තවත් කොවිඩ් මරණ 2 ක් කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය. 22 January 2021
ආණමඩුව ප්‍රා. සභා කාර්යාලය වසා දමයි කොරෝනා ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු වන නිලධාරියකු අද( 22 ) සේවයට පැමිණීමත් සමග ආණමඩුව ප්‍රාදේශීය සභාව වසා දැමීමට කටයුතු කළ බව සභාපති ප්‍රියන්ත රාජකරුණා මහතා පවසයි. 22 January 2021
නිරෝධායන නීති නොතකා සූදු කෙළියේ යෙදුණු 14ක් අල්ලයි නිරෝධාන නීති කඩා මුදල් ඔට්ටුවට සූදුපොළක් පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයන් 14දෙනෙකු කොරලවැල්ල ප්‍රදේශයේ නිවසකදී අද(22) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 22 January 2021
රාජ්‍ය ඇමැති පියල්ගේ ආරක්ෂකයකුට කොරෝනා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයන් ලෙස නිරෝධායනය වෙමින් සිටි ඇමැති ආරක්ෂක නිලධාරියකු හා ආධාරකරුවෙකු වන පුද්ගලයන් දෙදෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසුව කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇතැයි පොලිසිය හා සෞඛ්‍ය අංශ අද(22) සදහන් කළහ. 22 January 2021
පිංකමකට ආ ආසාදිතයෙකු නිසා විහාරස්ථාන 3ක හිමිවරු නිරෝධායනයට ගාල්ල වැලිපිටිමෝදර ප්‍රදේශයේ පැවති දානමය පිංකමකට ආසාදිත කාන්තාවක සහභාගි වී ඇතිඅතර, ඒ අනුව එහි වැඩමකර සිටි විහාරස්ථාන තුනකට අයත් භික්ෂුන්වහන්සේලා පිරිසක් නිරෝධායනයට යොමු කළ බව බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 22 January 2021
අහඹු පරීක්ෂණවලින් අරණායක 9කට කොරෝනා අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ සිදු කළ අහඹු පී.සී.ආර් පරීක්ෂණයකින් කොවිඩ්-19 වයිරසය ආසාදනය වූවන් 9 දෙනෙකු හඳුනාගෙන ඇති බව අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා අද (22) පැවසීය. 22 January 2021
අම්බලන්තොට මැලේකොළණියට සංචරණ සීමා අම්බලන්තොට මැලේකොළණිය ප්‍රදේශයට අද (22) උදේ සිට සංචරණ සීමා පැනවීමට තිරණය කළ බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්.එච් කරුණාරත්න මහතා කිය. 22 January 2021
වෙන්නප්පුව සමූපකාර සමිතියේ 40කට කොරෝනා වෙන්නප්පුව විවිධ සේවා සමුපකාර සමිතියේ ප්‍රධාන කාර්යාලයේ සේවකයින් 40 දෙනෙකුට කොව්ඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට ඊයේ (21) රාත්රියේදී තහවුරු වී ඇතැයි වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. 22 January 2021
අද කොරෝනා ආසාදිතයන් 873 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 536 දෙනෙකු අද (21) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 9.40 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 21 January 2021
තවත් කොරෝනා මරණ 2 ක් කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. 21 January 2021
මතුගම තුනී ලෑලි කම්හලක් වහයි මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මීගම ප්‍රදේශයේ තුනී ලෑලි කර්මාන්ත ශාලාවකින් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු හමුවීමත් සමග එම කර්මාන්ත ශාලාව වසා දැමීමට පියවර ගත් බව මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී. ලයනල් මහතා පැවසීය. 21 January 2021
කැටඹුලා තේ වතුයායේ කාර්යාලය වසාදමයි නාවලපිටිය, කැටඹුලා තේ වතුයායේ වතු කාර්යාලය තාවකාලිකව අද (21) සිට වසා දැමීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති. 21 January 2021
ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකුට කොරෝනා සීමිත ඕවර තරගවලට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි වාර්තා වේ. මෙම ක්‍රීඩකයෝ දෙදෙනාම බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වීමට නියමිත එක්දින ජාත්‍යන්තර හා විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලිය සඳහා පුහුණු වෙමින් සිටියහ. 21 January 2021
ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු පහළ දමන්නැයි උද්ඝෝෂණයක් ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් පාසල්වලට බදවා ගැනීමේ කඩයිම් ලකුණු පහත දමන ලෙස රජයට බලකරමින් පාසල් සුරැකීමේ ජනතා ව්‍යපාරය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අද( 21) බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්විණි. 21 January 2021
ශ්‍රී පාද වන්දනාවේ ගිය 5කට කොරෝනා ශ්‍රීපාද වන්දනාවේ ගිය, ගාල්ල විද්‍යාලයක රගර් කණ්ඩායමේ ක්‍රීඩකයින් 04 දෙනෙකුට හා ක්‍රීඩකයකුගේ මවට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. 21 January 2021
නාවලපිටියේ රාජ්‍ය බැංකුවක් වසාදමයි නාවලපිටියේ පාසලක කොරෝනා ආසාදිත සිසුවියකගේ මව සේවය කළ රාජ්‍ය බැංකුවක් තාවකාලිකව අද(21) වසා දමා එහි කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධානයට යොමුකිරීමට පියවර ගත් බව පස්බාගේ කෝරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලලිත් කොලමුන්න මහතා පැවසීය. 21 January 2021
අ‘පුර පාසල් දෙකක් දින නියමයක් නැතිව වසා දමයි අනුරාධපුර අධ්‍යාපන කලාපයේ නිරාවිය පිහිටි දේවානම් පියතිස්සපුර මහා විද්‍යාලය සහ අලි අස්වර් මුස්ලිම් විද්‍යාලය අද (21) දින සිට දින නියමයක් නොමැතිව වසා දැමිමට පියවරගත් බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නිර්මලා ඒකනායක මහත්මිය පැවුසුවාය. 21 January 2021
නිරෝධායනයට යොමුකර සිටි ආශ්‍රිතයන් හැටන්හි සැරිසරලා කොවිඩ් ආසාදිතයක්ගේ ආශ්‍රිතයන් හේතුවෙන් ස්වයං නිරෝධානයට ලක් කර ඇති හැටන් දික්ඔය නගර සභාවේ සේවිකාවකගේ පවුලේ පිරිස විවිධ ස්ථානවල සැරිසැරිමත් සමග හැටන් නගරය තුල කොවිඩ් වසංගතය වර්ධනය වීමේ අවදානමක් හටගෙන තිබේ. 21 January 2021
කදුරුවෙල අගුලු අරී කොරෝනා රෝගීන් විශාල වශයෙන් හමුවීම නිසා දින 14ක පමණ කාලයක් අගුලු දමාතිබූ පොළොන්නරුව, කදුරුවෙල නගරය අද(21) පෙරවරුවේ සිට නැවත විවෘත කිරීමට උපදෙස් දුන් බව පොළොන්නරුව, තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික දංගම්පොල මහතා පැවැසීය. 21 January 2021
කොග්ගල වෙළඳ කලාපයේ කම්හල් 6කට කොරෝනා පැතිරෙයි කොග්ගල නිදහස් වෙළද කළාපයේ කොරෝනා ආසාදිත ඇගලුම් කම්හල් සේවක සේවිකාවන්ගේ සංඛ්‍යාව අද (21) උදෑසන වනවිට 101 දක්වා ඉහළ ගොස් ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි. 21 January 2021
මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉඩම් අංශය වසා දමයි මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉඩම් ලියාපදිංචි අංශයේ සේවකයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම අංශයේ කටයුතු නැවත දැනුම් දෙනතුරු නතර කර ඇති බව මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කනවතිප්පිල්ලයි කරුණාකරන් මහතා පැවසීය. 21 January 2021
ඉමදුව පාසැල් දෙකක සිසුන් තිදෙනකුට කොරෝනා ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පාසැල් දෙකක සිසුන් තිදෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 20 January 2021
අද ආසාදිතයන් 768 දෙනෙක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 389 දෙනෙකු අද (20) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 9.10 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 20 January 2021
දයාසිරි සුවය ලබා නිවසට යයි කොරෝනා වයිරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සුවය ලබා අද (20) සිය නිවසට ගොස් ඇත. 20 January 2021
තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයකු අද (20) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 20 January 2021
හැටන් විදුහලක තවත් සිසුන් 4 ක් ගුරුවරියක් ආසාදිතයින් ලෙස හඳුනාගනිති හැටන් විදුහලක අධ්‍යාපනය හදාරණ තවත් සිසුන් හතර දෙනකු හා ගුරුවරියක් කොවිඩ් 19 ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා කීවේය. 20 January 2021
ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවකයින් සිව් දෙනකුට කොරෝනා ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයින් සිව්දෙනෙකුට කොවිඞ් 19 හෙවත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. 20 January 2021
ආසාදිතයකු සමඟ බාරයක් ඔප්පු කරන්න ගිය සිසුන් 23ක් නිරෝධායනයට කොටවෙහෙර, පාසැලක 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 23 දෙනෙකු හා මවුපියන් කොරෝනා ආසාදිත මවක සමග පන්සලක කිරි උතුරවා බාරයක් ඔප්පු කිරීමකට යාම හේතුවෙන්, එම පිරිස නිරෝධායනයට ලක් කළ බව කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද(20) පැවසීය. 20 January 2021
ගල්නෑවේ වෙළඳසැල් 120ක් වහයි ගල්නෑව නගරයේ වෙළද සැලක සේවය කරන සේවකයන් දෙදෙනෙකුට කොරෝනා රෝගය වැළදිමේ හේතුවෙන් නගරයේ කඩ සාප්පු 120ක් අද(20) සිට දින තුනක් වසා දමා තිබේ. 20 January 2021
කොවිඩ් ආසාදිතයෙකු නිසා මොරගහකන්දේ ධීවරයෝ රාජකාරියෙන් ඉවත්වෙති නාඋල ඇගුළුම් කම්හලේ කෝවිඩ් ආසාධිතයෙකු මොරගහකන්ද - මා ඔය ප්‍රදේශයේ දී තොටුපොල නියෝජිතයෙකු ඇසුරුකර ඇතැයි සදහන් කරමින් අද(20) සිට ධීවරයෝ 52 දෙනෙකු සියලු ධීවර කටයුතු වලින් ඉවත්වන බව මොරගහකන්ද ධිරිය ධීවර සමිතිය කියා සිටියි. 20 January 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026