IMG-LOGO

කරාපිටිය ශික්ෂණ රෝහලේ මියගිය 2කට කොරෝනා


 (ජේ.කේ.එල් චාමින්ද සහ සිරංගිකා ලොකුකරවිට)

ගාල්ල  කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය ගාල්ල බන්ධනාගාරයේ රැඳෙවියකුට හා හෘද රෝග ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගිය කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද (23) තහවුරු වූ බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලය  පවසයි.

මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කළ එම රැඳෙවියාගේ ශරීරයේ  තිබූ තුවාල නිසා  ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ (22) රාත්‍රී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. 

රෝහලට ඇතුළත් කරන විටත් ඔහු  මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මොහු 60 හැවිරිදි වුඩ්ලන්ඩ්වත්ත ගොනාපීනුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  මෙකී රැඳෙවියා සම්බන්ධයෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

මේ අතර හෘද රෝගයකින් පෙළුණු කාන්තාවක් ඊයේ (22) කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගොස්  ඇත. එම කාන්තාව 52 හැවිරිදි වියේ පසුවන අලුත්වල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙම කාන්තාව මියයාමෙන් පසු කළ පී.සී.ආර් පරීක්ෂණයේදී මෙකී කාන්තාවටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට  තහවුරු වී ඇති බව දිසා අධිකරණ වෛද්‍ය කාර්යාලය පවසයි.

මියගිය  අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (23) කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇත.



අදහස් (0)

කරාපිටිය ශික්ෂණ රෝහලේ මියගිය 2කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 323 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 495 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 198 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site