IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


නිරෝධායනයට යොමුකර සිටි ආශ්‍රිතයන් හැටන්හි සැරිසරලා


(සුදත් එච්. එම්. හේවා)
 
කොවිඩ් ආසාදිතයක්ගේ ආශ්‍රිතයන් හේතුවෙන් ස්වයං නිරෝධානයට ලක් කර ඇති හැටන් දික්ඔය නගර සභාවේ සේවිකාවකගේ පවුලේ පිරිස විවිධ ස්ථානවල සැරිසැරිමත් සමග හැටන් නගරය තුල කොවිඩ් වසංගතය වර්ධනය වීමේ අවදානමක් හටගෙන තිබේ.
 
හැටන් විදුහලක ඉගෙනුම ලබන සිසුවෙකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග එම සිසුවාගේ ආශ්‍රිතයකු ලෙස මෙම සේවිකාවගේ දරුවකුද සිටින බැවින් එම පවුලේ පිරිස ස්වයං නිරෝධානයට ලක් කිරීමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යවරුන් පියවර ගෙන ඇත.
 
මෙම පිරිස මෙසේ ස්වයං නිරෝධානයට ලක් කර තිබියදි එම සේවිකාව හා ඇයගේ ස්වාමියා එම නිරෝධාන නීති උල්ලංගනය කරමින් නගරයට යන බවත් එම නිවස ඉදිරිපිට මාර්ගයේ සිට එම මාර්ගයේ යන එන පිරිස් සමග හා පාසල් සිසු සිසුවියන් සමග කතාබස් කිරිම් සිදුකරන බවත් ප්‍රදේශයේ ජනතාව පවසති.

මේ පිලිබදව කරන ලද විමසීමේදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලද්දේ මේ පිලිබදව කඩිනමින් සොයා බලා අවශ්‍ය කටයුතු සිදු කිරිමට පියවර ගන්නා බවය.



අදහස් (0)

නිරෝධායනයට යොමුකර සිටි ආශ්‍රිතයන් හැටන්හි සැරිසරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 87 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 317 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site