බේරුවල ප්රා.ලේ කාර්යාලයේ ඉඩම් අංශය වහයි
අලුත්ගම ගාලූ පාරේ, බස්නාහිර පළාත් මායිමේ දී සිය කැමැත්තෙන් ක්ෂණික ප්රතිදේහජනක පරීක්ෂාවක් (රැපිඩ් ඇන්ටිජන්) සිදුකරගත් බේරුවල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියක් කොවිඩ් 19 ආසාදිත වීම හේතුවෙන් එම නිලධාරිනිය සේවය කළ ඉඩම් අංශය අද (15) සිට ලබන සදුදා තෙක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව බේරුවල ප්රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා අද (15) පැවසීය.