හලාවත විධායක ඉංජිනේරු කාර්යාලය වසාදමයි ඉංජිනේරුවරයෙකු කෝවිඩ්-19 අසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීම නිසා වයඹ පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් හලාවත එගොඩවැල්ලේ පිහිටි හලාවත විධායක ඉංජිනේරු කාර්යාලය තාවකාලිකව අද ( 9 ) දහවල් සිට නැවත් දැනුම් දෙන තෙක් වසා දැමු බව හලාවත සෞඛ්‍ය අංශ කියයි. 09 February 2021
පීසීආර් යන්ත්‍ර නැතිව ජෛව සාම්පල 800ක් බදුලු රෝහලේ ගොඩගැසෙයි ඌව පළාතේ කොරෝනා වයිරසය ආසාදිත යැයි සැක පුද්ගලයින්ගෙන් ලබාගත් ජෛව සාම්පල නියදි 800ක් පමණ බදුල්ල මහා රෝහලේ පී.සී.ආර් පරීක්ෂණාගාරයේ ගොඩගැසී ඇතැයි බදුල්ල වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ශාන්ත ගමගෙදර මහතා පැවසීය. 09 February 2021
මඩකලපුවේ-මාතලේ වසම් කිහිපයක අගුලු අරී මඩකලපුව සහ මාතලේ ග්‍රාම සේවා වසම් කිහිපයක් අද(09) උදෑසන 6.00 සිට හුදකලා බවින් ඉවත් කර ඇතැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 09 February 2021
අද කොරෝනා මරණ 9 යි : ආසාදිතයන් 878 යි කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 9 දෙනෙකු අද (8 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 08 February 2021
නිදහස් උළෙලට ආ වැල්ලම්පිටිය සිවිල් ආරක්ෂක කඳවුරේ 8 කට කොරෝනා 73 වැනි නිදහස් සමරුම් උත්සවයට සහභාගි වී සිටි වැල්ලම්පිටිය වෙන්නවත්ත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු කඳවුරේ භටයන් 8 දෙනෙකු ද කොවිඩ් ආසාදිතයන් වශයෙන් අද (8) හදුනාගත් බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග පවසයි. 08 February 2021
මංගලෝත්සවයේ මනාල යුවළ ඇතුළු 136 කට කොරෝනා අඹන්පොල ප්‍රදේශයේ පසුගිය ජනවාරි 21 දින පැවති මංගල සාදයකින් පසු මනාලයා හා මනාලිය ඇතුළු 136 කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 08 February 2021
වවුනියාවේ එළවළු තොග වෙළඳපොළ යළි අරී පවතින කොරෝනා වසංගත උවදුර හමුවේ වසා දැමුණු වවුනියාව එළවළු තොග අලෙවි වෙළදපොළේ කටයුතු අද(08) සිට යළිත් ආරම්භ කර තිබේ. 08 February 2021
චීන එන්නතත් මේ සතියේදී ලංකාවට චීනයේ නිපදවූ සිනෝෆාම් කොරෝනා මර්දන එන්නත මේ සතිය අවසානය වනවිට ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට රජය පියවර ගනිමින් සිටින බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 08 February 2021
අවුරුදු 30-60 අතර අයට කොරෝනා මර්දන එන්නත මාර්තුවේදී මාර්තු 1වැනිදා සිට අවුරුදු 30 සිට 60 දක්වා වයස්වල සිටින සියලු පුරවැසියන්ට කොරෝනා මර්දන එන්නත ලබාදෙන බව වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. 08 February 2021
කෑගල්ල මහ රෝහලට පීසීආර් යන්ත්‍රයක්-රසායනාගාරයක් කෑගල්ල මහ රෝහල සදහා රුපියල් මිලියන 284ක් වටිනා පී.සී.ආර් යන්ත්‍රයක් ප්රදානය කිරීම සහ අංග සමිපුර්ණ රසායනාගාරයක් විවෘත කිරීම අද(08) සිදුකෙරිණි. 08 February 2021
එකම පවුලේ 10කට කොරෝනා කොලොන්නාව නාගහමුල්ල ප්‍රදේශයේ නිවසක එකම පවුලේ මව, පියා, දරුවන් ඇතුලු 10 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 08 February 2021
පිසීආර් ගන්න එන්න කියූ පීඑච්අයිට බැණ වදී මුන්දලම උඩප්පුව ප්‍රදේශයේ පිරිසක් ජෛව පටල පරික්ෂාවකට රැගෙන යාමට පැමිණි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට බැන වැදී සිරුරට ගිනි තබා ගන්නා බවට තර්ජනය කිරිමෙන් පසුව උඩප්පුව පොලිසිය මැදිහත්ව එම පිරිස පරික්ෂණ වලට අද (8) යොමු කළ බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය නිළධාරි ඒ.ආර්.ජවුසි මහතා පවසයි. 08 February 2021
සූරියාටත් කොරෝනා දකුණු ඉන්දීය ප්‍රකට දමිළ රංගන ශිල්පියකු වන සූරියා සිවකුමාර් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 08 February 2021
රිදීමාලියද්දේ පාසල් 18 ක එක සිසුවෙක්වත් නෑ රිදීමාලියද්ද ප්‍රදේශයේ සීග්‍රයෙන් පැතිරී යන කොවිඩ් වසංගතයත් සමග අද(08) ප්‍රදේශයේ පාසල් 18කට කිසිදු සිසුවෙකු පැමිණ නැති බව ඌව පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ඩී.එම් රත්නායක මහතා පැවසීය. 08 February 2021
අද කොරෝනා මරණ 5 යි : ආසාදිතයන් 772 යි කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු අද (7 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 07 February 2021
ප්‍රදේශ 10 ක් හුදෙකලා බවින් නිදහන් කරයි පොලිස් වසම් 3 කට සහ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට අයත් ප්‍රදේශ 10 ක් හෙට (8 වැනිදා) උදෑසන 5.00 සිට හුදකලා බවින් නිදහස් කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 07 February 2021
කොවිඩ් ආසාදිතයා පාවිච්චි කළ ඉන්හේලරය අසල්වැසියාත් යොදාගෙන කෑගල්ලේ කොරෝනා ආසාදිතයකු, භාවිත කළ ඉන්හේලරයක්(ස්වසන ආධාරකයක්) ඉල්ලා, භාවිත කළ අසල්වැසි නිවසක හිමිකරු ඇතුළු පවුලේ සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමු කළ බව කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්. ඵම්. අමරතිලක මහතා කීවේය. 07 February 2021
ගම්පහ පොදු වෙළෙඳපොල වසාදමයි ගම්පහ පොදු වෙළඳ පොලෙහි වෙළඳුන් 58 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට ලක්කිරීමේදී ඉන් 18 දෙනෙකු ආසාදිතයින් බවට තහවුරු වූ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා සඳහන් කරයි. 06 February 2021
බෙලිහුල්ඔය හෝටලයක් වසයි බෙලිහුල්ඔය ගලගම ප්‍රදේශයේ හෝටලයක කළමනාකරුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම හෝටලය අද (06) සිට තාවකාලිකව වසා දැමීමට උපදෙස් ලබා දුන් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිහු පැවැසුහ. 06 February 2021
156,310 කට කොරෝනා මර්දන එන්නත කොරෝනා වසංගතය මර්දනය කිරීම සම්බන්ධයෙන් සෘජුවම දායකත්වය සපයන 156,310 දෙනකුට කොරෝනා මර්දන එන්නත දී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි. ඊයේ දිනයේ පමණක් 9983 දෙනකුට කොරෝනා මර්දන එන්නත දී තිබේ. 06 February 2021
සංචරණ සීමා පැනවූ ඇටොරැවාවෙන් කොරෝනා රෝගින් 04ක් සංචරණ සීමා පනවා ඇති කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ඨාශයේ ඇටෝරැවාව ග්‍රාමයෙන් කොවිඩි 19අසාදිත රෝගින් 04 දෙනෙකු වාර්තා වී ඇති බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක බණ්ඩාර අත්තනායක මහතා අද (06) පැවසීය. 06 February 2021
අද කොරෝනා මරණ 4 යි : ආසාදිතයන් 729 යි කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් සිවු දෙනෙකු අද (5 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 05 February 2021
මහියංගණයේ තවත් ඇගළුම් ආයතනයක් වසා දැමේ මහියංගණ නගරය ආසන්නයේ ඇගළුම් ආයතනයක සේවක සේවිකාවන් 98 දෙනෙකු අද (05) දිනයේ කොවිඩ් ආසාදිතයින් බවට හදුනාගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය අංශ උපදෙස් පිට දින 3 ක් ඇගළුම් ආයතනය වසාදැමීමට පියවර ගෙන ඇත. 05 February 2021
අද කොරෝනා මරණ 7 යි : ආසාදිතයන් 706 යි කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු අද (04 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 04 February 2021
බලපිටිය රෝහලේ වසා දැමූ ඒකක විවෘත කරයි බලපිටිය මූලික රෝහලේ වෛද්‍යවරු කිහිප දෙනෙකු කොරෝනා ආසාධනය වීම නිසා තාවකාලිකව වසා දැමූ ඒකක සියල්ල නැවත විවෘත කිරීමට පියවර ගත් බව කරාපිටිය මහා රෝහලේ අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්ත ජීවරත්න මහතා පවසයි. 04 February 2021
ගාලුරෝහලට ඇතුළත් කරද්දී මිය ගිය රෝගියාටත් කොරෝනා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කරනවිට මියගොස් සිටි පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇතැයි ගාල්ල වරාය පොලීසිය පවසයි. 04 February 2021
විනෝද චාරිකාවක් ගිය බලපිටියේ 16 කට කොරෝනා විනෝද චාරිකාවක යෙදුණු පිරිසක් අතරින් 16 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි බලපිටිය සෞඛ්‍ය වෛදය නිලධාරී කාර්යාලය පවසයි. 03 February 2021
තවත් කොරෝනා මරණ 4 ක් කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් සිවු දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (03) තහවුරු කළේය. 03 February 2021
අද කොවිඩ් ආසාදිතයන් 711 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 357 දෙනෙකු අද (03) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 9.15 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 03 February 2021
පුහුණුකරුට - තිරිමාන්නට කොරෝනා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ. 03 February 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026