IMG-LOGO

පිංකමකට ආ ආසාදිතයෙකු නිසා විහාරස්ථාන 3ක හිමිවරු නිරෝධායනයට

(ජේ.කේ.එල් චාමින්ද)
 
ගාල්ල වැලිපිටිමෝදර ප්‍රදේශයේ පැවති දානමය පිංකමකට ආසාදිත කාන්තාවක සහභාගි වී ඇතිඅතර, ඒ අනුව එහි වැඩමකර සිටි විහාරස්ථාන තුනකට අයත් භික්ෂුන්වහන්සේලා පිරිසක් නිරෝධායනයට යොමු කළ බව බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
 
මෙම හෙද නිලධාරිනිය කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරන්නියක වන අතර, ඇගේ සැමියාට ද කොරෝනා ආසාදනය වී තිබේ.
 
එසේම, මෙම ආසාදිත තැනැත්තා ගාල්ල වැකුණුගොඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවති වැඩමුළුවකට සහභාගී වී ඇති බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
 
රාජ්‍ය නොව සංවිධානයක් විසින් මෙම වැඩමුළුව සංවිධානය කර ඇති අතර ඒ සඳහා විවිධ ප්‍රදේශවලින් පුද්ගලයින් 140 දෙනකු පමණ පිරිසක් සහභාගි වී ඇත. වැඩමුළුවට සහභාගි වු, හෙද නිලධාරිනියගේ සැමියා කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් ගාල්ල නගරයේ පිහිටි පුද්ගලික රෝහලකින් සිදුකළ පි.සි ආර් පරීක්ෂණයේ දි කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.
 
මෙකි වැඩමුළුවේ සම්පත් දායකයෙකු ලෙස කොළඹ සිට පැමිණි පුද්ගලයකුට ද කොරෝනා වයිරසය ආසදනය වී  ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. ඔහුගෙන් මෙම තැනැත්තාට වයිරසය ආසාදනය වන්නට ඇති  බවට සැකකෙරේ. 



අදහස් (1)

පිංකමකට ආ ආසාදිතයෙකු නිසා විහාරස්ථාන 3ක හිමිවරු නිරෝධායනයට

Prasad Friday, 22 January 2021 12:25 PM

මේ පිංකමට අවසර දුන්නෙ කවුද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 304 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 484 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 194 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site