රෙදි මුව ආවරණයක් සමග ශල්‍ය මුව ආවරණයක් එකවර පැළඳීම වඩාත් ආරක්ෂාකාරී වන බව විද්‍යානුකූලව සනාථ කර තිබේ. එහිදී රෙදි මුව ආවරණය සකස් කිරීමට යොදාගෙන ඇති රෙදි වර්ගයේ ස්වභාවය අනුව ඔබට ලැබෙන ආරක්ෂාව කෙතරම්ද යන්න තීරණය වනු ඇත.
මෙම රෙදි මුව ආවරණය ස්තර 03කින් සමන්විත වන අතර, මැද ස්තරයේ ඇති ස්පොන්ජ් වැනි කොටස හරහා වායුව පමණක් ගමන් කරයි. දූවිලි හෝ වෙනත් කුඩා අබලි එම ස්පොන්ජ් තීරුව හරහා ගමන් නොකරයි.
N95 හෝ FFP2 වැනි උසස් තත්වයේ මුව ආවරණ පැළඳීමෙන් දූවිලි හෝ වෙනත් කුඩා අබලි කැබලි වලින් 94% දක්වා පළඳින්නාට ආරක්ෂාව සැලසේ. අනෙකුත් සාමාන්‍ය මුව ආවරණවලින් ආරක්ෂාව සැලසෙන්නේ 92% ක් දක්වා පමණි.
සාමාන්‍ය ශල්‍ය මුව ආවරණයක් මගින් ආරක්ෂාව සැලසෙන්නේ 60% සිට 70% දක්වා පමණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මුව ආවරණ 02 කින් වැඩි ආරක්ෂාව
Kirthi Saturday, 23 January 2021 10:01 AM
මේවා වෙළෙඳ ප්‍රචාරණ...
Era Saturday, 23 January 2021 06:44 PM
ලංකාවේ තියෙන රෙදි මුව ආවරණවල ස්ථර 3 ක් නැහැ. ඒ නිසා රු 70 කට N95 මුහුණු ආවරණයක් සහ රු 15 කට ශල්‍ය මුව ආවරණයක් මිලදී ගෙන භාවිතා කරන්න. ඊට උඩින් ෆේස් ශීල්ඩ් එකක් සහ ඇස්වලට ගොගල්ස් භාවිතා කරන්න. N95 මුහුණු ආවරණ කටේ වදින්නේ නැති නිසා පහසුයි.
vije. Sunday, 24 January 2021 01:36 PM
ඝර්ම කලාපීය රටක් වන ශ්‍රී ලංකාවට මෙය දමා ගෙන සිටීම අපහසු වන නමුදු ආරක්ෂාව අතින් ඉතා උචිත බව පෙනේ.