IMG-LOGO

අනුරාධපුර ගම්මානයකට සංචරණ සීමා

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර, දේවානම් පියතිස්සපුර පළමු පියවරේ පදිංචි පුද්ගලයන් දස දෙනෙකුට කොරෝනා රෝගය වැළදිමේ හේතුවෙන් එම ප්‍රදේශයේ සංචරණය සිමා කිරිමට අද (24)දින සිට  සෞඛ්‍ය බලධාරින් විසින් පියවර ගන්නා ලදි.

පසුගිය 21 වන දින සිට නිරාවිය මහ විදුහල සහ අලි අස්වර් මුස්ලිම් විද්‍යාලයද වසා දමා තිබේ.

දේවානම් පියතිස්සපුර පදිංචි පුද්ගලයන් හය දෙනෙකුට සහ කාන්තාවන් සිවු දෙනෙකුට කොරෝනා වැළදි ඇති බවට සිදුකළ පිසිආර් පරික්ෂණයේදි තහවුරැවි ඇතැයි මධ්‍යම නුවරගම් පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් ඒකනායක මහතා පැවසිය.

මොවුන් අනුරාධපුර මහ නගර සභාවේ සේවකයන් හා ඔවුන්ගේ පවුල්වල ඥාතින්ය.

කොරෝනා ආසාධිතවු කාන්තාවන් සිවු දෙනා නොච්චියාගම රෝහලටද අනෙක් පුද්ගලයන් හය දෙනා ප්‍රතිකාර සදහා පුනානි වෛද්‍ය මධ්‍යස්ථානයටද ඇතුළත් කොට තිබේ.

නිරාවිය ප්‍රදේශයේ නිරෝධායනයට ලක් නොකල පුද්ගලයන් පනස් දෙනෙකු සදහා පිසිආර් පරික්ෂණ සිදුකර ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් ඒකනායක මහතා පැවසිය.

 

 



අදහස් (0)

අනුරාධපුර ගම්මානයකට සංචරණ සීමා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 315 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 492 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 196 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site