IMG-LOGO

නාවලපිටියේ රාජ්‍ය බැංකුවක් වසාදමයි


(රංජිත් රාජපක්ෂ)
 
නාවලපිටියේ පාසලක කොරෝනා ආසාදිත සිසුවියකගේ මව සේවය කළ රාජ්‍ය බැංකුවක් තාවකාලිකව අද(21) වසා දමා එහි කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධානයට යොමුකිරීමට පියවර ගත් බව පස්බාගේ කෝරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලලිත් කොලමුන්න මහතා පැවසීය.
 
බැංකු ශාඛාවේ කාර්ය මණ්ඩලය පී.සී.ආර් පරීක්ෂණයකට ලක්කිරීමට කටයුතු කරන බවත්  සෞඛ්‍ය පරීක්ෂකවරයා කීය.
 
ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය බාලිකා විද්‍යාලයක පහ වසරේ අධ්‍යාපනය ලබන සිසුවියකට කොවිඩ්-19 වයිරසය අසාදනය වී ඇති බවට අද ලද පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව තහවුරු වු බව ඒ මහතා කීය.
 
ආසාදිත සිසුවිය ඉකුත් 11 දින පාසලට පැමිණීම නිසා එදින පාසලට පැමිණි සිසුවියන් 11 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර එම පන්ති කාරමය තාවකාලිකව වසා දමා විෂබිජහරණයට කටයුතු කළ බවත් කොලමුන්න මහතා පැවසීය.
 
ආසාදිත සිසුවියගේ ළගම ආශ්‍රිත සිසුවියන්, ගුරුවරුන්, අසාදිත සිසුවිය නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේය.



අදහස් (0)

නාවලපිටියේ රාජ්‍ය බැංකුවක් වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 239 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site