(ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල වැලිපිටිමෝදර ප්‍රදේශයේ පැවති දානමය පිංකමකට ආසාදිත කාන්තාවක සහභාගි වී ඇතිඅතර, ඒ අනුව එහි වැඩමකර සිටි විහාරස්ථාන තුනකට අයත් භික්ෂුන්වහන්සේලා පිරිසක් නිරෝධායනයට යොමු කළ බව බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙම හෙද නිලධාරිනිය කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරන්නියක වන අතර, ඇගේ සැමියාට ද කොරෝනා ආසාදනය වී තිබේ.
එසේම, මෙම ආසාදිත තැනැත්තා ගාල්ල වැකුණුගොඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවති වැඩමුළුවකට සහභාගී වී ඇති බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
රාජ්‍ය නොව සංවිධානයක් විසින් මෙම වැඩමුළුව සංවිධානය කර ඇති අතර ඒ සඳහා විවිධ ප්‍රදේශවලින් පුද්ගලයින් 140 දෙනකු පමණ පිරිසක් සහභාගි වී ඇත. වැඩමුළුවට සහභාගි වු, හෙද නිලධාරිනියගේ සැමියා කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් ගාල්ල නගරයේ පිහිටි පුද්ගලික රෝහලකින් සිදුකළ පි.සි ආර් පරීක්ෂණයේ දි කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.
මෙකි වැඩමුළුවේ සම්පත් දායකයෙකු ලෙස කොළඹ සිට පැමිණි පුද්ගලයකුට ද කොරෝනා වයිරසය ආසදනය වී ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. ඔහුගෙන් මෙම තැනැත්තාට වයිරසය ආසාදනය වන්නට ඇති බවට සැකකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පිංකමට අවසර දුන්නෙ කවුද