
(ඩයනා උදයංගනී)
කොරෝනා වයිරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සුවය ලබා අද (20) සිය නිවසට ගොස් ඇත.
රාජ්‍ය අමාත්‍යවරයා කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගැනීමෙන් පසු ඉකුත් 8 වැනිදා සිට හික්කඩුව ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් වෙත ප්‍රතිකාර සඳහා යොමුකර සිටියේය.
වෛද්‍ය උපදෙස් මත තමන් තව සතියක කාලයක් නිවසේදී නිරෝධායනය වන බව රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා ලංකාදීපයට පැවසීය.
කොරෝනා ආසාදනය වී සිටි සමයේ තමාට සුවය පැතූ සියලු දෙනාට ස්තුතිවන්ත වන බවද ජයසේකර මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පුවතක්... අන් සියලු රෝගීන් ද ඉක්මණින් සුවපත් වේවා!
ඔබතුමා දේශීය කෝවිඩ් ඖෂධ කිසිවක් ගත්තද? ඔබතුමාට බෙහෙත් දෙන්න දේශීය වෛද්‍යවරු කීපදෙනෙක්ම සූදානමින් සිටියා කියා පළවුණා.
අපරාදේ...
යන්නම කියපු අයටත් ස්තුතියි කියනවා නේද?
දැන් එතුමාට බතික් දාන්න පුළුවන්...
දයාවෙන් පිරි අපේ මේ සිරිබෝ අයියත් පැණි බීලමද ගොඩ ආවේ...?