමත් සමග එම බැංකු ශාඛාව වසා දමා ඇති බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 27 January 2021
අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 748 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 379 දෙනෙකු අද (26) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 8.50 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 26 January 2021
තවත් කොවිඩ් මරණයක් කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද (26) දිනයේදී තවත් පුද්ගලයකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 26 January 2021
ග්‍රාම නිලධාරී වසම් 10 ක් හුදකලා බවින් නිදහස් කරයි හුදකලා කර තිබූ ග්‍රාම නිලධාරී වසම් 10 ක් හෙට (27) උදෑසන 5.00 සිට හුදකලා බවින් නිදහස් කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 26 January 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026