(චමිල් රූපසිංහ)
කොරෝනා මර්දන එන්නත මධ්‍යම පළාතේදී පළමු වරට පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහළේ වෛද්‍යවරුන් ඇතුලු සියලු කාර්ය මණ්ඩලයට ලබාදීම අද (30) සිදුකෙරිණි.
සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහළේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.එම්. එස්. වීරබණ්ඩාර මහතා සඳහන් කළේ රෝහලේ කොරෝනා ව්‍යාප්තිය පැතිරීම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම මගින් සාර්ථකව මැඩ පවත්වා තිබූ අතර, රෝහල තුළ කොරෝනා ආසාදනය වූයේ 4 දෙනෙකුට පමණක් බවත්ය. එනමුත් මෙම කෝවිඩ් එන්නත ලබා දීම මගින් රෝහලේ සියලුම කාර්‍ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීමට හැකිවන බවත්, රෝහලේ වෛද්‍යවරු ඇතුලු සියලුම කාර්‍ය මණ්ඩලයට ලබා දීම සඳහා එන්නත් 1200ක් රෝහලට ලැබී ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙම කොරෝනා මර්ධන එන්නත මධ්‍යම පළාතේ ළමා රෝහලට ප්‍රථමයෙන් ලබා දිම පිළිබදව තමන් ප්‍රසාදයට පත්වන බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මධ්‍යම පළාතේත් කොරෝනා මර්දන එන්නත ලබාදීම ළමා රෝහලින් අරඹයි