IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ලොවපුරා කොරෝනා ආසාදිතයින් මිලියන 100 ඉක්මවයි

ලොවපුරා මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා  ආසාදිත පුද්ගලයින්  සංඛ්‍යාව මිලියන 100 ඉක්මවා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
 
ලෝක ජනගහනයෙන් 1.3%කට ආසන්න ප්‍රමාණයකට මේ වනවිට කොවිඩ් - 19  ආසාදනය වී තිබේ.
 
කෙසේවුවද මෙතෙක් වාර්තා වී ඇති 100,881,388ක් පමණ වූ  අසාදිත පුද්ගලයින්ගෙන්  72,926,260ක් සුවය ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
මේ වනවිට ලොවපුරා රෝගීන් මිලියන 2.1කට වැඩි පිරිසක් කොරෝනා රෝගයෙන් මියගොස් ඇත.

ලෝකයේ කොරෝනා රෝගීන් මුල් මිලියන 50 වාර්තා කිරීමට මාස 11ක් ගතවී ඇති අතර එය මිලියන 100 දක්වා දෙගුණ වීමට ගතවී ඇත්තේ මාස තුනකි.
 
රොයිටර් පුවත් සේවය පවසන්නේ සෑම තත්පර 7.7කට වරක් ලෝකයේ එක් පුද්ගලයෙක් කොරෝනා ආසාදිතයෙකු බවට පත්වන බවයි.
 
ලෝකයේ දිනකට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 668,250ක පමණ අගයක් ගන්නා අතර ගෝලීය මරණ අනුපාතය 2.15%කි.
 
ලෝකයේ මෙතෙක් ලෝකයේ වාර්තා වී ඇති රෝගීන්ගෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය, රුසියාව හා බ්‍රිතාන්‍යය යන රටවලින් වාර්තා වී ඇත. කෙසේ වුවද රොයිටර් විශ්ලේණය පවසන්නේ මෙම රටවල් නියෝජනය කරන්නේ ලෝක ජනගහනයෙන් 28%ක් පමණක් බවයි.
 
ලොවපුරා රටවල් 56ක් මේවනවිට කොරෝනා සඳහා එන්නත් කිරීම ආරම්භ කර තිබේ. අවම වශයෙන් මේවනවිට ලෝකයේ එන්නත් මාත්‍රා මිලියන 64ක් ලබා දී ඇත.
 
එන්නත්කරණයේදී ඊශ්‍රායලය ලොව ඉදිරියෙන්ම සිටින අතර එහි ජනගහනයෙන් 29%ට අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාදී තිබේ.
 
ලොව වැඩිම රෝගීන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව වාර්තා කර ඇති ඇමරිකාවේ මේ වනවිට තහවුරු කර ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 25ක් පමණ වේ.
 
 ලෝකයේ මේවනවිට වාර්තා වන සෑම මරණ පහකින් එකක්ම ඇමරිකාවෙන් වාර්තා වෙයි. ඇමරිකාවේ සිදුවී ඇති මරණ සංඛ්‍යාව 425,452කි.
 
එය දෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා කරන බ්‍රසීලයේ අගය මෙන් දෙගුණයක් බවද රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.  ලෝකයේ දරුණු ලෙස බලපෑමට ලක්වූ කළාපය වන යුරෝපයේ මේ වනවිට සෑම දින හතරකට වරක් නව ආසාදන මිලියනයක් වාර්තා කරයි. යුරෝපයේ මේ වනවිට වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 30කට ආසන්න වෙයි.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (1)

ලොවපුරා කොරෝනා ආසාදිතයින් මිලියන 100 ඉක්මවයි

Danushka Wednesday, 27 January 2021 12:15 PM

ඕවා මොනවද? අපේ අය මිලියන ගණන් හොරා කන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1741 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site