(ක.ග.කරුණාරත්න)
කොරෝනා රෝගීන් විශාල වශයෙන් හමුවීම නිසා දින 14ක පමණ කාලයක් අගුලු දමාතිබූ පොළොන්නරුව, කදුරුවෙල නගරය අද(21) පෙරවරුවේ සිට නැවත විවෘත කිරීමට උපදෙස් දුන් බව පොළොන්නරුව, තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික දංගම්පොල මහතා පැවැසීය.
එසේ වුවද කොරෝනා රෝගීන් හමුවූ වෙළඳසැල් නැවත දැනුම්දෙනතුරු තවදුරටත් වසාතැබෙන බවද ඒ මහතා කීය.
කදුරුවෙල නගරයේ දැනට අගුලු දමා ඇති කොටසේ අලුතින් 400 දෙනෙකුගේ කළ පී.සී.ආර් පරීක්‍ෂණ අතුරින් 14 දෙනෙකු කොරෝනා අසාදිතයින් බව අද(21) දිනයේ තහවුරුවී ඇති බවද වෛද්‍ය දංගම්පොල මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
ඒ අනුව තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පමණක් මෙතෙක් හමුවී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 115කි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කදුරුවෙල අගුලු අරී