IMG-LOGO

චීන එන්නතත් මේ සතියේදී ලංකාවට

චීනයේ නිපදවූ සිනෝෆාම් කොරෝනා මර්දන එන්නත මේ සතිය අවසානය වනවිට ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට රජය පියවර ගනිමින් සිටින බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට අනුව, එම එන්නතේ මාත්‍රා ලක්ෂ 3ක් චීනය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කරනු ලැබ ඇත.

''අපි එන්නත් තොගය ලබාගැනීමට මේ දිනවල චීන තානාපති කාර්යාලය සමඟ සාකච්ඡා කරමින්, සම්බන්ධීකරණයක නිරත වෙමින්. එය එන්නත් චීන අලුත් අවුරුද්ද සමරන පෙබරවාරි 12 වැනිදට පෙර ගෙන්වාගැනීමට හැකි සෑම උත්සාහයක්ම දරනවා'' යැයි ද අමාත්‍යවරයා කියාසිටියේය.

චීනයේ සිනෝෆාම් එන්නත් තොගය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් ආනයනය කෙරෙනු ඇත.

(16844)



අදහස් (6)

චීන එන්නතත් මේ සතියේදී ලංකාවට

පිටිගල මිලානෝ Monday, 08 February 2021 12:10 PM

රාජපක්ෂලා ගහගන්නෙ ෆයිසර් එන්නතද, ඇස්ට්‍රා එන්නතද නැත්නම් චීන එන්නතද? ඇත්ත කියන්න චීන එක නෙවෙයි නේද?

:       36       26

anuraTuesday, 09 February 2021 02:46 AM

ඒ ගැන ඔහේට තියෙන අමාරුව මොකක්ද? මේක මග හැරෙන්න මොනවා හරි එන්නතක් ගහන්නත් වෙයි.

:       3       0

jayasekaraTuesday, 09 February 2021 03:57 AM

අපෝ නැහැ... ඔක්කෝටම කළින් ඔබතුමා ගිහින් හිසේ රුදාවට එන්නත් විදගන්න. ඔය අමාරුව හොඳවෙයි නිට්ටාවටම.

:       2       1

saman Monday, 08 February 2021 03:59 PM

රාජපක්ෂලාගේ මගුලක් නොවේ... ඔක්කෝටම කළින් ඔබේ ජීවිතේ බේරගන්න... මොකක්හරි එන්නතක් ගහගෙන..

:       0       1

සාරසී Monday, 08 February 2021 04:29 PM

පාර්ලිමේන්තු කට්ටියට වෙන්න ඇති...

:       0       0

දිමුත් Tuesday, 09 February 2021 05:14 AM

ඔය ගෙන්නන අයම මේක විදගන්න. අපිට නං ඕක එපා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 178 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 327 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 670 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site