(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර අධ්‍යාපන කලාපයේ නිරාවිය පිහිටි දේවානම් පියතිස්සපුර මහා විද්‍යාලය සහ අලි අස්වර් මුස්ලිම් විද්‍යාලය අද (21) දින සිට දින නියමයක් නොමැතිව වසා දැමිමට පියවරගත් බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලා ඒකනායක මහත්මිය පැවුසුවාය.
නිරාවිය ගම්මානයෙන් කොරෝනා රෝගීන් නව දෙනෙකු හමුවිම නිසා මෙම පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු මධ්‍යම නුවරගම් පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් ඒකනායක මහතා මෙසේ පැවසිය.
නිරාවිය ගම්මානයේ ස්වයං නිරෝධායනයට ලක්කොට තිබු නිවාස දහතුනක පුද්ගලයන් පිරිසක් පසුගිය 18 දින පිසිආර් පරික්ෂණයට ලක්කොට තිබුණි.
එහිදි පුද්ගලයන් අට දෙනෙකුටම කොරෝනා රෝගය වැළදි ඇති බවට තහවුරු වුණා.මෙම පුද්ගලයන් අනුරාධපුර නගර සභාවේ සේවය කරන පිරිසක්.
ඔවුන්ගේ දරුවන්ද මෙම පාසල්වල ඉගෙනුම ලබනවා එම නිසා මෙම පාසල් වසා දැමිමට තිරණය කොට තිබෙනවා. මෙම ගම්මානයේ තවත් පුද්ගලයන් පනස් දෙනෙකු පමණ පිසිආර් පරික්ෂණයකට ලක්කිරිමට කටයුතු කරන බවද සමන් ඒකනායක මහතා මෙහිදි පැවසිය.
2025 නොවැම්බර් මස 04
514
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අ‘පුර පාසල් දෙකක් දින නියමයක් නැතිව වසා දමයි
දිමුත් Thursday, 21 January 2021 05:52 AM
ආසාදිත ගෙවල්වල ළමයි පාසලට එව්වේ ඇයි? තනිකරම වගකීම් විරහිත ක්‍රියාවක්...
fairoosThursday, 21 January 2021 07:29 AM
දිමුත්ට තේරුම් ගැනීමේ හැකියාව අඩුයි වගේ...