(ශාන්ත චන්ද්‍රසිරි සහ සිසිර ලලිත් කුමාර)
නාවලපිටිය, කැටඹුලා තේ වතුයායේ වතු කාර්යාලය තාවකාලිකව අද (21) සිට වසා දැමීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
එම වතු කාර්යාලයේ සේවය කරන ලද ප්‍රධාන ලිපිකාරිණියට කොවිඩ් වයිරසය ආසාදිතව ඇති බවට තහවුරු වීමෙන් පසුව මෙම පියවර ගෙන ඇති බවත් එම කාර්යාලයේ සේවකයන් ඇතුළු ඔවුන්ගේ සමීපතයන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය අංශ නිලධාරීහු සඳහන් කරති.
වතු කාර්යාලයේ සේවකයන්ගේ පී. සී. ආර්. පරීක්ෂණ ඉදිරියේදී සිදුකිරීමට කටයුතු කරන බවත් ඉන් අනතුරුව වතු කාර්යාලයේ සේවාවන් පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බවත් සෞඛ්‍ය අංශ නිලධාරීහු වැඩිදුරටත් පවසති.
කොවිඩ් ආසාදිත ප්‍රධාන ලිපිකාරිණිය ප්‍රතිකාර සඳහා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd