කොරෝනා එන්නත හෙට නෙවෙයි අනිද්දා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙනු ලබන ‘ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා‘ එන්නත හෙට (27) නොව බ්‍රහස්පතින්දා (28) දහවල් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව ඇති බව ඉන්දීය ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු සාරානාත් පීරිස් මහතා මීට සුළු මොහොතකට පෙර සඳහන් කළේය. 26 January 2021
පී.සී.ආර්. පරීක්ෂණවලින් මන්ත්‍රීවරු කට්ටි පනිති කොවිඩ් 19 අසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණ වලට යෙමුවන්න‘යි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දිගින් දිගටම ආයාචනය කරයි. පාර්ලිමේන්තුවේ මෙතෙක් සිදුකළ පීසීආර් පරීක්ෂණ සඳහා සහභාගි වී ඇත්තේ ආණ්ඩු පක්ෂ සහ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු 90 දෙනෙක් පමණ බවද වාර්තා වේ. 26 January 2021
අහඹු පරීක්ෂණවලින් රද්දොළුගම 15කට කොරෝනා සීදූව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මෙහෙයවීමෙන් රද්දොළුගම නිවාස සංකීර්ණයේ සහ අවට ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා අහඹු ලෙස පැවැත්වූ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයන්ගෙන් 15දෙනෙකු ආසාදිතයන් බවට අනාවරණය වී ඇත. 26 January 2021
දුරකථන සමාගමක ගම්පහ ශාඛාව වසාදමයි පෞද්ගලික දුරකථන සමාගමක ගම්පහ ශාඛාවෙහි 10 දෙනෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම කාර්යාලය වසා දැමීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන ඇත. 26 January 2021
කුලියාපිටියේ මංගල උත්සවයකට සහභාගී වූ 100 ක් නිරෝධායනයට කුලියාපිටිය කෝංගොල්ල ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගී වූ බව කියන නිවෙස් 35ක් පිරිස් 100 කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය අද (26) පියවර ගෙන තිබිණි. 26 January 2021
කටුනායක ගුවන්තොටේ ආරක්ෂක නිලධාරීන් 5 දෙනකුට කොරෝනා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ ආරක්ෂක අංශයේ රාජකාරි නිරතව සිටි නිලධාරීන් 5 දෙනකුට කොරෝනා වෛරසය ආසාදිත වී 26 January 2021
රණාලේ පෞද්ගලික ආයතනයක 64 දෙනකුට කොරෝනා කඩුවෙල රණාල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනය සේවකයින් 64 දෙනෙකු කොවිඩි 19 ආසාදිතයින් ලෙස අද (26) හදුනා ගත් බව කඩුවෙල සෞඛය වෛද්‍ය නිලදාරී වෛද්‍ය චන්දන පත්බේරිය මහතා පවසයි. 26 January 2021
ආසාදිත සිසුවියක් පාසල් ඇවිත් 28 ක් නිරෝධායනයට නිකවැරටිය නගරාසන්නයේ පාසලක දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන කොරෝනා ආසාදිත දැරියක් පාසලට පැමිණීමෙන් එම පංතියේ ළමුන් 12 දෙනෙකු සහ පංතිභාර ගුරුවරිය නිරෝධායනයට ලක් කළ බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය . 26 January 2021
තණමල්විල ඩිපෝවේ ලංගම බස් රථ ධාවනය නවතී තණමල්විල ඩිපෝවේ සේවයකයන් 6දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව තහවුරුවීම හේතුවෙන්, සෙසු සේවකයන් ද සේවයට වාර්තා නොකිරීමෙන් ඩිපෝවේ කටයුතු සම්පූර්ණයෙන් ඇණිහිටි බව ඩිපෝ කළමනාකාර යු.ඒ. නන්දතිලක මහතා සඳහන් කළේය. 26 January 2021
තවත් කොවිඩ් මරණ 4 ක් කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් සිවුදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය. 25 January 2021
අද කොරෝනා ආසාදිතයන් 737 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 354 දෙනෙකු අද (25) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 10.30 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 25 January 2021
15 කට කොරෝනා - ගම්පහ දිස්ත්‍රික් ඉඩම් කාර්යාලය වසා දමයි ගම්පහ විජය පාරේ පිහිටි දිස්ත්‍රික් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල කාර්ය මණ්ඩලයෙහි 15 දෙනෙකු, කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වීම මත එම කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවරගත් බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය. 25 January 2021
යෝනකපුර බටහිර-නැගෙනහිර වසම්වල අගුලු අරී දික්වැල්ල ප්‍රදේශයේ යෝනකපුර බටහිර සහ නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් අද(25) සවස 6.00 සිට හුදකලා බවින් නිදහස් කර ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 25 January 2021
පීසිආර් ප්‍රතිඵල එන්න කලින් සිරුර ඥාතීන්ට බාර දීලා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කර සුළු මොහොතකින් මියගිය පුද්ගලයකුගේ සිරුරක් පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල වාර්තා ලැබීමට පෙර, මරණ පරීක්ෂණයක් ද නොපවත්වා ඥාතීන්ට භාර දී ඇති බව කරාපිටිය රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 25 January 2021
අංකුඹුර පොලීසිය වසයි මහනුවර අංකුඹුර පොලීසියට අනුයුක්ත නිලධාරින් 7දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් සමඟ අංකුඹුර පොලීසිය වසා තැබීමට පියවර ගත් බව එහි උසස් පොලිස් නිලධාරයෙක් පැවසීය. 25 January 2021
රත්මලානේ පෞද්ගලික බැංකුවක් වසාදමයි රත්මලාන ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක සේවක සේවිකාවන් 8 දෙනකුට කෝවිඩ් ආසාදනය වී ඇති බවට පී.සී.ආර්.පරීක්ෂණ අනුව සනාථ වී ඇති බැවින් අද (25) සිට එම බැංකු පරිශ්‍රය වසා දැමීමට කටයූතු කරනු ලැබ ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසීය. 25 January 2021
තවත් කොරෝනා මරණ 3 ක් කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් තිදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය. 24 January 2021
අද දිනයට ආසාදිතයන් 841 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 492 දෙනෙකු අද (24) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 9.00 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 24 January 2021
400 ක් නිරෝධායනයට යැවූ මංගල උත්සව දෙකක් හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ පැවැති විවාහ මංගල මංගලෝත්සව දෙකකට සහභාගී වූ එක් මනාල යුවළකට, කොරෝනා ආසාදනය වී ඇති බවත් අනෙත් මනාල යුවළ ස්වයං නිරෝධානයට ලක් කළ බවත් හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පැවසීය. 24 January 2021
ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස් කරයි ප්‍රදේශ කිහිපයක් අද සවස 6 සිට හුදකලා බවින් නිදහස් කිරීමට සහ තවත් ප්‍රදේශ කිහිපයක් අලුතින් හුදකලා කිරීමට පියවර ගත් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. වැඩිදුර තොරතුරු සඳහන් නිවේදනය පහත දැක්වෙයි. 24 January 2021
බස්නාහිර පාසල්වලින් කොටසක් 15 වැනිදා විවෘත කරන්න යයි බස්නාහිර පළාතේ පාසල්වලින් කොටසක් ලබන මස 15 වැනිදා සිට විවෘත කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පැවසීය. 24 January 2021
පිටබැද්දර සතිපොළවල් තුනක් වහයි පිටබැද්දර ප්‍රාදේශීය සභාව මගින් මොරවක ,පිටබැද්දර ,දංගල සති පොළ තුනම තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව පිටබැද්දර ප්‍රාදේශීය සභාවේ සභාපති මහින්ද සිරිවර්ධන මහතා අද (24) පැවසීය. 24 January 2021
අනුරාධපුර ගම්මානයකට සංචරණ සීමා අනුරාධපුර, දේවානම් පියතිස්සපුර පළමු පියවරේ පදිංචි පුද්ගලයන් දස දෙනෙකුට කොරෝනා රෝගය වැළදිමේ හේතුවෙන් එම ප්‍රදේශයේ සංචරණය සිමා කිරිමට අද (24)දින සිට සෞඛ්‍ය බලධාරින් විසින් පියවර ගන්නා ලදි. 24 January 2021
අදත් කොරෝනා රෝගීන් 724ක් අද (23) පෑලියගොඩ කෝවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 344 දෙනෙකුටද , බන්ධනාගාර කෝවිඩ් පොකුරේ 09 දෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ. 23 January 2021
අලව්වේ වෙළඳසැල් සේවකයින් 23කට කොරෝනා අලව්ව නගරයේ ප්‍රසිද්ධ තොග සහ සිල්ලර වෙළඳසල් 02ක සේවකයින් 19 දෙනෙකු පසුගියදා කොවිඩ් ආසාදිතයන් බව හඳුනා ගැනීමෙන් පසු ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින්ගෙන් කළ පී.සී.අර් පරීක්ෂණයෙන් පසු තවත් 23 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව අලව්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිහු පවසති. 23 January 2021
කොරෝනා එන්නත් ලක්ෂ 6 ක් බදාදා ශ්‍රී ලංකාවට කොරෝනා ප්‍රතිරෝධි එන්නත ඉන්දියාවෙන් ලබාගැනීමේ පළමු පියවර ලෙස ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත් කුප්පි 600,000 ක් ජනවාරි 27 වනදා ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවසීය. 23 January 2021
මුව ආවරණ 02 කින් වැඩි ආරක්ෂාව රෙදි මුව ආවරණයක් සමග ශල්‍ය මුව ආවරණයක් එකවර පැළඳීම වඩාත් ආරක්ෂාකාරී වන බව විද්‍යානුකූලව සනාථ කර තිබේ. එහිදී රෙදි මුව ආවරණය සකස් කිරීමට යොදාගෙන ඇති රෙදි වර්ගයේ ස්වභාවය අනුව ඔබට ලැබෙන ආරක්ෂාව කෙතරම්ද යන්න තීරණය වනු ඇත. 23 January 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ මියගිය 2කට කොරෝනා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය ගාල්ල බන්ධනාගාරයේ රැඳෙවියකුට හා හෘද රෝග ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගිය කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද (23) තහවුරු වූ බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලය පවසයි. 23 January 2021
සෞඛ්‍ය ඇමැතිනියටත් කොරෝනා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියය කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබේ. 23 January 2021
අද කොරෝනා ආසාදිතයන් 784 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 438 දෙනෙකු අද (22) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 9.40 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 22 January 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026