ආසන ගණන ඉක්මවා මගීන් රැගෙන ගිය බස් රථ 51ක් අල්ලයි
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබාදී ඇති සෞඛ්යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරමින් ආසන ගණන ඉක්මවා මගීන් ප්රවාහනය කළ බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ 51ක දෛනික ගමන්වාර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව, පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ ප්රාදේශීය කළමනාකරු චානක ලංකානන්ද මහතා අද (17) පැවසීය.