(නයෝමි දිල්රුක්ෂි)
කෑගල්ලේ කොරෝනා ආසාදිතයකු, භාවිත කළ ඉන්හේලරයක්(ස්වසන ආධාරකයක්) ඉල්ලා, භාවිත කළ අසල්වැසි නිවසක හිමිකරු ඇතුළු පවුලේ සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමු කළ බව කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්. ඵම්. අමරතිලක මහතා කීවේය.
කොරෝනා ආසාදිතයා කෑගල්ල නගරයේ ආපනශාලා සේවකයකු වන අතර, ඔහුට තිබූ කැස්ස සහ සෙම අසනීප තත්වයක් හේතුවෙන් අසල්වැසි නිවසක පුද්ගලයකුගේ ඉන්හේලරයක්(ස්වසන ආධාරකයක්) ඉල්ලා තිබිණි. අසල්වැසි නිවසේ හිමිකරුට කාලයක් තිස්සේ කැස්ස සහ සෙම තත්වයක් පවතින බවත්, ඔහු ඉන්හේලරයක් භාවිතා කරන බවත් මෙම සේවකයා දැන සිට ඇත.
ආසාදිතයා එම ඉන්හේලරය ඉල්ලා එය භාවිතා කළ ද, අසල්වැසි නිවැසියා මෙම සේවකයා ආසාදිතයකු බව නොදැන සිට බව අනාවරණය වී ඇත. එබැවින් සේවකයා භාවිත කළ ඉන්හේලරය යළි ඔහු භාවිතයට ගෙන තිබේ.
ආසාදිත සේවකයාට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඒ සමග ආපනශාලාව වසා දමා එම සේවකයා කෝවිඩ් නිවාරණ මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට කටයුතු සුදානම් කර තිබුණ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්. එම්. අමරතිලක මහතා වැඩිදුරටත් පැවසීය.
මේ හේතුවෙන් එම නිවැසියා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් ද ස්වයං නිරෝධායනයට යොමුකළ බව කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වැඩිදුරටත් පැවැසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොවිඩ් ආසාදිතයා පාවිච්චි කළ ඉන්හේලරය අසල්වැසියාත් යොදාගෙන
පිටිගල මිලානෝ Sunday, 07 February 2021 09:42 AM
වෙනත් කෙනෙක්ගේ ඉන්හේලරය කැත නැතුව පාවිච්චි කරන්න නම් මේ දෙන්නා අතර වෙනයම් සම්බන්ධයක් තිබිය යුතුයි.